ටියුනීසියාවේ පසුගිය වසරේ ආරම්භ වූ ජනතා උද්ඝෝෂණ මර්දනය කිරීමට යෑමේදී, සිදුවූ මිනිස් ඝාතන සම්බන්ධයෙන් එවකට ජනපති ධුරය හෙබවූ බෙන් අලීට එරට අධිකරණයක් මගින් ජීවිතාන්ත සිර දඬුවමක් පෙරේදා (13) පනවනු ලැබීය. ජනතා විරෝධය හමුවේ ධුරයෙන් ඉවත් වූ ජනපති බෙන් අලී, බිරිය ද සමඟ සෞදි අරාබියට පලා ගියේය. මේ වනවිටත් ඔහු සිටින්නේ සෞදි අරාබියේය. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ද අයහපත් අතට හැරී ඇතැයි මාධ්‍ය වාර්තා කරයි. ටියුනීසියා අපරාධ අධිකරණය නඩු විභාගය පවත්වන ලද්දේ බෙන් අලීගේ සහභාගීත්වයෙන් තොරවය. අලීගේ අභ්‍යන්තර කටයුතු ඇමැති සෆීක් බෙල්හාජ් සහ බෙන් අලීගේ සමීපතමයන් කිහිප දෙනකුටද වසර 15 බැගින් සිර දඬුවම් හිමිවිය. කෙසේ නමුත් බෙන් අලීගේ ප‍්‍රධාන ආරක්ෂක නිලධාරී සහ එරට කැරැුලි මර්දන පොලිසියේ ප‍්‍රධානී මොනෝසෙෆ්ට එරෙහිව ඉදිරිපත් කරන ලද චෝදනා අධිකරණය විසින් නිෂ්ප‍්‍රභ කෙරුණි. මෙය ටියුනීසියා ජනතාවගේ දැඩි කෝපයට හේතු වී ඇත. මේ නිසා යළිත් වරක් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ඇවිළී යෑමේ අවදානමක් ද හට ගෙන තිබේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ටියුනීසියා හිටපු ජනපතිට ජීවිතාන්ත සිර දඬුවමක්