X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 09 වන බදාදා


තිරිහන් බේතක් ළඟදීම

මිනිසුන් තිරිහන් කිරීමේ සමත් සංයෝගයක් නුදුරේදීම එළිදැක්වීමට හැකි වනු ඇතැයි ඇමරිකා හා  ඕස්ටේ‍්‍රලියා පර්යේෂක කණ්ඩායමක් පවසයි.

මෙම පර්යේෂක පිරිස දැනට මීයන් යොදාගනිමින් මෙම තිරිහන් කිරීමේ කි‍්‍රයාවලිය අත්හදා බලා ඇති අතර එය සාර්ථක වී ඇති බව සදහන්ය.

වාර්තා වන ආකාරයට වසය මාස 18 ක් වන මීයෙකු වයස මාස 6 ක් වන මිීයෙකු දක්වා ‘‘තිරිහන්‘‘ කිරීමට ඔවුන් සමත්ව ඇත.

තිරිහන් වීමේ රහස ඇත්තේ සෛලවල පිහිටන ඉන්ද්‍රයිකාවක් වන මයිටකොන්ඩි‍්‍රයා වල බව පර්යේෂක කණ්ඩායමේ සාමාජිකයෙකු වන නිව්සවුත්වේල්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඬේවිඞ් සින්ක්ලෙයාර් පවසයි.මයිටකොන්ඩි‍්‍රයා යනු සෛලයක ශක්ති බලාගාරය ලෙෂ කි‍්‍රයාකරන්නකි. සෛලයක සියලූ කි‍්‍රයාකාරකම් වලට ශක්තිය සපයන්නේ මෙම ඉන්ද්‍රයිකාවයි.

කල් ගත වීමේදී මෙම ඉන්ද්‍රයිකාව හා ෙසෙලය අතර ඇති සබදතාව ක‍්‍රමයෙන් බිද වැටෙන බව පර්යේෂණ වලින් අනාවරණයව ඇත.මෙනිසා අවසානයේ සිදුවන්නේ ෙසෙලය මිය යාමයි.සෛල එකින් එක මෙසේ මියයාම යනු වයස්ගත වීමයි.

 

මේ පර්යේෂකයන් පිරිස කර ඇත්තේ ෙසෙල මිය යා නොදී මයිටකොන්ඩි‍්‍රයා හා සෛල අතර සබදතාව නොකඩවා පවත්වාගන්නේ කෙසේද යන්න සොයාබැලීමයි.

‘‘මෙම කි‍්‍රයාවලිය හරියට බැදපු ජෝඩුවක් වගේ තමා.මුල් කාලයේදී ඔවුන් දෙදෙනා සිටින්නේ හරිම සතුටින් නමුත් පස්සේ කල් ගත වීමේදී ඒ සතුට නැති වෙලා යනවා.හේතුව තමයි දෙදෙනා අතර තිබිච්ච හොද සබදතාවය කාලයත් එක්ක හීන වීම.නමුත් එම සබදතාවය ශක්තිමත්ව පවත්වාගන්න පුලූවන්නම් අන්න එතකොට ඔවුන් දෙදෙනා බැදපු අලූත වගේම හැමදාටම ඉදිීවි.අපේ පර්යේෂණ වල පදනම වුනෙත් මේ කියන සවිමත් සබදතාවයි‘‘ මහාචාර්ය ඬේවිඞ් සින්ක්ලෙයාර් පවසයි.

මයිටකොන්ඩි‍්‍රයා හා සෛල අතර සබදතාව පවත්වාගනු ලබන්නේ ‘‘නිකොටිනමයිඩි ඇඩිනීන් ඩයිනියුක්ලියෝටයිඩ් ‘‘ නම් සංයෝගයක් යැයි සොයාගැනීමට සමත්ව ඇති පර්යේෂක පිරිස කර ඇත්තේ එම සංයෝගය මීයන්ට එන්නත් කර බැලීමයි.ඔවුන් අපේක්ෂා කළ පරිදිම මීයන් ‘‘තිරිහන්වී‘‘ තිබේ.

‘‘සෛල මියයාම හොදින්ම හදුනාගත හැකි වන්නේ මාංශ පේෂි වල.සෛල මිය යනකොට ඒවා දුර්වල වෙනවා.අපි වයස්ගත මීයන්ට නිකොටිනමයිඞ් එන්නත් කරලා බලපුවහම ඔවුන්ගේ මාංශ පේෂි යළිත් සවිමත් වනවා දැකගත හැකි වුණා.මාස 18 ක වයස මීයෙක් මාස 6 ක් වයසැති මීයෙක්ගේ තත්ත්වයට පත්වුනේ ඉතාම ඉක්මනින්‘‘ මහාචාර්යවරයා කියයි.

කෙසේ වුවත් මිනිස් භාවිතයට ගත හැකි වන සේ සංයෝගය වැඩිදියුණු කිරීමට තවත් කාලයක් ගතවනු ඇති බව සදහන්ය.

‘‘මා කියන්නේ නැහැ අප සම්පූර්ණයෙන්ම මිනිහෙක් තිරිහන් කරන්න පුලූවන් සංයෝගයක් සොයාගත්තා කියලා.නමුත් සෛල මියයානොදී පවත්වාගැනීමට පුලූවන් කියන්නේ තමන්ගේ ආයුකාලයත් එක්තරා අයුරකින් දික් කර ගැනීමක් තමා.වයස 150 කියන්නේ ඉස්සරහට වයස 50 වගේ වුනොත් මම පුදුම වන්නේ නැහැ‘‘ මහාචාර්ය සින්ක්ලෙයාර් පවසයි.

 



අදහස් (0)

තිරිහන් බේතක් ළඟදීම

සුමංගල ඇල්පිටිය Friday, 20 December 2013 12:45 PM

සීටිං ,මාටිං, සුදානමින් සිටීන්!(දිල්)

:       0       0

සියඹලාපිටියගේ Friday, 20 December 2013 05:24 PM

අනේ ඉක්මන් කරන්න මට දැනටම පනහයි.(නදී)

:       0       0

ශාන්ත Friday, 20 December 2013 06:32 PM

මමත් කොහොම හරි ඔය බෙහෙත ගන්නවා ? මටත් තරුණ වෙන්ඩ ඕනා (අ)

:       0       0

ගයාන් Friday, 20 December 2013 08:53 PM

නියමයි (අ)

:       0       0

අසෝකා Friday, 20 December 2013 09:53 PM

අපේ දේශපාලකයෝ ටික මේක දැක්කොත් නම් අනාගත පරපුරම අනාගෙන අතින් අරන් තමයි යන්න වෙන්නේ! (අ)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 21 December 2013 03:00 AM

ඔය මොනවා කලත් ඇතිවන සියලු දේ නැතිවෙනවමයි කියන සදාතනික දහමට පිටින් යන්න කාටවත් බැහැ අනේ ! (අ)

:       0       0

නිරූපා Saturday, 21 December 2013 03:43 PM

ලෝකේ විනාසය ලගයි

:       0       0

සලීම් Saturday, 21 December 2013 11:05 PM

තිරිහන් වේවිද! තිරිසන් වේවිද! මන්දා (අ)

:       0       0

චරිත සමීර ගුණසිංහ Sunday, 22 December 2013 08:45 AM

ලෝකය උඩු යටිකුරු කරන සොයා ගැනීමක් වෙයි මේක.(නදී)

:       0       0

දයා අලහාකෝන් Sunday, 22 December 2013 10:13 AM

රොසලින් අක්කේ, ජොසපිනා අක්කටත්, අපේ මාමලා ටිකටත් කියාපන් අදම.(නදී)

:       0       0

එඩී දයාරත්න ඕස්ට්‍රේලියාව Sunday, 22 December 2013 01:45 PM

සිල් ගන්න කවුරුවත් නැතිවෙනවා.(නදී)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Sunday, 22 December 2013 02:31 PM

අනේ අපේ කාන්තාවන්ට වෙන දේ? (ත)

:       0       0

දිලුප දිල්හානි Sunday, 22 December 2013 04:51 PM

තවම මරණයට බෙහෙතක් හොයාගෙන නැහැ නේද? ඒක හොයා ගත්තු දවසට මං සතුටු වෙනවා. (ත)

:       0       0

මෙවන් Sunday, 22 December 2013 09:16 PM

බෞද්ධ දර්ශනය ඉදිරියේ මේ ගොල්ලන්ට හතර ගාතෙන් වැටෙන්න තමයි වෙන්නේ. මේ ගොල්ලන්ට මරණය නවත්තන්න පුලුවන්ද? මැරුණු තැනැත්තාට පණ දෙන්න පුලුවන්ද? (ත)

:       0       0

ලංකාසිරි Monday, 23 December 2013 11:34 AM

මිනිසා අසීමිත බුද්ධියක් ඇති සත්ව කොටසකි. මෙවැනි සොයා ගැනීම් වල ප්‍රතිපල ලෙස ඉදිරියේදී, නොමැරී සිටීම , මැරුණු අය පන ගැන්වීම් වැනි දේද සොයා ගත හැකිවෙයි. විශ්වාස කල හැක. නමුත් මේ සියලු දේ සංසාරය දික් කරගැනීමකි. මෙයින් ඇති වන්නේ දුකක්ම මිස අනෙකක් නොවේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site