ඇෆ්ගන් සංග‍්‍රාමයට වසර 10 ක් සපිරී ඇති නමුත්, තලේබාන් සටන්කාමීන්ගේ ප‍්‍රහාරවල කිසිදු අඩුවක් දක්නට නැතැයි නේටෝ හමුදාව ප‍්‍රකාශ කරයි.
නේටෝ හමුදාව 2011 - 2012 වසරවල ප‍්‍රගතිය සම්බන්ධ වාර්තාවක් පසුගිය දා එළිදැක්වූ අතර එහි සඳහන් වූයේ එම කාලයේ තලේබාන් ප‍්‍රහාරවල අඩුවක් දක්නට ලැබුණු බවය. කෙසේ නමුත් එම වාර්තාවේ සඳහන් සංඛ්‍යා ලේඛන වැරදි බවත්, තලේබාන් ප‍්‍රහාර පහත වැටී නැති බවත් නේටෝ හමුදාව වෙනුවෙන් එහි ප‍්‍රකාශක ජේමී ගේ‍්‍රබීල් පවසා ඇත.
මේ අතර ඊයේ (27) උදෑසන හමුදා සෙබළුන් පිරිසක් රැගෙන යමින් තිබුණු බස් රියකට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල විය. ප‍්‍රහාරය එල්ල වූයේ කාබුල් අගනුවරදීය. එයින් ඇෆ්ගන් හමුදා සෙබළු 6 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් කිහිප දෙනෙක් තුවාල ලැබූහ.
ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝ හමුදාව ඇෆ්ගනිස්තානය ආක‍්‍රමණය කළේ 2001 වසර අවසානයේදීය. ඒ, 2001 සැප්තැම්බර් 11 වැනිදා ප‍්‍රහාරයෙන් පසු අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් ඇෆ්ගනිස්තානයට පැමිණ සැඟවීමත් එවකට පැවැති තලේබාන් රජයෙන් ඔහුට සහාය හිමිවීමත් සමඟය.
විදෙස් හමුදා තලේබාන් පාලනය පෙරළා දමා ඔවුන්ට හිතැති පාලනයක් පිහිටුවීය. හමීඞ් කර්සායි ඇෆ්ගනිස්තානයේ ජනපති ධුරයට පත් වූයේ ඒ අනුවය. කර්සායිගේ රජය ගෙන යෑමට ආධාර දෙන්නේ බටහිර රටවල්ය.
2014 වසරේ දී ඇෆ්ගන් සංග‍්‍රාම කටයුතු අවසන් කිරීමට ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝව සූදානමින් සිටින නමුත් තලේබාන් සටන්කාමීන් මට්ටු කිරීමට ඔවුන් සමත් වී නැත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
තලේබාන් ප‍්‍රහාරවල කිසිම අඩුවක් නෑ