බංග්ලාදේශයේ ඩකා අගනුවර ඇඟලූම් කම්හලක ඊයේ (25) හටගත් ගින්නකින් 104 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ගින්නට හසුවී පිළිස්සී තුවාල ලැබීමෙන් සහ දුම් ආඝ‍්‍රාණය වීමෙන් රෝහල් ගත කළ ගණන ද 100 කට වැඩිය.
ගින්න හටගත්තේ ඩකා නුවරට කිලෝමීටර 30ක් ඔබ්බෙන් පිහිටි තස්රීන් ෆැෂන් නමැති මහල් නවයකින් යුත් ඇගලූම් කම්හලක බිම් මහලෙනි. එය වේගයෙන් ඉහළට පැතිරී යෑමත් සමඟ ඉහළ මහලවල සිටි සේවක සේවිකාවෝ ගින්නට කොටු වූහ.
මියගිය පිරිසෙන් ඇතැමුන් ගින්නෙන් බේරීමට ඉහළ මහල්වල සිට බිමට පැන ඇතැයි පොලිසිය පවසයි.
පිළිස්සුම් තුවාල ලැබූවන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතළ බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් ඩකා රෝහල් ආරංචි මාර්ග පවසයි.
සිද්ධියට හේතුව සම්බන්ධයෙන් තමා කිසිවක් නොදන්නා බව පැවසූ ඇඟලූම් කම්හලේ හිමිකරු කම්හල් පරිශ‍්‍රය අනාරක්ෂිත බවට එල්ල වූ චෝදනා ප‍්‍රතික්ෂේප කළේය.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර ගින්න නිවා දැමීමට ගිනි නිවන හමුදා භටයන්ට පැය පහක් ගත වී ඇත. ගින්නට හේතුව කුමක්දැයි සෙවීමේ පරීක්ෂණ මේ වනවිට ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඩකා නුවර ඇඟලූම් කම්හලේ ගින්නට 104 දෙනෙක් බිලිවෙති
ෂෙරිෆ් Monday, 26 November 2012 08:19 PM
බේරා ගන්න අවස්තාවක් තිබ්බේ නැද්ද (දී)
සුරවීර Wednesday, 28 November 2012 01:00 PM
මොහොමඩ්, බුදු පිළිම නෙමෙයි, ඕනෑම ආගමක් විනාශ කරන්න හැදුවොත් කාට වුණත් දඩුවම් ලැබෙනවා. (නි)
රංජිත් Wednesday, 28 November 2012 12:14 AM
මොහොමඩ් ,බුදු පිළිම කැඩුවහම ඔහොම වෙනවා... (ස)
ජනත් Tuesday, 27 November 2012 06:11 PM
මෙයාලට පිස්සු (ස)
රසික Tuesday, 27 November 2012 05:00 PM
කනගාටුයි
භාතිය Tuesday, 27 November 2012 04:58 PM
පව් අප්පා ඒ මිනිස්සු (දී)
රිෆයි Tuesday, 27 November 2012 12:59 PM
මධූ, අන්න කච්චේරිය ගිනිගන්නවා. හේතුව කියන්නකෝ බලන්න. (නි)
බණ්ඩාර Tuesday, 27 November 2012 11:28 AM
ඒ මිනිස්සු මොන දුකක් විදින්න ඇතිද බේරෙන්න (දී)
නිශාන් Tuesday, 27 November 2012 04:47 AM
104ක් කියන්නේ ලොකු ප්‍රමාණයක් (දී)
නුශ්කි Tuesday, 27 November 2012 04:42 AM
කනගාටුයි...කනගාටුයි...
වරුණ Monday, 26 November 2012 11:31 PM
නිවන් සුව ලැබේවා ඔබලාට (දී)
අනුර Monday, 26 November 2012 11:23 AM
ඔන්න බුදු පිළිම කඩන රටේ වෙන දේවල්. මොනවා උනත් අසරණ සේවකයින්ට නිවන් සැප ලැබේවා (ස)
ලලිත් Monday, 26 November 2012 07:26 PM
ලංකාව් කි දෙනෙක් අහු වෙලාද (දී)
නිශාර්ඩ් Monday, 26 November 2012 06:11 PM
කනගාටු දායක පුවතක්
මොහොමඩ් Monday, 26 November 2012 02:11 PM
බංගලාදේශයේ හැමදාම ඇගලුම් කම්හල් ගිනි ගන්නව තමයි..බුදු පිලිම කඩන්න ඉස්සෙල්ලත් ගිනි ගත්ත තමයි..ඔය පිලිම කැඩුවට ඔහොම ගිනිගන්නවනම් මොනවද කරන්න බැරි... (ස)
මුතුකුඩ Monday, 26 November 2012 02:01 PM
ඇයි ඒතකොට ලංකාවේ නිධාන ගන්න කඩපු බුදුපිළිම නායක ස්වාමින් වහන්සේලාව ඝාතනය කරපුවා මතක නැද්ද? (ස)
නීල් Monday, 26 November 2012 01:31 PM
මිය ගිය සියල්ලන්ටම නිවන් සුව
නන්දලාල් Monday, 26 November 2012 01:23 PM
මට ගොඩාක් දුකයි
මාලිංග Monday, 26 November 2012 01:29 PM
මොකද්ද ඒ ගින්නට හේතුව
චුලන්ත Monday, 26 November 2012 01:28 PM
නිවන් සුව පතනවා මිය ගිය සැමදෙනාටම (දී)
මධූ Monday, 26 November 2012 01:04 PM
බුද්ධාගම වනසන්න හදන අයට මෙහෙම තමයි වෙන්නේ (ස)