තායිවානයේ රෝහලක ඊයේ (23) අලූයම හටගත් ගින්නකට දොළොස් දෙනෙක් බිලිවූහ. හැත්තෑ දෙදෙනෙක් තුවාල ලැබූහ.
තුවාල ලැබූන් අතර රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවෝ ද සිටිති. මිය ගොස් ඇත්තේ රෝගීන් දොළොස් දෙනෙකි. ගින්න හටගත්තේ තායිවානයේ තායිනාන් නගරයේ මහල් පහකින් සමන්විත රෝහලකය.
රෝහලේ දෙවැනි මහලේ ගබඩා කාමරයක ගින්න හටගෙන පසුව එය සීඝ්රයෙන් ඉහළ මහල්වලට පැතිර ගොස් ඇති බව ගිනි නිවන භටයෝ පවසති.
ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයන්ට පැය පහකට වැඩි කාලයක් ගත විය. ගිනි නිවන භටයන් 200 දෙනකු ගින්න නිවා දැමීමට පැමිණ සිටි බව වාර්තා විය.
ගින්න හට ගත්තේ කෙසේ ද යන්න තවමත් වාර්තා වී නැති අතර ඒ ගැන පරීක්ෂණ කටයුතු දිගටම සිදු වෙමින් පවතී.
ගින්න හටගත් සැණින් සේවයේ සිටි වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් සහ ආරක්ෂක අංශ නිලධාරීහු යුහුසුළුව රෝගීන් පිටතට ගෙන යෑමට කටයුතු කළහ.
ගින්නට හසුවී මියගිය සහ පිළිස්සුම් තුවාල ලැබූ රෝගීන් බොහෝ දෙනා ඇඳට සීමා වී ප්‍රතිකාර ලබමින් සිටි වයස්ගත රෝගීන්ය.
ගින්නේන බරපතළ ලෙස හානි සිදුවී ඇත්තේ ද එම රෝගීන් ප්‍රතිකාර ගනිමින් සිටි වාට්ටුවටය. ගින්න හට ගන්නා අවස්ථාවේ එහි රෝගීන් 100 දෙනකුට වැඩි පිරිසක් සිටි බව වාර්තා වේ.
රෝහලේ ගින්න වාර්තා වූ සැණින් ගිනි නිවන භටයන්ට අමතරව මාධ්‍යවේදීන් සහ රෝගීන්ගේ ඥාතීන් ද රෝහල වෙත පැමිණ තිබේ. ගිලන් ඇඳ පිටින්, රෝද පුටුවල ආධාරයෙන් රෝගීන් රෝහලෙන් පිටතට ගෙනි යන අයුරු සජීවීව පුවත් නාලිකා ඔස්සේ විකාශය කෙරුණි.
පිළිස්සුම් තුවාල ලැබූවන් සහ දුම් ආඝ්‍රාණය වූවන් අවට පිහිටි වෙනත් රෝහල් කරා යොමු කෙරුණි.
සිද්ධිය වාර්තා වූ සැණින් තමා දැඩි ලෙස කම්පනයට පත් වූ බවත් මියගිය සහ තුවාල ලැබූවන් වෙනුවෙන් දැඩි ලෙස කනගාටුව පළ කරන බවත් තායිවාන අගමැති ෂෝන් චෙන් පවසයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
තායිවාන රෝහලක ගින්නක්: 12 ක් මරුට: 72 කට තුවාල
ෂෙරීෆ් Wednesday, 24 October 2012 09:01 PM
පවු අසරණ රෝගීන්.. (නි)