තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම්ගේ අයථා වත්කම් නඩුව ගැන කර්ණාටක මහාධිකරණය ලබාදුන් නඩු තීන්දුවේදී ගණිතමය වරදක් සිදුව ඇතැයි කර්ණාටක රජය සඳහන් කරන බව ඉන්දීය වාර්තා කියයි.
1991 වසරේ සිට 1996 දක්වා ජයලලිතාගේ වත්කම්වල වටිනාකම සමස්ත වත්කමින් 168%ක් වන බවත් මහාධිකරණය දුන් තීන්දුවේ එය 10%ක් ලෙස සටහන්ව ඇති බවත් ඔවුහු කියති. පසුගියදා ඇයට කර්ණාටක මහාධිකරණය දුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්ද ඉදිරිපත් කෙරිණි.
අයථා වත්කම් සම්බන්ධයෙන් ජයලලිතා ජයරාම් පසුගිය වසරේ සැප්තැම්බර් 27 වැනිදා බැංගලෝරයේ විශේෂ අධිකරණයක් මගින් සිව් වසරක සිරදඬුවම් නියම කර තිබූ අතර කර්ණාටක මහාධිකරණ ඇය නිදොස් කොට නිදහස් කළේ පසුගිය මැයි මාසයේදීය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ජයලලිතා යළිත් පරාජය වන ලකුණු?
අශෝක Wednesday, 24 June 2015 03:40 PM
කොහොමත් කොහෙත් තෝරු මෝරු නිදැල්ලෙනේ! හාල්මැස්සෝ තමයි කොටුකරන්නේ. (නි)
උපුල් Wednesday, 24 June 2015 05:11 PM
හොඳ ළකුණක්! (නි)
නන්දලාල්-ප්‍රංශය Wednesday, 24 June 2015 06:32 PM
පුදුම වැඩක් නේ මේක.... 168%....10% විදියට සඳහන් කිරීමට තරම් නුගත් අය මෙවැනි බරපතල අයථා වත්කම් නඩුවක් සම්බන්ධයෙන් තීරණය කිරීමට යොදාගැනීම ගැන ඉන්දීය මාධ්‍ය රජය වගකිවයුතු වෙනවා.නැත්නම් මේකත් ජයලලිතාගේ කුඨ උපක්‍රමයක් වෙන්න බැරිද?කොහොම වුණත් අලුතෙන් මෙය විභාග කිරීම කාලෝචිත වෙනවා.... (නි)
මොහොට්ටාල Wednesday, 24 June 2015 06:35 PM
එහෙම වුණොත් එයාට මොනවා වෙයිද? (නි)
සුරංග Thursday, 25 June 2015 02:06 AM
ඕකට තමයි නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියන්නේ (නදී)
කණිෂ්ක Thursday, 25 June 2015 02:53 AM
අපේ රටේ පුරුදු දැන් ඉන්දියාවටත් බෝවෙලාද කියලා හිතෙනවා (නි)
රෙජි-සිඩ්නි Thursday, 25 June 2015 05:06 AM
ඒ අය ඒ රටේ වැරදි කර කර ,අපේ රටේ වැරදි හොය හොයා ඉන්නවා .අනේ මෙහෙමත් ලෝකයක්. (ම)
පුරවැසියා Thursday, 25 June 2015 05:53 AM
කරන කලට පව් මිහිරිය මී සේ විදින කලට දුක් දැඩි වේ ගිනිසේ (ම)