කුකුළු ගොවිපළක මස් සඳහා කුකුළන් ඇතිකරන්නාක් මෙන් ධනවත් සංචාරකයින්ගේ දඩයම් ඉලක්ක යොදා ගැනීමට සිංහයින් ඇති කෙරෙන සිංහ ගොවිපළ දකුණු අපි‍්‍රකාවේ තිබෙන බව නවතම වාර්තාමය වැඩසටහනකින් අනාවරණය කරයි.
වසරකට දකුණු අපි‍්‍රකාවේ සිංහයන් දහසක් පමණ දඩයම් කැරෙන අතර ඒ අතරින් බොහෝ සතුන් සිංහ දඩයම සඳහාම එරටට පැමිණෙන සංචාරකයින්ගේ ඉලක්ක වේ.
ඇතැම් සෆාරි සේවා ආයතන සිංහ දඩයම සඳහාම සංචාරකයින්ගෙන් මුදල් අයකරන බව පැවසේ. වාර්තාමය වැඩසටහනෙන් අනාවරණය කර ඇති පරිදි මෙම සංචාරකයින්ට උද්‍යානයේ සිටින විවිධ සිංහයින්ගේ තොරතුරු සඳහන් ලිපිගොනුවක් ලබාදෙන අතර ඒ අතරින් තමන්ට කැමති සිංහයා තෝරාගත හැකිය. වටිනාකම අනුව සිංහයකු ඩොලර් 5000 සිට 50000 දක්වා මුදලකට අලෙවි වන බවද සඳහන්ය.
දඩයමේ යෙදීමට සාමාන්‍ය උද්‍යානයක් හෝ දඩයම් සඳහාම වෙනම වෙන්කරන ලද ප්‍රදේශයක් තෝරාගැනීමේ අවස්ථාව ද සංචාරකයින්ට හිමිවේ. ගිනි අවියකින් හෝ දුන්නෙන් දඩයම කළ හැකිය.
ඉතාම ලාභ ලබන ව්‍යාපාරයක් නිසා මෙය මැඩපැවැත්වීමට දකුණු අපි‍්‍රකා බලධරයින්ගේ වුවමනාවක් නැතැයි වාර්තා වැඩසටහනට අදහස් දක්වා තිබෙන පරිසරවේදීහු චෝදනා කරති.
දඩයම් සඳහා සතුන් ඇතිකරන ගොවිපළ ඇති බව දැනටමත් ඒ ගොවිපලවල් වලින් සිදුවන්නේ සිංහයින් සංරක්ෂණය කිරීම බව කියන බළධරයින්ද සිටින බව ඔවුහු පවසති.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
දකුණු අප්‍රිකාව සිංහයන් මරා සල්ලි ගරයි
බණ්ඩාර Thursday, 13 August 2015 06:44 AM
පළමු මිනිසා බිහිවුණේ අෆ්රිකාවෙන්. එහෙත් මෙතරම් ම්ලේච්ඡයෝ එහෙ ඇති කියා සිතුවේ නැහැ (නි)
ඉෂාරා Monday, 17 August 2015 04:05 AM
මහ මුසල වැඩක් (නදී)
ගීතිකා Saturday, 15 August 2015 05:29 PM
අනේ මෙහෙමත් දේවල්! (නි)
ටිරෝන් Saturday, 15 August 2015 03:13 PM
හැමෝම එකක් මතක තබා ගතයුතුයි.මේක ලංකාවේ වගේ සතුන් මරලා මස් කෑමක් නෙමෙයි.ඒවගේම මේකෙන් කරන්නේ සත්ව ගහණය මැඩපවත්වන එකත් නෙමෙයි. ධනවත් පිරිසට දඩයමට මේ සතුන් ඇතිකරන්නේ වෙනමයි. ඒ වෙනුවෙන් ලොකු මුදලක් ගෙවලා දඩයම අවසන්වෙලා ඒ සතාගේ මස් දුප්පත් කළු ජාතික පවුල් වලට බෙදනවා.ඒ සතාගේ ඔලුව විතරක් සිහිවටනයක් ලෙස ගෙනයනවා (නි)
ගේබ්‍රියෙල් Friday, 14 August 2015 04:24 PM
අපේ රටේ සල්ලි වලට මිනිස්සු මරන එකේ සිංහයෝ මොක්කුද? (නි)
ජස්ටින් Friday, 14 August 2015 01:57 PM
අපි ඉන්නේ බල්ලෝ මරල හරි සල්ලි හොයමු කියන සමජ රාමුවක අපි ප්‍රශ්න කරමු එය (අ)
පියලාල් Friday, 14 August 2015 09:06 AM
අපේ ජාතික ධජයෙත් ඉන්න නිසා ලංකාවට පුළුවන්නේ මේ සිංහයෝ ටිකක් මිලදී ගෙන අපේ වනාන්තර වලට ගෙනත් මුදා හරින්න.(නදී)
කුමාර Friday, 14 August 2015 07:20 AM
පවා හා පන සම්බන්ධයෙන් නම් මාළුවත් කුකුලත් සිංහයාත් එකයි (අ)
සමීරා Thursday, 13 August 2015 07:58 AM
මුන් මිනිසුන් නෙමෙයි තිරිසනුන්ටත් අන්ත තිරිසනුන් (නදී)
එරා Thursday, 13 August 2015 07:57 AM
බණ්ඩාර මහත්මය, කවුද කියන්නේ පළමු මිනිසා බිහි උනේ ඇෆ්රිකාවේ කියල? මොනවද සාක්ෂි? මටත් හරි ආසයි එ්ක දැනගන්න (නදී)
දුමින්ද Wednesday, 12 August 2015 11:47 AM
තිරිසන් ව්‍යාපාරයක් - නිරයට පහසුම මඟ (අ)
තිස්ස Thursday, 13 August 2015 06:37 AM
මැරුන සිංහයා ළඟ ඉඳගෙන අර කාන්තාව දාන හිනාව දිහා බලන්න.කොච්චර දුෂ්ටද? (නි)
ඉශාර Thursday, 13 August 2015 06:37 AM
කොච්චර දරුණු සිත් ඇති මිනිසුන්ද? (නි)
සසංක Thursday, 13 August 2015 05:59 AM
වෙඩි තියලා මරලා ෆොටෝ එකටත් ඉන්න හැටි? (නි)
පෙරේරා Thursday, 13 August 2015 05:36 AM
ඇත්තටම අද සිංහයන්ට තිබෙන වටිනාකම මිනිසුන්ට නැහැ නේද? (නි)
ගිහාන් Thursday, 13 August 2015 05:35 AM
කොයි ලොව යන්නේ මරණින් මත්තේ.... (නි)
සුජිව Thursday, 13 August 2015 03:42 AM
මොවුන් මිනිසුන් නෙවේ (ම)
නුවන් Wednesday, 12 August 2015 04:06 PM
සිංහයො ඇතිකරන අයත් පවුකාරයෝ. මරන අයත් පවුකාරයෝ. මෙච්චර මිනිස්සු බඩගින්නෙ ඉන්න ලෝකයේ ඩොලර් 50000 දීලා කූඩුකරපු සිංහයෙක් මරලා සතුටුවෙන මිනිස්සු ඉන්නවනේ...? (නි)
නිශේන් Wednesday, 12 August 2015 04:03 PM
අනේ ඇත්තට මෙහෙමත් මිනිස්සු! (නි)
දර්ශ Wednesday, 12 August 2015 12:30 PM
ලෝකයේ කොයි ඉම බැලුවත් තියෙන්නේ පිරිහෙන මිනිසත්කම මිස මනුධර්මය නොවේ දැන් (නදී)