දකුණු සුඩානයේ ගෝත්‍රික ජන කණ්ඩායම් අතර දරුණු ගැටුම් පවතින ජොන්ග්ලි ප්‍රදේශයේ දී පෙරේදා(17) තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ ප්‍රහාරයකින් සිවිල් වැසියන් 51 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර විසිදෙදෙනකු තුවාල ලබා ඇති බව ප්‍රාදේශීය ආණ්ඩුකාරවරයා කියා සිටියේය. උතුරු ජොන්ග්ලි ප්‍රදේශයට කඩා වැදුණු අවිදැරූ සටන්කාමීන් ඩුක් පාඩිට් ගැමි පෙදෙසට දරුණු ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් මිය ගිය අයගෙන් බහුතරය කාන්තාවන්, කුඩා දරුවන් සහ මහලූ වයසේ අය බව එරට මාධ්‍ය වාර්තා කරයි. ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් එක්සත් ජාතීන්ගේ සහන කණ්ඩායම් විසින් ජුබා නගරයේ රෝහල කරා රැුගෙන ගොස් ඇත. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ උද්ගත වූ එම අරගලකාරී තත්වය හේතුවෙන් මේ වන විට අවතැන්ව සිටින පිරිස හැටදහසකට අධික බව වාර්තා වේ. මර්ල් ගෝත්රිකයන්ගෙන් පළිගැනීමේ අරමුණින් පසුගිය මාසයේදී ලූ නුඑර් ගෝත්‍රයට අයත් 8,000ක් පමණ වූ සටන්කාමීන් පිරිසක් පිබෝර් ප්‍රදේශයට පැමිණ සිටී. එම කි‍්‍රයාවට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මර්ල් ගෝත්‍රිකයන් විසින් මෙම ප්‍රහාරය සිදු කරනු ලැබ ඇතැයි එරට ආරක්ෂක අංශ වාර්තා කරයි. ඌන සංවර්ධිත රටක් ලෙස සැලකෙන දකුණු සුඩානය පසුගිය වසරේ ජූලි මාසයේදී නව රාජ්‍යයක් ලෙස ප්‍රකාශ කිරීමෙන් අනතුරුව එරට රජය විසින් ජොන්ග්ලි ප්‍රදේශය ‘‘ව්‍යවසනකාරී ප්‍රදේශයක්’’ ලෙස හැඳින්වීය. දශක දෙකක් තිස්සේ පවතින යුද්ධය හේතුවෙන් අවි ආයුධ බහුල ප්‍රදේශයක් ලෙස එම ප්‍රදේශය සැලකේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
දකුණු සුඩානයේ ගැටුම්වලින් 51 දෙනෙක් මරුට: 22 කට තුවාල