ඇමෙරිකා නියමුවන් රහිත ඩ්‍රෝන යානා ඊයේ (24) එල්ල කළ මිසයිල ප්‍රහාර දෙකකින් තලේබාන් සටන්කාමීහු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තවත් දස දෙනෙක් තුවාල ලැබූහ. ප්‍රහාරය එල්ල වූයේ වයඹ දිග පාකිස්තානයට අයත් උතුරු වසිරිස්තානයේ, ඇෆ්ගන්/පාකිස්තාන දේශසීමාවේ පිහිටි හසෝකෙල් නමැති කුඩා නගරයේ තලේබාන් තිප්පොළකටය. හසෝකෙල් නගරය පිහිටා ඇත්තේ වසිරිස්තානයේ ප්‍රධාන නගරය වන මිරන්ෂා සිට කිලෝ මීටර් 25 ක් දුරිනි. ඇමෙරිකා ඩ්‍රෝන යානා එම ප්‍රහාරය එල්ල කළේ බුද්ධි අංශ තොරතුරු පාදක කරගනිමින්ය. ප්‍රහාරය සියයට සියයක්ම සාර්ථක වූ බව ඇමෙරිකා ආරක්ෂක අංශ පවසයි. වයඹ දිග පාකිස්තානයට අයත් උතුරු වසිරිස්තාන ප්‍රදේශය තලේබාන් සටන්කාමීන්ගේ තෝතැන්නකි. හකානි නැමැති ඉස්ලාමීය සටන්කාමීන් සැඟව සිටින්නේ ද මෙම ප්රදේශයේය. ඇෆ්ගනිස්තානයේත් පාකිස්තානයේත් ප්රචණ්ඩ කි‍්‍රයා සිදු කරන තලේබාන් සටන්කාමීන්ට හකානි සටන්කාමීන්ගේ සහාය හිමිවේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඩ්‍රෝන ප්‍රහාරයකින් පාකිස්තානයේ තලේබාන් සටන්කාමීහු 5 ක් මරුට