X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 11 වන සිකුරාදා


ජපනාත් වහළට නඟී

ජපාන රජය රටේ ආරක්ෂක ප්‍රතිපත්තිය වෙනස් කළේයැයි විරෝධය පළ කළ ජපාන වැසියෙක් ටෝකියෝ නගරයේ ෂින්ජුකු දුම්රිය ස්ථානයේ වහලය මතට නැගී ගිණි තබාගත්තේය.

ගිණි තබා ගැනීමට පෙර හෙතෙම මෙගා ෆෝනයකින් ජනතාව ඇමතීය.ජපාන රජය ප්‍රතිපත්තීන් වෙනස් කරමින් සිටින්නේයැයි ඔහු චෝදනා කළේය.

ඔහු සම්පූර්ණ කාර්යාල ඇඳුමින් සැරසී සිටියේය.

ජනතාව අමතා අවසාන වූ පසු ඔහු පසෙක තිබූ පෙට්‍රල් යැයි සැක කෙරෙන ද්‍රවයක් ඇග මතට හළා ගෙන ගිණි තබා ගත්තේය.

ඒ වන විටත් එහි පැමිණ සිටි ගිනි නිවීම් භටයෝ ඔහු කරා ළගා වී ඔහුව පහළට ගෙන වතුර ගසා ගින්න නිවා දැමූහ.

බරපතළ තත්ත්වයේ සිටි ඔහු රෝහල් ගත කැරිණ.

කලාපයේ ආරක්ෂක කටයුතු වලට වඩා සක්‍රීයව හවුල්වීමේ අරමුණ ඇතිව ජපාන රජය සිය ආරක්ෂක ප්‍රතිපත්තිය වෙනස් කළේ මෑතකදීය.එයට හේතුව ලෙස ජපාන රජය දැක්වූයේ චීනයේ නැගී එන යුධ ශක්තියයි.

ප්‍රතිපත්තිය වෙනස් කිරීමට පෙර ගතවූ කාලයේ ජපානය කිසිදු ආකාරයේ යුධමය ක්‍රියාවකට හවුල් නොවූ අතර එක්සත් ජාතීන්ගේ මෙහෙයවීම යටතේ කලාපයේ සිදුකෙරෙන ආරක්ෂක අභ්‍යාසයන්ටද සහභාගී වීමෙන් වැළැකී සිටියේය.

නමුත් දැන් ජපානයටද සක්‍රිය ලෙස කලාපයේ ආරක්ෂක කටයුතු හා සම්බන්ධ වීමට හැක.

රජයේ තීරණය සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ විරෝධය පළව තිඛෙන අතර ජපාන විපක්ෂය ජපාන අගමැතිවරයාගේ නිල නිවස ඉදිරියේ විරෝධතාවක්ද පැවැත්වීය.

සියදිවි නසාගැනීම් ජපානයේ බහුලව සිදුවුණු යුගයක් තිබුණු අතර වර්තමානයේ එවන් තත්ත්වයක් නොමැත. සියදිවි නසාගැනීමටම වෙන්වුනු ‘හරා කිරි‘ ජපානයටම අනන්‍ය ක්‍රම තිඛෙන අතර එදවස එවන් ක්‍රම භාවිතයෙන් සිය දිවි නසාගත්තෝ බොහෝ දෙනා එසේ කළේ තම ගෞරවය වෙනුවෙන්ය.

මෙම සිදුවීමෙන් පසු තවත් මෙවැනි සිදුවීම් වාර්තා වෙයිදෝහෝයි විචාරකයෝ බිය පළ කරති.



අදහස් (0)

ජපනාත් වහළට නඟී

ගාමිණී - සිරි Friday, 04 July 2014 11:45 PM

ජපානයේ නිෂ්පාදන වියදම අධික නිසා ආයෝජන කලාප චීනයේ ආරම්භ කලේ අඩු මිලකට ශ්‍රමය ලබා ගත හැකි නිසයි. රටේ කර්මාන්තයට අවශ්‍ය චීන ශ්‍රමිකයින්ට වසර 2 විසා පවා දුන්නා. ජපන් වෙළඳ පොලේ 75% ක් පමණ චීන නිෂ්පාදන මිල අඩු නිසා චීනය සමග තිබු හොඳ හිත පලුදු උනේ දුපත් දෙකක හිමි කම් ප්‍රශ්නයයි. දෙවෙනි ලෝක යුද්ධයේ ගිවිසුම් මත රජයක් හැටියට යුධමය ශක්තීන් කෙරෙහි උනන්දුවක් නොදැක්වීම සාධාරණයි. එහෙත් රටේ ආර්ථිකය ගොඩ නැංවීමට ගන්නා උත්සාහය දුර්වලයි. රටේ වැඩපළවල්, කොම්පැනි බොහොමයක්ම වැසී ගියා. කොටස් වෙළඳ පල කඩා වැටුනා. කලකට පෙර, බංකොලොත්වූ කොම්පැනි අයිතිකරුවන් 3 දෙනෙක් එකට කතා වෙලා එකම හෝටලේ කාමර තුනක බඩ කපාගෙන සිය දිවි නසාගෙන ආත්ම ගරුත්වය පිණිස අවසන් කැමැත්ත ලියා තිබුනේ තමන් සතුව ඇති සකල දේපල විකුණා සේවකයින් වෙනුවෙන් ගෙවීමට ඇති සියලුම දීමනා ගෙවන ලෙසයි. අද රැකියා විරහිත භාවය ,ජීවන වියදම,ආර්ථික උද්ධමනය ඉහල ගිහින්.නොසිතු ලෙස. (නදී)

:       0       0

සමන්ති Monday, 07 July 2014 06:38 AM

"හරාකිරි" සැදී ඇත්තේ ජපන් බසින් "හරා" යනු බඩ "කිරි" යනු කපාගැනුම යන වචන දෙක එකතු කිරීමෙනි . මෙය කරනුයේ සෙනග සිටියදීය. කඩුවක් ගෙන බඩ කපාගනීමෙන් පසුව වේදනාවෙන් මියයාමට නොදී වෙනත් අයකු විසින් කඩුවකින් හිස කපා දමනු ලැබේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site