X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 14 වන සඳුදා


ත්‍රස්තයෝ පැරිස් කාටූන් පත්‍රයකට පනිති

ප්‍රංශයේ පැරිස් නුවර කාටූන් පත්‍රයකට ඇතුළුවූ ත්‍රස්තවාදීහු කාටුන් ශිල්පීන් ඇතුළු 12 දෙනෙක් ඝාතනය කර අට දෙනකුට තුවාල කළහ.

මින් පෙර ඇතිවූ තර්ජන හේතුවෙන් පොලිස් ආරක්ෂාව මැද සාමාන්‍ය වැඩ කටයුතු සිදු කරන මෙම පුවත්පතේ ප‍්‍රධාන කාර්යාලයට ඇතුළුවූ දෙදෙනෙක් දොළොස් දෙනකු මරා දැමූහ. කොමොන්ඩෝ ක‍්‍රමයට සැරසී මුහුණු වසාගෙන ආ තරුණයෝ දෙදෙනෙක් කාර්යාලයේ රැස්වීම් ශාලාවට ඇතුළුවී එහි සිටි පිරිස අතරින් අවශ්‍යම පුද්ගලයන් තෝරා වෙඩි වරුසාවක් එල්ල කොට ගොඩනැගිලේලේ පිළිගැනීමේ නිලධාරීන්, ආරක්ෂක පොලිස් භටයා හා ගොඩනැගිල්ලේ ඉදිරිපස පොලිස් රථයක සිටි පොලිස් භටයෙකුටද වෙඩි තබා ”අපි චාර්ලි හෙබ්ඩෝ විනාශ කළා” ”අල්ලා හුවක්බර්” යනුවෙන් කෑ ගසමින් පාර මැද නවතා තිබු ඔවුන් පැමිණි වාහනයේ නැඟ පැන ගියහ. මෙය සිදු වුයේ  07 වැනිදා හරියටම උදේ 11.43 ට පමණය. මෙම ප‍්‍රහාරයෙන් 12 දෙනෙක් මරුමුවේය. 08 දෙනෙකු බරපතල තුවාලකරුවන් අතරය. ඉන් සිව් දෙනෙක් ජීවිතයත් මරණයත් අතර සටනකය. ඔවුන් අතර පොලිස් නිලධාරීයෙකි. මියගිය 12 දෙනා අතර මෙම පුවත්පතේ සුප‍්‍රසිද්ධ මාධ්‍යවේදියෝ හා කාටුන් ශිල්පියෝය. චාබ්, චබූ , ටිනෝ, වොලින්ස්කි ඒ අතරින් සුවිශේෂියෝය. ආර්ථික විශේෂඥයකු හා මාධ්‍යවේදියකු වන බර්නාඩ් මාරිස්ද ප‍්‍රහාරයෙන් මිය ගියේය. මෙදින උදේ මෙම පුවත්පතේ ප‍්‍රධාන මාධ්‍යවේදීන්ගේ නව වසරේ සුපුරුදු රැස්වීම කුඩා රැස්වීම් ශාලාවේ පැවැත්වුයේය. ප‍්‍රහාරයේ ඉලක්කය මෙම රැස්වීම වු බව සිද්ධි දාමයේ නිගමනයවේ. පැන ගිය වෙඩික්කරුවන් ඇල්ලීමට මුළු ප‍්‍රංශයම සීරුවෙන් තබා ඇත්තේය. දේශසීමා, ගුවන් තොටුපොළවල්, මහාමාර්ග, මංමාවත්, දුම්රිය පොළවල්, වරායවල් ඇතුළුව මුළු ප‍්‍රංශයම වට කොට උඩින් යටින් සෑම දිශාවක්ම රැකවල්ලුය. උකුසු ඇස්ය. සිද්ධිය ඇසු සැණින් ප‍්‍රංශ ජනාධිපති ප‍්‍රංශුවා ඔලොන්ද් සමග පැරීසියේ නගරාධිපති ඈන් හිඩල්ගෝ මහත්මිය, පැරිස් කලාපයේ සභාපති ජෝන් පෝල්, අභ්‍යයන්තර ආරක්ෂක ඇමති බර්නාඩ් කැෂනොව් සිද්ධියවූ ස්ථානයටත් පුවත්පත් කාර්යාලයටත් පැමිණියේය. මෙය ප‍්‍රංශයට පමණක් නොව අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහසට කළ කුරීරු ප‍්‍රහාරයක් බවත් එය තරයේ හෙළාදකින අතරම වැරදිකරුවන් නීතිය ඉදිරියට පමුනුවන බවත් මියගිය අය වෙනුවෙන් තමන්ගේ ශෝකය ප‍්‍රකාශ කරන බවත් ජනපතිතුමා පැවසුවේය.

ප‍්‍රංශයේ චාර්ලි හෙබ්ඩෝ යනු බදාදා ප‍්‍රංශ මාධ්‍ය වෙළඳපොළට නිකුත් වන ටැබ්ලොයිඩ් වර්ගයේ කාටුන් වලින්ම පිරුණු වර්ණවත් කුඩා පුවත් පතකි. මෙම පුවත් පතේ විශේෂය වන්නේ එය සම්පූර්නයෙන්ම වාගේ කාටුන් චිත‍්‍ර වලින් පිරී තිබීමයි. ලිපි ලේඛන එතරම් නොවුවත් සිත පිනවන කාටුන් දෙබස්, කාටුන් චිත‍්‍ර කතා, නිහඬ කාටුන් ආදියෙන්  මෙම පුවත්පත සැරසේ. කාටුන් මගින් සමාජයේ සෑම ක්‍ෂේත‍්‍රයක්ම දැඩි විවේචනයට ලක් කිරීමට දක්‍ෂ මෙම පුවත් පත දේශපාලනය, රාජ්‍ය දුෂණ, හා ආගම් හරහා සිදුවන අන්තවාදි සමාජ හානිය බොහෝ විට දැඩි විවේචනයට ලක් කරන්නේය. 1970දි ආරම්භ කළ මෙම පුවත්පත වාමාංශික මතධාරීන්ගේ පහස ලබයි. ඔවුන්ගේ පුවත් පත කුඩා වුවද එයින් කෙරෙන වැඩ ලොකුය. අද ලෝකයේ කාටුන් පුවත් පත් අතර ඉදිරියෙන්ම සිටින මෙම පුවත්පත නිතර කථා බහට ලක්වෙන ලෝකයම මවිත කරවන කාටුන් හා ඊට බැදි ශීර්ෂ පාඨ ගෙන හැර දක්වන සුවිශේෂි පුවත් පතකි. මෙම පුවත් පත අද ප‍්‍රංශයට හිසරදයක් වී ඇතුවාට සැක නැත. නමුත් ඔවුනට කිසිම හානියක් රාජ්‍යයෙන් සිදු නොවේ. කාටුන් වලින්ම පිරුණු මෙම පුවත් පතේ ලියන දේ අඩුය. පෙන්වන දේ වැඩිය. ඒ වගේම සැරය. ඒ මෙම පුවත්පතේ ශක්තියේ රහසයි. සිනහව උපදවන කාටුන් වලින් පිරි මෙම පුවත්පත ප‍්‍රංශයේ 70 හා 80 දශකයේ පරම්පරාව අතර ඉතාමත් ජනප‍්‍රිය පුවත්පතකි. අද මෙම පුවත්පත නිසා ප‍්‍රංශය ගිනිගෙන ඇත. එබැවින් මැදපෙරදිග, ඊජිප්තුව, මොරොක්කෝව ,ටියුනීසියාව, ඇල්ජීරියාව ඇතුළු බොහෝ රටවල ප‍්‍රංශ තනාපති කාර්යාල වලට දැඩි ආරක්ෂාව සපයා තිබේ. ඉහත රටවල ප‍්‍රංශ ජාතික පාසැල් සිකුරාදා දිනයන් හී වසා දැමීමට තීරණ ගෙන ඇත. ඒවාටද දැඩි පොලිස් හා හමුදා රැකවරණය ලබා දී ඇත. ප‍්‍රංශයේ පැරිස් අගනුවරට යාබදව එක් එක් ස්ථාන වල ආගමික අන්තවාදියෝ කලබල සිදු කරති. පැරීසියට යාබද සුළු නගර වල යුදෙව් ජාතික කඩ සාප්පු වලට අලාභ හානි සිදු කරති. පැරීසියේ මුළු නගරයේම දැඩි ආරක්ෂාවක් මේ දිනවල ඇත. ප‍්‍රංශ රහස් ඔත්තු සේවාවන් කඩි ගුලක් මෙන් පැරීසිය පුරා සැරිසරති. නමුත් ජනයා සාමන්‍ය ලෙස ජන ජීවිතය ගත කරති.

ඒ අතරම 08 වෙනිදා දහවල් 12ට මුළු ප‍්‍රංශයම විනාඩි දෙකක් නිහඬව ශෝකය ප‍්‍රකාශ කරන ලෙසද ඉල්ලා සිටියේය. එබැවින් දින තුනක් ජාතික ධජයන් අඩකුඹු කොට ශෝක දිනයන් ලෙස ප‍්‍රකාශ කොට ඇත්තේය. 07 වැනිදා සවස ප‍්‍රංශයේ සෑම ප‍්‍රධාන නගරයකම අති විශාල ජනතාවක් මියගිය මාධ්‍යවේදීන් වෙනුවෙන් පහන් දැල්වුහ. මේ වන විට වයස අවුරුදු 18ක් වයැසැති තරුණයෙක් පොලිස් අත් අඩංගුවේය. ඔහු මෙම ප‍්‍රහාරයේ තුන්වැන්නා ලෙස පොලීසිය සැක කරයි. ප‍්‍රහාරයට පැමිණි දෙදෙනා හඳුනා ගෙන ඇති අතර ඔවුන් උපතින් ඇල්ජීරියානුවන් වන අතරම වයස අවුරුදු 32 හා 34 ක්වූ එකම පවුලේ සහෝදරයන් බව හඳුනා ගෙන ඔවුන්ගේ ඡායාරූප මහ ජනතාවට දැන ගැනීමට ප‍්‍රසිද්ධ කොට ඇත්තේය. මෙතෙක් ඔවුන් අත් අඩංගුවට ගෙන නොමැත. ඔවුන්ගේ ඥාතීන් හා ළඟින්ම ඇසුරු කරන පිරිස් අට දෙනෙකු ප‍්‍රංශ රහස් පොලිසියේය.

01 03 charlie-hebdo-attack-wednesday GTY-gunmen-car-still-kab journalist-Charlie-Hebdo security

 



අදහස් (0)

ත්‍රස්තයෝ පැරිස් කාටූන් පත්‍රයකට පනිති

අමල් Thursday, 08 January 2015 09:25 PM

ශ්‍රීසර, ඔබ ඔය කියන කතාව හරිම වැරදියි. ලංකාව කියන්නේ බෞද්ධ රටක්. ඔබ කියන විදිහට හිතන මිනිස්සු අඩුම තැන ලංකාව වෙන්න ඕනෑ. (නි)

:       0       0

කිර්ති Thursday, 15 January 2015 04:11 AM

අනාගතයේදී මෙහෙත් මෙහෙම වෙයිද කියලා සැකයි.(හේ)

:       0       0

බන්දු Tuesday, 13 January 2015 09:42 AM

අන්ද භක්තිකයෝ කරන ගොන් වැඩ (නදී)

:       0       0

ඉම්රාන් Monday, 12 January 2015 04:28 AM

මුන්ව අල්ලලා උපරිම දඬුවම් දෙන්ඩ ඕනේ. නැත්තම් අපේ අය වගේ අයුධ පෙන්නන්ඩ එක්කන් යන්ද ඕනේ. (අ)

:       0       0

නුවන් Sunday, 11 January 2015 07:07 PM

මෙම ක්‍රියාව මම තරයේ හෙළාදකිමි (නි)

:       0       0

සිරිවර්ධන Sunday, 11 January 2015 08:14 AM

නීතියට පටහැනි නමුත් අනෙක් පුවත්පත්කරුවන්ට පාඩමක්.හැම ආගමකටම ගරුත්වයක් තිබෙනවා. (නි)

:       0       0

මලිත් Saturday, 10 January 2015 12:08 AM

මේ වගේ ත්‍රස්ත ප්‍රහාර ප්‍රංශයේ විතරක් නෙමෙයි, අනිත් යුරෝපා රටවල සහ ඇමරිකා වැනි රටවලත් නිතර සිදුවුණොත්, එතකොටවත් මෙයාලට තේරෙයි ත්‍රස්තවාදී ක්‍රියා මොනතරම් වේදනාකාරිද කියලා. කාටත් තේරෙන්න ඕනෑ මරණයේ බිහිසුණුකම. (නි)

:       0       0

අල්විස් Friday, 09 January 2015 08:16 PM

මන් ජීවත්වෙන්නේ පැරිස්. ප්‍රංශය ලෝකයේ වෙනත් රටවල ප්‍රශ්න ඇතිකර (උදා; ලිබියාව, සිරියාව, මුළු මහත් අප්‍රිකාවම... . ) ඒ ප්‍රශ්න මතින් ජීවත්වෙමින් ලෝකයේ හොඳම මානවවාදී රට, හොඳම පිටරැටියන් පිළිගන්න රට කියලා චිත්‍රයක් මවා පෙන්වනවා. ලොකු සතා පොඩි සතා කන න්‍යාය වෙනස් කිරීමට කාලයයි මේ. (නි)

:       0       0

කෝලිත Friday, 09 January 2015 04:57 AM

කවුද මේ ශ්‍රීසර කියන්නේ? (නි)

:       0       0

මහී Thursday, 08 January 2015 10:16 PM

නුවන් කටාර්, ඔබගේ කියමන හරියටම හරි. (නි)

:       0       0

මහී Thursday, 08 January 2015 10:15 PM

කොටින්ට කිරිපොවනවා. එයාලට වැදුනහම කෑගහනවා. (නි)

:       0       0

සරත් Thursday, 08 January 2015 11:09 AM

දැන් ත්‍රස්තයෝ කොහෙද ඉන්නේ කියල කට්ටිය දන්නවා ......! (ස)

:       0       0

ජයන්ත Thursday, 08 January 2015 09:09 PM

තවත් පමානොවී මොවුන් බුරුතු පිටින් යුරෝපයෙන් අතුගා දාන්න කාලය හරි. අවාසනාවකට යුරෝපය මේක තේරුම් ගන්නේ නැති එකයි ප්‍රශ්නය (නි)

:       0       0

අකිල Thursday, 08 January 2015 01:59 PM

මෙතන තියෙන්නේ ත්‍රස්තවාදය නෙමේ "අන්තවාදය" (ර)

:       0       0

සරත් Thursday, 08 January 2015 01:26 PM

ශ්‍රීසර, ඔබ මොළය බලවාගන්න. (නි)

:       0       0

නදීක Thursday, 08 January 2015 12:58 PM

ශ්‍රීසර, ඔයාට සිංහල තේරෙනවා මදි. යමක් කියවා එහි හරය තේරුම් ගෙන අදහස් ප්‍රකාශ කරන්න.මෙවැනි ත්‍රස්තවාදීන් ලෝකෙන්ම තුරන්වෙනවා දකින්න හරිම ආසයි. යුරෝපා සංගමයට අයත් බටහිර රටවල් ත්‍රස්තවාදීන් ඔඩොක්කුවේ තියාගෙන හුරතල් කරනවා. ඒවාගේ විපාක තමයි ඔය.හොඳම උදාහරණය කොටි ත්‍රස්තවාදීන්. අද කොටි ප්‍රංශයේ උපරිම සෙල්ලම් දානවා.ඕවා තේරෙයි ළඟදීම.. (නි)

:       0       0

කුරුවිට Thursday, 08 January 2015 12:52 PM

නුවන් කටාර්, ඔබගේ කියමනට මම ආචාර කරමි (නි)

:       0       0

නුවන් කටාර් Thursday, 08 January 2015 12:33 PM

ශ්‍රීසර, මට හැඟෙන විදියට මෙතන කවුරුවත් අහිංසකයන් මියගියාට හොඳ වැඩේ කියලා නැහැ. ප්‍රංශ ආණ්ඩුව ලෝක ත්‍රස්තවාදයේදී දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරනවා. හොඳම උදාහරණය තමයි ලිබියාව සම්බන්ධයෙන් ක්‍රියාකළ විදිය. ප්‍රංශය ලෝක ත්‍රස්තවාදය නැතිකිරීම සඳහා කිසිම දෙයක් කරන්නේ නැහැ. ඒ වෙනුවට එයින් උපරිම ලාභ ප්‍රයෝජන ගන්න තමයි බලන්නේ. තවත් අහිංසක මිනිස්සු දහස් ගණනක් මැරුණත්, ඔය රටවල් එයාලගේ පිළිවෙත් නම් කවදාවත් වෙනස් කරන එකක් නැහැ. (නි)

:       0       0

ශ්‍රීසර Thursday, 08 January 2015 12:04 PM

ලෝකේ කොහේ හරි ඛේදවාචකයක් වුණහම හොඳ වැඩේ කියන අමනයන් නම් ඉන්නේ ලංකාවේ විතරයි මම හිතන්නේ. (ස)

:       0       0

සන්ජය Thursday, 08 January 2015 11:58 AM

.මිය ගිය අය ගැන කණගාටු වෙනව .. ප්‍රංශය දැන්වත් ත්‍රස්තවාදය තේරුම් ගෙන ත්‍රස්තවාදයට උදව් දීම දැන්වත් නැවැත්විය යුතුයි. (ස)

:       0       0

ඉන්දිකා Thursday, 08 January 2015 11:57 AM

ඉල්ලන් කනවා කියන්නේ මේවට. (ස)

:       0       0

ශ්‍රීලාල් Thursday, 08 January 2015 11:30 AM

වපුරපු හැටියටලු අස්වැන්න. ලිබියාවේ අද තත්ත්වය ප්‍රංශයට අත්දකින්න වෙලා වගෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site