සිරියාවේ ගැටළුව විසඳීම සඳහා රුසියාව ඇමෙරිකාව සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම් යැයි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් පවසයි. විදෙස් මාධ්‍ය මේ බව පවසන්න් මොස්කව් නගරයේ දී ජනාධිපති පූටින් මාධ්‍ය හමුවක් පවත්වමින් කළ ප්‍රකාශයක් උපුටා දක්වමිනි.
ඉදිරියේ දී ඇමෙරිකාවේ පත්වන නව ජනාධිපතිවරයා සමඟ ද තමන් එක්ව කටයුතු කිරීමට සූදානම් බව පූටින් පවසයි. සිරියාවේ ත්‍රස්තවාදීන් පරාජය කිරිමෙන් පසු සිරියාවට දේශපාලන විසදුමක් ලබා දිය යුතුයැයි ඇමෙරිකාව සහ රුසියාව අතර එකගත්වයක් තිබෙන බව ද ජනාධිපතිවරයා පවසා ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ත්‍රස්තයන්ට එරෙහිව මහ දෙන්නා එක් වෙති
නුවන් ලොස් ඇන්ජලීස් Friday, 18 December 2015 08:33 AM
රුසියාවට ඇමරිකාව එක්ක කෙලින්ම හැප්පෙන්න බයයි වගේ... රුසියාව නිසා තමා සිරියාවේ ඒකාධිපති අසාද් බලයේ ඉන්නේ (ම)
ගාමිණී විජේගුනවර්දන Friday, 18 December 2015 10:26 AM
නුවන්ලොස් ඇන්ජලිස් , ඇමරිකාවේ සිටිනා නිසා වන්නට ඇති එම රටට ආවඩන්නේ , එය හොඳ ගති ගුණයක් , එහෙත් ලෝකයේ සිදුවන සිදුවිලි මධ්‍යස්ථ ලෙස තේරුම් ගතහොත් ඔය ආවැඩීම නැතිවන බව දනිමි , ඇමරිකාව නොහිටින්න අද ලෝකය මිට වඩා සමාකමිය ,3 වන ලෝකයේ රටවල් අතර යුධ ගිනි අවුලවමින් තම කාර්ය කර ගෙනීම ඇමරිකාවේ සහ බටහිර රටවල සිරිතය , රුසියාව ගැන චීනය ගැන අවතක්සේරු කර ගෙනීම නරකයි , 3 වන ලෝක යුද්ධය මතකනේ , කොහොමද අන්තිම 10 දවස කියා (අ)
මොහාන් Friday, 18 December 2015 02:33 PM
නුවන්, ඇමරිකාවත් එහෙම තමයි. (නි)
මහින්ද සෞදි Friday, 18 December 2015 02:34 PM
ඇමරිකාව කරන්නේ කපන්න බැරි අත සිඹිනවා වගේ වැඩක්. පුටින් මහත්තයෝ, නයෙක් ඔඩොක්කුවට දාගන්නද හදන්නේ? (නි)
රොක්සි Friday, 18 December 2015 03:33 PM
කාලෝචිත තීරණයකි (නි)
මහේෂ් Sunday, 20 December 2015 04:14 AM
අපි බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)
ගයාන් ප්‍රියන්ත Sunday, 20 December 2015 04:48 AM
මේ දෙගොල්ලෝ එකතු වෙලා තමා මේක නැති කරන්න ඕනි.රුසියාව මෙච්චර නම්‍යශීලි වෙනවනන්, අමෙරිකාවත් තමන්ගේ ලොකුකම පැත්තකින් තියලා මේ ගැන හිතල බැලුවොත් හොදා.මෙයාල දෙපැත්තට බෙදිලා ඉන්න එක අයිඑස් කට්ටියට වාසි (බ)
නාමල් Sunday, 20 December 2015 05:03 AM
ගාමිණී ලෝක ඉතිහාසය දන්නෑ වගේ.. ලෝකය නාසි හා කොමියුනිස්ට් ඒකාධිපති ක්‍රම දෙකෙන්ම ගැලවුනේ ඇමරිකාවට පින් සිද්ධවෙන්න... ඇමරිකාව නොහිටින්න අද යුරෝපයේ හා ආසියාවේ භාගයක් සෝවියට් රුසියාවෙ වහල්ලු (බ)
නිල්මිණි Sunday, 20 December 2015 08:41 AM
අන්න හරි තීරණය අරගෙන තියෙන්නේ දැන්.(හේ)
ඉන්දික Sunday, 20 December 2015 09:35 AM
මේක තමයි හරි දේ.(හේ)
ඉන්දික Sunday, 20 December 2015 02:03 PM
නාමල් කොමියුනිස්ට් ක්‍රමය වගේ මානුෂවාදී ක්‍රමයකට අවශ්‍ය යටිතලය තාම ලෝකයේ සැකසිලා නැහැ.එවැනි ක්‍රමයක් සදහා මුලින් මනුස්සයින්ගේ වීඥානය පරිණාමය වියයුතුයි. එනිසා දැනට ගැලපෙන්නේ වඩා ප්‍රාථමික වූ ධනවාදී ක්‍රමයයි. හරියට වනචාරින්ට ප්‍රජාතන්ත්‍රවාදය ගැලපෙන්නේ නැහැ වගේ. (බ)
චතුර Sunday, 20 December 2015 06:26 PM
අපේ සමහරුන්ටත් ඇමරිකාව තමයි ලොකු. අමතක කරන්න එපා, ලංකාවට විරුද්ධව ඇමරිකාව ගෙනා ගොඩක් චෝදනා වලට චීනයයි රුසියාවයි තමා විරුද්ධවෙලා අපේ සහයෝගයට හිටියේ. නැත්තම් අද ලංකාවත් සිරියාව ඉරාකය වගේ වෙලා. (නි)