X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 16 වන බදාදා


ජනනේන්ද්‍රි බද්ධය සාර්ථකයි

පිරිමි ජනනේද්‍රියක් බද්ධ කිරීමේ සැත්කමක් දකුණු අප්‍රිකාවේ දී ලොව මුල් වරට සාර්ථක වී ඇතැයි එම බද්ධය කරන ලද වෛද්‍ය ඇන්ඩ්රි වැන්ඩේර් මර්වේ පවසයි. ඔහු පවසා ඇත්තේ ජනනේන්ද්‍රිය බද්ධ කරනලද පුද්ගලයාගේ බිරිඳ ගැබ් ගෙන දැන් මාස හතරක් ගතවී ඇති බවයි.

බද්ධය සිදුකළ පුද්ගලයාගේ දැන් වයස අවුරුදු 21කි. කුඩා කාලයේ කළ වැරදි සුන්නත් කිරීමකින් ඔහුගේ ජනනේන්ද්‍රිය අහිමිවී තිබිණි. දකුණු අප්‍රිකාවේ ස්ටෙලන්බොෂ්ට් විශ්වවිද්‍යාලයේ සහ ටිජර්බර්ග් රෝහලේ ශල්‍ය වෛද්‍යවරුන් පැය නමයක සැත්කමකින් ඔහුට ජනනේන්ද්‍රියක් බද්ධ කරන ලදී.

වෛද්‍ය වැන් ඩර් මර්වෙ විදෙස් මාධ්‍යයන්ට පවසා ඇත්තේ මේ ශල්‍ය කර්මය සෑම අතනින්ම සාර්ථක වූ බව ඔහුට දාව දරුවකු පිළිසිඳ ගැනීමෙන් තහවුරු වූ බවයි. ඉන් තමන් මහත් සතුටට පත්වූ බව ද වෛද්‍යවරයා කියයි. එම සැත්කම සාර්ථක වූ බැවින් ඉදිරියේ දී මෙවැනි සැත්කම් කිරීමට තවත් ඉල්ලීම් ලැබෙනු ඇතැයි ද වෛද්‍යවරයා පවසා ඇත.

‘‘ ඔහුට වයස අවුරුදු 18 දී තමයි මේ වැරදි සුන්නත් කිරීම සිදුව තිබෙන්නේ. ඒ හේතුවෙන් ඔහුගේ ජනනේන්ද්‍රියේ සෙන්ටිමීටර එකක් පමණක් ඉතිරිව තිබිය දී අනෙක් කොටස අහිමිවී තිබුණා. වෙනත් පුද්ගලයකුගෙන් ප්‍රධානය කැරුණු ජනනේන්ද්‍රියක් අපි බද්ධ කළා. සියුම් රුධිර නාල හා ස්නායු එකිනෙක බද්ධ කරමින් ඉතා සියුම් ශල්‍ය කර්මයක් කළා. අපි මේ ශල්‍ය කර්මය කිරීමට පෙර චීනයේ මෙවැනි ශල්‍යකර්ම කර තිබුණත් ඒ ශල්‍ය කර්ම වලින් ශරීරට එක්කල නව කොටස සිරුර විසින්ම ප්‍රතික්ෂේප කැර තිබීම නිසා සාර්ථක වී තිබුණේ නැහැ. “

ජනනේන්ද්‍රිය බද්ධ කිරීමේ සැත්කම් දකුණු අප්‍රිකාවේ දී සාර්ථක වීම වසරකට සිය ගණනකට සැනසුමක් ගෙන දෙන්නක් බව ද විදෙස් මාධ්‍ය පවසයි. දකුණු අප්‍රිකාවේ පාරම්පරික චාරිත්‍ර අතර පුරුෂ ජනනේන්ද්‍රිය සුන්නත් කිරීමේ චාරිත්‍රය ද බහුලය. එහිදී වැරදි සුන්නත් කිරීම් හේතුවෙන් පිරිමින්ගේ සිය ගණනකගේ ජනනේන්ද්‍රිය අප්‍රාණික වීම හෝ සුන්නත් කිරීමේ උත්සවවල දී වසරකට සියයකට වැඩි පිරිසක් මියයාම සිදුවේ.

 

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (0)

ජනනේන්ද්‍රි බද්ධය සාර්ථකයි

නුවන් Friday, 12 June 2015 10:12 AM

කන්තාරෙන් ආපු ගෝත්‍රික ඇදහිලි ක්‍රමයකට ගොදුරු වෙච්ච තවත් අහිංසකයෙක්! (ස)

:       0       0

නදීක Friday, 12 June 2015 10:42 AM

මිනිසත් බව ලබා ඉපදුන මිනිසුන්ගේ මානව අයිතිවාසිකම් නොපෙනෙන බලවේගයක් පෙන්වා අමු ,අමුවේ උල්ලංගනය කරනවා. ඒ ගෑනු අයම කියනවා මේවා කරන්නේ කැමැත්තෙන් නොවේ ,තියෙන බයට කියල. (ස)

:       0       0

යසිරු Friday, 12 June 2015 12:44 PM

අද කාලේ වෛද්‍ය ක්ෂේත්‍රය බොහොම දියුණුයි (නි)

:       0       0

පහන් Friday, 12 June 2015 02:43 PM

ලංකාවේ දේශපාලනය තුලටත්ඔවැනි සැත්කම් අවශ්‍යයයි වගේ. (අ)

:       0       0

සෑම් Friday, 12 June 2015 10:25 PM

ලෝකයේ මෙතරම් දියුණු රටවල් තිබියදී ලොව පළමු හදවත් බද්ධ කිරීම සිදුකළෙත් දකුණු අප්‍රිකාවෙයි. 100% සාර්ථක ප්‍රතිඵල නොලැබුනොත් උසාවි ගිහින් වන්දි ඉල්ලන දියුණු රටවලට මේවා ආදර්ශයක්. (නි)

:       0       0

උපාලි Saturday, 13 June 2015 12:04 PM

ඔය කාන්තාව තමයි හරියටම දන්නේ සැත්කම සාර්ථකද කියල (බ)

:       0       0

සමන්ති Saturday, 13 June 2015 10:26 PM

මේක අර පොතේ තියෙනවානේ කරන්න කියලා.නැත්නම් අනන්‍යතාවය නැතිවෙනවා කියලා.(නදී)

:       0       0

කාමලිකා කරුණාතිලක Saturday, 13 June 2015 11:04 PM

මීළඟ මහා මැතිවරණයට පෙර ලංකාවේ කීප දෙනෙකුටත් සැත්කමක් කළොත් හොඳයි. (නදී)

:       0       0

සමන් Sunday, 14 June 2015 07:00 AM

හොඳ අදහසක් "කන්තාරෙන් ආපු ගෝත්‍රික ඇදහිලි ක්‍රමයකට ගොදුරු වෙච්ච තවත් අහිංසකයෙක්! (බ)"

:       0       0

සංදී Sunday, 14 June 2015 09:01 AM

නදීක සිංහල කෙල්ලෙක් ගෙන් අහල බලපන් (බ)

:       0       0

සම්පත් Sunday, 14 June 2015 09:02 AM

සියලුම රටවල් මේ ක්‍රියාව ජාති බේදයකින් තොරව කරනවා (නි)

:       0       0

සුරාජ් Sunday, 14 June 2015 02:37 PM

සංදී,ඔයාට කේන්ති ගියේ ඔයාටත් මේ වගේ සැත්කමක් කරන්න වෙලාද? (බ)

:       0       0

ජෙනී Sunday, 14 June 2015 06:29 PM

සමහරු අන්‍ය ආගමික ඇදහිලි විවේචනය කර අදහස් දාලා තිබෙනවා. මේක ගෝත්‍රික ඇදහිලි ක්‍රමයක් කියා කියනවා නම් පිළිම. ගස්, ගල් වලට වැඳුම් පිඳුම් කිරීමත් ගෝත්‍රික ඇදහිලි කියලා කියන්න පුළුවන්. මොකද සමහර ගෝත්‍රිකයෝ අතර එවැනි ඇදහිලි තිබෙනවා.එහෙම කියලා අන්‍ය ආගම් හෑල්ලුවට ලක්කිරීම හොඳ නැහැ (නි)

:       0       0

බටුගෙදර Monday, 15 June 2015 06:22 AM

ඊශ්‍රායලයේ ඔක්කොම මෙහෙම කරපු අයමයි ඉන්නේ. එතකොට ඒ අයත් ගෝත්‍රික ඇදහිලි කරන අයද? (නි)

:       0       0

යෝනක Monday, 15 June 2015 02:34 PM

අනේ අම්මපා අපේ අයටත් තිබෙන ප්‍රශ්න? (නි)

:       0       0

ජෙනී Tuesday, 16 June 2015 05:59 AM

මෙතන අලුතෙන් ලියන උදවිය දැනට භාවිත කරන නම් නැතිව වෙනත් නමක් පාවිච්චි කරන එක ආචාර ධර්ම වලට සුදුසුයි නේද ? මම දැන් අවුරුදු 4 ක සිට මේ නමින් ලියන්නේ . (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site