සිරියානු අර්බුදය විසඳීම සම්බන්ධයෙන් නව සාම යෝජනාවලියක් ද සමඟ ජිනීවාහි පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර සාම සමුළුවට සහභාගී වීමට තමන් සූදානමින් සිටින නමුත්, තම රජය පෙරැළීමට උත්සහ කරන ‘ත්රස්තවාදීන්’ සමඟ සාකච්ඡා කිරීමට තමන්ට කිසිදු අවශ්‍යතාවක් නැතැයි සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් කියා සිටී.
සිරියානු ජනපති අසාද් දිගින් දිගටම කියා සිටින්නේ, තම රටේ ප්රචණ්ඩ කි‍්‍රයා සිදු කරන්නේ අල් කයිඩාවට සම්බන්ධ සුන්නි මුස්ලිම් ත්රස්තවාදීන් කියාය.
වසර දෙකකට වැඩි කාලයක් දිග්ගැස්සෙමින් පවතින සිරියානු අර්බුදය මේ වනවිට සුන්නි සහ ෂියා මුස්ලිම් ගැටුමක්් බවට පත් වී ඇත. සිරියාවේ ගැටුම්වලින් 1,20,000 ක් මියගොස් ඇති බවත්, මිලියන 7.8 කට උන්හිටිතැන් අහිමි වී ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කර ඇත.
ස්විට්සර්ලන්තයේ, ජිනීවා නුවර පැවැත්වීමට නියමිත අන්තර්ජාතික සාම සමුළුව පැවැත්වෙන්නේ අන්තර්ජාතික ප්‍රජාවගේ ද එකමුතුවෙනි. සමුළුවේදී සිරියානු අර්බුදය සාකච්ඡුා කෙරෙන්නේ නම්, සිරියානු රජය සහ කැරැුලිකාර පාර්ශ්වයේ ‘සැබෑ දේශපාලන නියෝජිතයන්’ මෙන්ම සිරියානු රජයට සහාය දක්වන ඉරානය ද ඊට සම්බන්ධ කරගත යුතු යැයි රුසියාව පවසා ඇත. සිරියානු අර්බුදයේදී සිරියානු රජයට සහාය දෙන්නේ රුසියාවය.
සිරියාවේ ‘ත්‍රස්තවාදී’ කටයුතු සම්බන්ධයෙන් අසල්වැසි තුර්කිය ද වගකිව යුතු යැයි, සිරියානු ජනපති අසාද් චෝදනා කර ඇත. නේටෝ සාමාජික රටක් ද වන තුර්කියේ සහාය පළ වන්නේ සිරියානු කැරැලිකාර පාර්ශ්වයටය. කෙසේ නමුත් සිරියානු අර්බුදයට ප්රජාතන්ත්රවාදී දේශපාලන විසඳුමක් සෙවීමට එක් වී කටයුතු කරන බව ඉරානය සහ තුර්කිය අවධාරණය කර ඇත.
මේ වනවිට සිරියානු රජයත් රුසියාවත් එක් වී ඇමෙරිකාව සමඟ සාකච්ඡුා කර, සිරියානු රජයේ රසායනික අවි තොග අන්තර් ජාතික පාලනයකට නතු කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව, එක්සත් ජාතීන්ගේ අවි නිරීක්ෂකයෝ සිරියාවට පැමිණ සිරියානු රජයේ රසායනික අවි ඇති ස්ථාන වෙත ගොස් ඒවා පරීක්ෂාවට ලක් කිරීම ද ආරම්භ වී ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ජිනීවා සාම සමුළුවට සහභාගී වෙන්න සූදානම්
කුමාරි Tuesday, 08 October 2013 10:35 AM
දන්නෙ නැති නිසයි අහන්නෙ. මේ සියා මුස්ලිම්, සුන්නි මුස්ලිම් දෙකේ වෙනස මොකක්ද? කරුණාකර මුස්ලිම් සහෝදරයෙක් පැහැදිලි කරනවද?? (ස)
ඉෂාක් Tuesday, 08 October 2013 11:12 AM
කුමාරි සියා මුස්ලිම් කියන්නේ ඉස්ලාම් ආගම අදහන්නේ නැති තමුන්ගේ අදහස් ආගමට ඇතුලත් කරගත් කොට්ටාශයක් ඔවුන් මුසල්මානුවන් නෙමෙයි (නදී)
උපුල් Tuesday, 08 October 2013 11:35 AM
කාටද කියන්න පුළුවන් කවුද වැඩියෙන් භක්තිමත් කියලා? අනිත් කෙනා හරි කියන්න අපි කවුද? (නි)
උදය Tuesday, 08 October 2013 12:26 PM
ඉෂාක්, කියන විදිහට සුන්නි මුස්ලිම් නියම මුස්ලිම්. ඒ වගේම ලෝකේ වැඩියම අපරාධ වලට සම්බන්ධ සුන්නි මුස්ලිම්. ෂියා මුස්ලිම් රටවල් ගොඩක් ලෝකයට සේවය කරපු මිනිස්සු ඉන්න රටවල්. (ස)
ලුම්බිණි Tuesday, 08 October 2013 02:20 PM
අසාද් එක්ක මොනවා කතා කරන්නද? (ස)