රටේ පවතින දේශපාලන අර්බුදය සම්බන්ධයෙන්, පාකිස්තාන ජනාධිපති අසීෆ් අලී සර්දාරි සහ එරට හමුදාපති අෆ්තාක් කයානී අතර මුහුණට මුහුණ හමුවක් පෙරේදා (14) පැවැත්විණි.. පාකිස්තාන ජනපති දුර්වල පාලකයකු යැයි පාකිස්තාන හමුදාව චෝදනා කරයි. ඔවුන් තරයේ කියා සිටින්නේ ජනපති සර්දාරි ධුරයෙන් ඉවත් විය යුතු බවය. එම හේතුව නිසා ජනාධිපති සර්දාරි මෙන්ම පාකිස්තාන අගමැති යූසොෆ් රාසා ගිලානි ද බිය පළ කරනුයේ යළිත් වරක් පාකිස්තානයේ හමුදා කුමන්ත්‍රණයක් සිදුවේවි කියාය. ජනපතිවරයා සහ හමුදාපති කයානී අතර හමුවක් පැවැත්වූයේ ද ඒ පිළිබඳ සාකච්ඡා කිරීමටය. හමුදා කුමන්ත්‍රණයක් ඇතිවේවි යන බිය නිසා ජනාධිපති සර්දාරි මීට මාස කිහිපයකට පෙර ඇමෙරිකා හමුදාවෙන් උදවු ඉල්ලා සන්දේශයක් යැවීය. හමුදා කුමන්ත්‍රණයක් ඇති වුව හොත් පාකිස්තාන හමුදාව අඩපණ කිරීමට ඇමෙරිකා හමුදාවේ සහාය පතන බව එම සන්දේශයෙහි සඳහන් විය. ජනාධිපතිවරයා එම සන්දේශය ඇමෙරිකා හමුදා ප්‍රධානීන්ට යැවුවේ එවකට ඇමෙරිකාවේ සිටි පාකිස්තාන තානාපති හුසේන් හක්කානීගේ මාර්ගයෙනි. ඒ පිළිබඳ අනාවරණය වීමත් සමඟ හක්කානී තානාපති ධුරයෙන් ද ඉවත් විය. එම සිද්ධිය පාකිස්තාන හමුදාවේ දැඩි විරෝධයට හේතු විය. පාකිස්තාන ආරක්ෂක ලේකම් විශ්‍රාමික ලූතිනන් ජනරාල් නයීම් කලීඞ් ලෝඞීගේ මාර්ගයෙන් පාකිස්තාන හමුදාව ශ්‍රේෂ්ඨාධිකරණය ලවා එම සන්දේශය සම්බන්ධ සිදුවීම ගැන පරීක්ෂණ ආරම්භ කළේය. ඒ සම්බන්ධ නඩු විභාගය ද මේ වනවිට පැවැත්වෙයි. එහෙත් අයථා අන්දමින් හා නීති විරෝධී ලෙස කි‍්‍රයා කිරීමත් එසේ කටයුතු කිරීමේදී රජයත් අධිකරණ පද්ධතියත් හමුදාවත් අතර අනවබෝධයක් ඇතිවීමත් යන චෝදනා මත ආරක්ෂක ලේකම්වරයා සිය තනතුරින් නෙරපා දැමීමට අගමැති ගිලානී මීට දින කිහිපයකට පෙර කටයුතු කළේය. පාකිස්තාන රජයේ අවසරයකින් තොරව ශ්‍රේෂ්ඨාධිකරණය පරීක්ෂණයක් පැවැත්වීම ආණ්ඩුකම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් යැයි පාකිස්තාන රජය චෝදනා කරයි. සිවිල් රජයක් පවතින පාකිස්තානයේ හමුදා කටයුතු සම්බන්ධ වගකීම් රැසක් බාරව සිටින ජේෂ්ඨතම සිවිල් නිලධාරියා ද ආරක්ෂක ලේකම්වරයාය. එපමණක් නොව පාකිස්තාන හමුදාවේ ප්‍රධානතම උපදේශකයා වන්නේද ඔහුය. මේ අතර යළිත් වරක් හමුදා කුමන්ත්‍රණයක් සිදුවුවහොත් එය වැළැක්වීමට බි්රතාන්යයේ සහාය තමන් අපේක්ෂා කරන බව පාකිස්තාන අගමැති යූසොෆ් රාසා ගිලානී ඉකුත් සිකුරාදා (13 වැනිදා) හදිසියේම ඉස්ලාමාබාද් නුවර බි්රතාන්ය මහ කොමසාරිස් ඇඩම් තොම්සන්ට අමතමින් ඉල්ලීමක් කළේය. බි්රතාන්ය තානාපති කාර්යාල ආරංචි මාර්ග පවසන අන්දමට පාකිස්තාන අගමැතිවරයා බි්රතාන්ය මහ කොමසාරිස්වරයා සමඟ කතාබහ කර ඇත්තේ ඉතා කනස්සල්ලෙනි. පාකිස්තාන අගමැතිවරයා හදිසියේම බි්රතාන්ය තානාපති කාර්යාලයට ඇමැතුමක් ගත් බව පාකිස්තාන අගමැති කාර්යාලයේ නම හෙළි කිරීමට අකමැති නිලධාරීන් කිහිප දෙනකු ද සනාථ කොට ඇත. පාකිස්තාන හමුදාව කුමන්ත්‍රණයක් සිදු නොකළහොත් ශ්‍රේෂ්ඨාධිකරණය හරහා සිවිල් නායකයන් නෙරපා දැමීමට පියවරක් ගනීවි යැයි තමා සැක කරන බව ද අගමැති ගිලානි එම අවස්ථාවේදී පවසා ඇත. වසර 64 ක් තරම් කෙටි ඉතිහාසයක් ඇති පාකිස්තානයේ හමුදා කුමන්ත්‍රණ මගින් ආණ්ඩු පෙරළීම් තුනක් සිදුවිය. අවසන් වරට හමුදා කුමන්ත්‍රණයක් සිදුවූයේ 1999 වසරේදීය. එවකට හමුදාපතිව සිටි පර්වේස් මුෂාරෆ් පාකිස්තාන ජනාධිපති ධුරයට පත්වූයේ ඉන් පසුවය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ජනපති-හමුදාපති සාකච්ඡා