ටයරයක හුලං ගොස් ඇති බවට සැකකරණු ලැබු මගී ගුවන් යානයක් නෝර්වේ රාජ්‍යයට ඉහළ අහසේ පැය තුනක් පමණ රවුම් ගසමින් පියාසර කර පසුව එරට ඔස්ලෝ ගුවන් තොටුපොළට ගොඩ බස්වා ඇතැයි ඩේලි මේල් පුවත් සේවය පවසයි.
එය ගොඩ බැස්සවීමට පෙර ගුවනේ රවුම් ගසා ඇත්තේ එහි ටැංකි වල ගබඩා කර තිබු ඉන්ධන අවසන් කැර ගැනීමේ අරමුණෙනි. නෝර්වේඑයා ගුවන් සේවයට අයත් අංක ඒ 321 නමැති මේ යානයේ කාර්ය මණ්ඩලයට අමතරව මගීන් 200ක් සිටි බව ද දැනගන්නට ඇත.
ගුවන් බලධාරින් පවසන්නේ යානය ගුවන්ගත වන අවස්ථාවේ ටයරය සිදුරුවී එහි වාතය පිටතට ගිය බවයි. රෝදයේ හුළං නොමැතිව යානය ගොඩබැස්සවීමට යාමේ දී යානය අනතුරට පත්වුවහොත් ඉන්ධන සමග පුපුරා යාමේ අවධානමක් ඇති බැවින් මෙලෙස අමතර කාලයක් පියාසර කරමින් ඉන්ධන අවසන් කර ඇත.
යානය ගොඩබැස්සවීමට සූදානම් වෙද්දී ගුවන් තොටුපොළේ ඇතිවන ඕනෑම හදිසි අවස්ථාවකට මුහුණ දීමට සුදානමින් සිටි බව පැවසේ
මෙම යානය ඔස්ලෝ ගුවන් තොටුපලට බැස්සවු පසු එහි මාධ්‍ය නිලධාරි ලැසි ඇන්ඩ්රි වැන්ග්ස්ටින් මාධ්‍යයට කියා ඇත්තේ ‘‘මට හරි සතුටුයි එම ගුවන් යානය කිසිම වරදක සේයාවක් හෝ නොදක්වා සාමාන්‍ය පරිදි ගොඩ බැස්සුවා “ යනුවෙනි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ටයරයේ හුළං නැතිව යානය බස්සයි
ඉසුරන්දි Tuesday, 02 September 2014 04:34 AM
සියල්ලෝම වාසනාවන්තයි. (නි)
සෑම් Tuesday, 02 September 2014 07:37 AM
තෙල් ඉවතට හලන (ෆියුල් ඩම්ප් මිකැනිසම්) එකත් වැඩ කරන්නේ නැද්ද?? (නි)
සුපුන් Tuesday, 02 September 2014 11:28 AM
දක්ෂ ගුවන් ගුවන් නියමුවෙක්. ජීවිත රැසක් බේරාගත්තා (නි)
එරංග Tuesday, 02 September 2014 12:50 PM
ගුවන් යානා වලට අපල කාලයක්... (නි)
චාමර අනුර සම්පත් Tuesday, 02 September 2014 01:49 PM
නඩත්තුවේ හොඳකම තමා (නි)
අජිත් කරුණාරත්න Wednesday, 03 September 2014 03:18 AM
මෙහි ගමන් කළ සියල්ලන්ම වාසනාවන්තයෝය. ගුවන් නියමුවාගේ දක්ෂතාවය අගය කරමු. මෙන්න මේවාට තමයි සම්මාන පිරිනමන්න ඕනෑ (නි).
ගීත් Wednesday, 03 September 2014 09:20 AM
සෑම්, තෙල් ඉවතට හලන (ෆියුල් ඩම්ප් මිකැනිසම්) භාවිතා කළද ඒ සඳහා සැළකිය යුතු කාලයක් ගතවේ. තවද තෙල් ඉවතට හැලීමද සිතුමතේට කළ නොහැකි වන්නේ ඒ සඳහා ගුවන් යානය ගමන් කරන මාර්ගය, උස, කාලගුණය, අසළින් පියාසර කරන යානා, සහ පාලක මැදිරියේ අවසර ලබාගැනීම සහ තව කරුණු සම්පුර්ණ විය යුතු නිසාවෙනි. (නි)
සුසන්ත - ඉතාලිය Thursday, 04 September 2014 10:29 AM
අනික සෑම් තෙල් ඉවත හළන එක හිතු මනාපෙට කරන්න පුළුවන් වැඩක් නෙවෙයිනේ. (නදී)
ඡන්න Thursday, 04 September 2014 03:33 PM
අපරාදේ තෙල් ටික (නදී)
සංජීව Thursday, 04 September 2014 07:59 PM
බොහොම දක්ෂ නියමුවෙක් (නි)
හේවාවිතාරණ Thursday, 04 September 2014 08:38 PM
ඉතින් උඩදීම "ස්පෙයා වීල්"එක දාගන්න තිබුනනේ (නි)
මැක්සි Thursday, 04 September 2014 08:59 PM
අපේ රටේ ඉන්නවා මීටවැඩිය වැඩකාරයෝ. කිවුවා නම් බ්ලූටූත් වලින් හරි ඇදලා යානය බස්සවයි (නි)
වාසනා Monday, 08 September 2014 07:59 AM
හොද දක්ෂ ගුවන් නියමුවෙක් (නදී)