ඩුබායි අල් ගර්හුඩ්හිදී නව භාවනා මධ්‍යස්ථානයක් මේ මස 29 වැනි සිකුරාදා පෙරවරු 9.30 ට විවෘත කිරීම සඳහා "ශ්‍රී ලංකාරාම භාවනා මධ්‍යස්ථාන දායක කමිටුව" කටයුතු යොදා ඇතිබව දායක කමිටුව වෙනුවෙන් සුරනාත් කාලිංග කියයි.
මැදපෙරදිග රටක බෞද්ධ භාවනා මධ්‍යස්ථානයක් ආරම්භකෙරෙන ප්‍රථම අවස්තාව මෙයයි.
භාවනා නධ්‍යස්ථානය ආරම්භ කිරීමේ සමාරම්භක පිංකම පැවැත්වෙන්නේ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති පුජ්‍ය මීරහවත්තේ පඤ්ඤාසිරි හිමියන්ගේ අනුශාසකත්වයෙනි.
"මව්බිමෙන් සැතපුම් දහස් ගණනක් දුර බැහැර රටක ජීවත්වන බෞද්ධයන් හැටියට අප සියලුම දෙනාගේම අධ්‍යාත්මික ගුණවගාව වර්ධනය කිරීම අරමුණ කොට ඒසඳහා අවශ්‍ය මඟ පෙන්වීම සැපයීම අපගේ මුලික අරමුණ" බව කාලිංග පවසයි.
අංක 38 ඒ 29 වීදිය, අල් ගර්හුඩ් පෙදෙස, ඩුබායි නව භාවනා මධ්‍යස්ථානයේ ලිපිනයයි. පිංකම සහ භාවනා පන්ති පිළිබඳවත් අනෙකුත් විස්තරත් 0506351774 යන දුරකථන අංකයෙන් ලබාගත හැකි බවත් ඔහු කියයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඩුබායි නුවරට නව භාවනා මධ්‍යස්ථානයක්
ගුණසිරි Wednesday, 27 January 2016 07:48 AM
සාදු සාදු සාදු ! (කෞ)
සංජීව - හොරණ Wednesday, 27 January 2016 09:31 AM
ඉතාමත් උතුම් කාලෝචිත ක්‍රියාවක්.. මෙයට සම්බන්ධ වී තිලක් ඩුබායි මහතාගේ සිතෙහි හටගත්තාවූ ද්වේශය , මෝහය නිමාවට පත්වේවා.. !. සියලු සත්වයෝ සුවපත් වෙත්වා..! .(බ)
චතුරි Wednesday, 27 January 2016 12:43 PM
කරන දෙයක් නිතියානු කුලව කරන,මැදපෙරදිග කොයි රටත් පොඩි වැරැද්දට එල්ලන්න බලන් ඉන්නේ (කෞ)
රංග Wednesday, 27 January 2016 01:23 PM
අපට වටිනාම දෙයක්. (බ)
ගුණසිරි Wednesday, 27 January 2016 05:51 PM
සංජිව, කෙසේවෙතත් ඔබේ පැතුම අති විශිෂ්ටයි! (නි)
කුමාර Thursday, 28 January 2016 01:15 PM
ඩුබායිවල පලමුවෙනි භාවනා අසපුව (මහමෙව්නාව ) දැනට අවුරුදු පහකට පෙර ආරම්භ වු අතර, ඩුබායිවල සිටින ශ්‍රි ලාංකිකයන් ඉතා ශ්‍රද්ධාවෙන් දිනපතා දන් පැන් දී, අපට අහිමිවී තිබුන ඒ නිර්මල පිරිසිදු ශ්‍රි සද්ධර්මය ඉගෙන ගනිමින්, පුරුදු කරමින් සිට්ති. සාදු.. සාදු..! සාදු...!!!(කෞ)
ශ්‍රීමාලි Thursday, 28 January 2016 06:36 PM
අපි මධ්‍යස්ථව හිතමු. ඩුබායි රටෙන් ඇවිල්ලා කොළඹ මොකක්හරි මුස්ලිම් ආගමික මධ්‍යස්ථානයක් ඇරියොත් අපේ රටේ ස්වාමින් වහන්සේලා මොන විදියට හැසිරෙයිද? දැන් කාලේ වෙන දේවල් දැක්කහම මට අවංකවම මේ දෙය හිතුණා. (නි)