දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයට නවීන රථවාහන මෙහෙයුම් පද්ධතියක් ස්ථාපිත කිරීම සදහා මාර්ග සංවර්ධන අධිකාරිය ජපානයේ මිට්සුබිෂී සමාගම හා ගිවිසුමකට එළැඹ තිබේ.
මේ සදහා වන මූල්‍යමය ආධාර ජපන් රජයෙන් ලබා දීමට නියමිතය.
මෙහෙයුම් පද්ධතියේ එක් කොටසක් වන්නේ අධිවේගී මාර්ගයට අලූතින් ඩිජිටල් දැන්වීම් පුවරු 24 ක් එක් කිරීම බව සදහන්ය.ඒවායේ රියැදුරන්ට වැදගත් වන අධිවේගී මාර්ගයේ රිය අනතුරු සිදුවී ඇත්ද,කාළගුණය කෙසේ වේද ආදී තොරතුරු දර්ශනය කරනු ඇත.
තවද මෙහෙයුම් කුටියේ සිටින නිළධාරීන් හට වේගය ඉක්මවා ධාවනය වන රථවාහන ක්ෂණිකව හදුනාගැනීමේ පද්ධතියක්, අධිවේගී මාර්ගයේ තත්ත්වය හා වෙනත් තොරතුරු ලබා ගත හැකි උපකරණ මේ යටතේ ස්ථාපිත කිරීමට නියමිත බව සදහන්ය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
දකුණු අධිවේගයට මිට්සුබිෂියත් එයි
පෙරේරා Monday, 23 December 2013 02:02 AM
ජපානේ මිට්සුබිෂි ආයතනය රථවාහන නිපැයුමට ලංකාවේ වඩා ප්‍රසිද්ද වුනාට පැනසල් ලිපි ද්‍රව්‍ය නිපැයුමේ සිට, ඉලෙක්ත්රොනික් නිපැයුම්, නැව් නිපැයුම්,සිට විශාල ගොඩනැගිලි ඉදිකිරීම් දක්වා ව්‍යාප්ත වුන මහා ව්‍යාපාර සන්ධානයක්. (නදී)
නිමල් Monday, 23 December 2013 10:39 AM
මේවා ලොකු දේවල් නෙවෙයි. ඩිජිටල් දැන්වීම් පුවරු කියන දේවල් අද ලංකාවේ පොඩි ළමයිනුත් හදනවා. අපේ රටේ ඉන්න ඉංජිනේරුවන්ට බැරිද මේවා රට ඇතුලේම හදන්න? (නදී)
නිමල් දිසානායක -මෙලෙසියාවේ සිට. Tuesday, 24 December 2013 06:41 AM
මම ලංකාවේදී බොහෝ නිර්මාණ කළා. රජයේ විවිධ අමාතංශ , ඇමතිවරුන්ට ලිව්වා. අඩුම තරමින් ලිපියක්වත් නැහැ . මාධ්‍ය මගේ නිර්මාණ අගය කළා. මගේ නිර්මාණවලට විදේශ සමාගම් උදව්ව් කිරීමට ඉදිරිපත් වුණා.. මම අලුත් නිර්මාණ කරනවා . මට දුක මගේ රට ගැන. ජනතාව මීට වඩා බුද්දිමත් විය යුතුයි. (ත)