පසුගියදා පැවැති යුරෝපා පාර්ලිමේන්තු මැතිවරනයෙන් ප්‍රංශයේ අන්ත දක්ෂිණාංශික ජාතිවාදි පක්ෂයට ආසන 24 ක ජයක් හිමිකර ගැනීමට හැකි විය.
මින් පෙර මැතිවරණයට වඩා ආසන 22ක් ජය ගැනීමට මෙවර ඔවුන්ට හැකි වුයේය. එම පක්ෂයේ මාධ්‍ය සාකච්ඡාවක් පසුගිය දින පැරීසියේ පැවැත් වීමට සැලසුම් කර තිබිණි.
කාන්තා හඬ වෙනුවෙන් උද්ඝෝෂණයේ යෙදෙන උඩුකය නිරුවත් කාන්තාවෝ එම සාකච්ඡාවට විරුද්ධව උද්ඝෝෂණ පැවැත්වීම හේතු කොට මාධ්‍ය සාකච්ඡාව අවලංගු කිරීමට සිදු වුයේය. පක්ෂයේ ප්‍රධානි මරී ලෙෆෙන් මහත්මිය දැඩි විවේචනයට ලක් කරමින් ”ඒකාධිපති ජාතිවාදියා” ,”ජාතිවාදි වසංගතය පතුරු වන්නා ” යනුවෙන් සටන් පාඨ ඇඟේ ලියාගෙන හිට්ලර් පන්නයේ උඩුරැවුල සංකේතවත් කළ උඩුකය නිරුවත් කාන්තාවෝ 24 දෙනෙක් මෙම උද්ඝෝෂණයට සහභාගිවී සිටියෝය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ජාති වාදයට විරුද්ධව උඩුකය පෙන්වයි
ජිලෝ Tuesday, 22 July 2014 06:52 AM
පිස්සියන්ගේ පිස්සු වැඩ. මේවාට උදවූ කරන පිස්සන් ලංකාවෙත් ඉන්නවා.අනුන්ගේ පහනින් එලිය බලලා පුරුදු අයට මේවා හොදයි . (අ)
චින්තා Thursday, 24 July 2014 11:21 AM
හැම නිදහසක්ම දුන්නම තමයි ඔය වගේ දේවල් වෙන්නේ. නීතියට අද ගරුකරනවා අඩුයි (නදී)
අසෝක Thursday, 24 July 2014 09:43 AM
ශාමෙන්, ඇයි එහෙම කියන්නේ අපේ පබා යු එන් පි චන්ද අරගෙන යු එන් පි එකට කොකා පෙන්නලා ඉතාමත් එඩිතරව අනෙක් පැත්තට පැන්නේ? (නදී)
සිරිසේන Wednesday, 23 July 2014 07:24 AM
කලකට පෙර ලංකාවෙත් කාන්තාවන් හිටියේ උඩුකය නිරුවත්ව.මගේ ආච්චිගේ අම්මා මියයන්න පෙර උඩුකය නිරුවත්ව හිටියා මට මතකයි. මේවා මැජික් කියලා හිතන අය තමන්ගෙන්ම අහලා බලන්න රාගික සිතුවිලි හැරෙන්න ඔබේ සිතේ වෙන කිසිම ජාතියක සිතුවිල්ලක් ඇතිවෙන්නේ නැද්ද කියලා (නි)
සිරිල් Wednesday, 23 July 2014 06:01 AM
බලන්න කොච්චර පරිසර හිතකාමී විනීත උද්ඝෝෂණයක්ද කියලා. අපේ රටේ නම් හෙදියොයි ගුරුවරියොයි බෝඩ් අල්ලාගෙන කොල කෑලි උස්සාගෙන කරන විකාර උද්ඝෝෂණ දැක්කම ලැජ්ජාත් හිතෙනවා. වෙන ඕනෑම එකක් ආවොත් කොපි කරනවා, මේවගේ ඵලදායී දේවල් කොපි කරන්න කැමති නැහැ. (නි)
සමන්ති Tuesday, 22 July 2014 11:45 PM
අපි පොඩි කාලේදී දැකලා තියෙනවා සමහර කුලවල කාන්තාවන් උඩුකය විවෘතව තබාගෙන ඉන්නවා.හැබැයි කිසිම ගැටළුවක් තිබුනේ නැහැ (නි)
නිහාල් විතානගේ Tuesday, 22 July 2014 03:56 PM
මෙහෙ සුද්දියෝ ඉන්නෙම අඩනුරුවතින්,(අ)
කේ.බී පෙරේරා Tuesday, 22 July 2014 03:31 PM
මෙහෙ තියෙන දේවල් වලටනම් උඩුකය පෙන්නලා මදි. (අ)
කුසුම් Tuesday, 22 July 2014 01:16 PM
මෙවැනි දේවල් ගැන විචක්ෂණ ශීලිව හිතන්නේ කොහොමද?(අ)
සනත් Tuesday, 22 July 2014 12:49 PM
මොන දිහාවක් වුණත් ටික වෙලාවයි බලාඉන්න පුළුවන්. ඊට පස්සේ ඒකත් සාමාන්‍ය දෙයක් වෙනවා. (නි)
මර්සි ලංකා Tuesday, 22 July 2014 12:33 PM
මීගමුවේදී මම එක්වරක් මගේ සියැසින් දුටුවා මෙවැනි දෙයක් (නි)
දයා අළහකෝන් Tuesday, 22 July 2014 11:02 AM
අපොයි! උඩුකය නොවෙයි, මුළු සිරුරම පෙන්වන්න කැමති කාන්තාවන් ලංකාවේ ඉන්නවා. (නි)
රත්නායක වීරකැටිය Tuesday, 22 July 2014 10:24 AM
බුදු අම්මෝ! මට හිතෙනවා මේවා දැකලා අපේ රටේ ගැහැණුත් නරක්වෙයිද කියලා (නි)
සමාධි Tuesday, 22 July 2014 08:27 AM
වැදගත් විදියට ඇඳලා හිටියා නම් ඔය නෝනලා ටික දිහා කවුරුත් එච්චර උනන්දුවෙන් බලයිද?ඔහොම හිටියම උද්ඝෝෂණය මොකක් වුණත් මොකද කියලා ඔතනින් යන එන මහත්වරු ටිකක් හරි එයාලා දිහා බලනවානේ. මම කියන්නේ හිතලම බැලුවේ නැතත් නිකම් හරි බැලෙනවානේ (නි)
මාදුවගේ ලක්ෂ්මන් Tuesday, 22 July 2014 08:17 AM
අපේ රටෙත් කාන්තාවන් ඔවුන්ගේ විරෝධතා දැක්වීමට මේ විදියට කටයුතු කිරීම ඔවුන්ගේ ඉල්ලීම් දින ගතහැකි මාර්ගයක් (නි)
ශාමෙන් Sunday, 20 July 2014 11:43 AM
මේ වගේ විරෝධතාවයක් කරන්න තරම් එඩිතර කාන්තාවන් ලංකාවේ ඉන්නවද? (නි)
ඉසුරන්දි Tuesday, 22 July 2014 05:51 AM
මාර සතුටක් ලබන්න ඇති හතර වටින් බලන් හිටිය අය. (අ)
ජනක Tuesday, 22 July 2014 04:50 AM
වැඩේ නම් ලස්සනයි. (අ)
කුසුම් Monday, 21 July 2014 03:07 PM
මේ අය කරන වැඩ ගැන ටිකක් හිතල බලන්න කෝ.(අ)
මහරුෆ් Monday, 21 July 2014 02:52 PM
ලංකාවේ තියන උද්ඝෝෂණ හා වැඩවර්ජන බලලාම අප්‍රසන්න වෙලා ඇයි හැමදාම කොහේහරි ඉස්පිරිතාලෙක කුමක්හෝ කාරණයකට උද්ඝෝෂණ හෝ වැඩවර්ජනක්.හැබැයි ඉස්පිරිතාලවල වැඩ කරන අය මේතාලෙට උද්ඝෝෂණ කරනවානම් අපිත් ගිහින් සහයෝගය දෙනවනේ. (අ)
මහරුෆ් Monday, 21 July 2014 02:52 PM
ලංකාවේ තියන උද්ඝෝෂණ හා වැඩවර්ජන බලලාම අප්‍රසන්න වෙලා ඇයි හැමදාම කොහේහරි ඉස්පිරිතාලෙක කුමක්හෝ කාරණයකට උද්ඝෝෂණ හෝ වැඩවර්ජනයක්.හැබැයි ඉස්පිරිතාලවල වැඩ කරන අය මේතාලෙට උද්ඝෝෂණ කරනවානම් අපිත් ගිහින් සහයෝගය දෙනවනේ. (අ)
සුනිල් Monday, 21 July 2014 01:16 PM
මේගොල්ලන්ට විරෝධය පවත්වන්න වෙන විදියක් තිබුනෙම නැද්ද? (නි)
හැරල්ඩ් Monday, 21 July 2014 04:41 AM
මේ ක්‍රමය සෞඛ්‍යය සේවාවට ආවොත් හැමදාම වගේ ඉන්න වෙන්නේ උඩ කොටස නැතුව (නි)
ඇසළ Monday, 21 July 2014 04:29 AM
අපේ රටේ කළා නම්... (නි)
එමානුවෙල් Monday, 21 July 2014 02:02 AM
උඩුකය මඟින් මොකද මෙහෙම කරන්නේ? (නි)
වසන්ත Sunday, 20 July 2014 05:50 PM
අපේ රටේ නැහැනේ මෙහෙම දේවල්? (නි)
මාලිකා Sunday, 20 July 2014 05:23 PM
ලස්සන කාන්තාවන් සිටින රටක් (නි)
ගාමිණී - සිරි Sunday, 20 July 2014 02:53 PM
ආපසු වැදී යුගයක් කරා පියනගන්නටද නවීන කාන්තාවන් පෙළ ගැසෙන්නේ? අපිට බය ආසියාවටත් මේ රෝග පතුරුවයිද කියායි (නි)
මංජුල Sunday, 20 July 2014 12:35 PM
අනේ මෙහෙමත් දේවල්! (නි)
සේනක Sunday, 20 July 2014 12:02 PM
ජාතිවාදය වසංගතයක් වුවත් එය හැමතැනම තියෙනවා. වඩාත් කණගාටුදායක කාරණය වන්නේ ඒකට තියෙන ඉල්ලුම වැඩිවීම. (නි)