X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 13 වන ඉරිදා


දත් මැදීමෙන්ම දත් නොරැකේ

දත් මැදීමෙන් පමණක් දත් දෙපළ සුරැුකේයැයි සිතා සිටිනවානම් එය නැවත සිතාබැලිය යුතුව ඇත.

ජර්මනියේ දන්ත වෛද්‍ය පර්යේෂක කණ්ඩායමක් පවසන්නේ අපගේ සෞඛ්‍ය පුරුදු,හැසිරීම් රටාවන්,ආහාර පුරුදු ආදී දෛනික දිවියේ එදිනෙදා කි‍්‍රයාකාරකම් සියල්ලම පාහේ අඩු හෝ වැඩි වශයෙන් දත් දෙපළේ මෙන්ම මුඛ සෞඛ්‍යය කෙරෙහි බලපාන බවයි.

පහත දැක්වෙන්නේ දන්ත සෞඛ්‍යයට අහිතරක බලපෑම් එල්ල කරන බවට පර්යේෂක පිරිස හඳුනාගෙන ඇති අප කිසිදිනෙකවත් අපගේ දත් වලට හානිගෙන දෙනු ඇතැයි නොසිතන කි‍්‍රයාකාරකම් කිහිපයකි.

සීත කාලගුණයකදී සිරුරට ප‍්‍රබෝධයක් දීම සඳහා පානය කරන තේ වීදුරුව

උණුසුම් වීමට යැයි කියා පානය කරන තේ හෝ වෙනත් කිසියම් උණුසුම් පානයකින් දතෙහි මතුපිට ඇති දන්තිනයට හානි පැමිණීමට ඉඩ ඇති බව පර්යේෂකයෝ කියති.

දතට අනන්‍ය වර්ණය ලබාදෙන දන්තිනය නොනවත්වාම උණුසුම් පානයන් හා ගැටුනහොත් එය ඉරිතැලෙන බවද මෙම ඉරිතැලීම් දිගින් දිගටම වර්ධනය වුවහොත් එම පැලූම් ඔස්සේ දතෙහි අභ්‍යන්තරයට ඇතුලූවීමට ඉඩ ඇති බැක්ටීරියා වලින් විවිධාකාරයේ ආසාදනයන් ඇතිවීමට ඉඩ තිබෙන බවද ඔවුහු අනතුරු අගවති.

මෙනිසා හොදම දෙය සීත යැයි කියා ඉතා උණුසුම් පානයන් පානය කිරීමෙන් වැළකී ඒවා පමණට උණුසුම් වූ පසු පානය කිරීම බව ඔවුහු පවසති.

 

කට ඇරගෙන පිහිනීම

ජලය පිරිසිදු කිරීමට යොදාතිබෙන ක්ලෝරීන් දත් දිරායාමටත්,දත් අවපැහැ ගැන්වීමටත් හේතුවන බව හඳුනාගෙන තිබෙන්නකි.

මෙනිසා හැකි සෑම විටම කට වසාගෙන පිහිනීමට උත්සාහ කිරීම සුදුසුය.

 

 

සෙම්ප‍්‍රතිශ්‍යාවට ගනු ලබන ඇතැම් ඖෂධ

ඇතැම් ඖෂධ ඛේට ග‍්‍රන්ථි වල කි‍්‍රයාකාරීත්වයට බලපාන හෙයින් වියළි මුඛයක් ඇතිවිය හැකි බවත් එය දන්ත සෞඛ්‍යයට අයහපත් බවත් පර්යේෂකයෝ කියතිල දත් නොනවත්වාම ඛේටයෙන් ස්නේහනය කරවීම ඒවායේ පැවැත්මට වැදගත්ය.

මෙවන් අවස්ථාවක සීනි රහිත චුවින්ග්ගම් සැපීමෙන් හෝ ජලය පානය කිරීමෙන් දත් වලට විය හැකි හානි වළක්වාගත හැකිය.

 

දත්වලින් පොලිතින් හා ප්ලාස්ටික් කවර ඉරා දැමීම

මෙවන් අවස්ථාවලදී දත් මත යෙදෙන අධික පීඩනය නිසා දත් ඉරිතලා යා හැකියැයි සඳහන්ය.

ආහාර ගත් වහාම දත් මැදීම

ආහාර වල ඇති අම්ල හා සීනි දතෙහි එනැමලය මත තැන්පත් වේ.එනැමලය මත පිහිටන ආරක්ෂක ස්ථරය එම අම්ල හා සීනි වලින් දතට විය හැකි හානි මැඩපැවැත්වීමේ සමත්ය.

නමුත් ආහාර ගත් වහාම දත් මැදි විට මේ ස්ථරය ගැලවී ඉවත්ව යයි.නැවත ස්ථරයක් ගොඩනැගීමට පැය භාගයක් පමණ කාලයක් ගතවන අතර ඒ වන විට දත් මැදි පසුත් මුඛයේ රැඳී තිබෙන්නට ඉඩ ඇති අම්ල හා සීනි වර්ග දත් මත රැදී ‘‘වැඩ‘‘ අරඹා තිබෙන්නට පිළිවන.

මෙනිසා පර්යේෂකයින් උපදෙස් දෙන්නේආහාර ගෙන පැය භාගයක් පමණ හිඳ දත් මදින ලෙසයි.

උපත්පාලන පෙති භාවිතය

ඇතැම් උපත්පාලන පෙති භාවිතා කළ පසු විදුරුමස් ඉදිමේ.පර්යේෂකයින් පවසන්නේ උපත් පාලන පෙතිවලින් සිරුරේ හෝමෝන කෙරෙහි බලපෑමක් ඇතිවන නිසා එහි අතුරුඵලයක් ලෙස මෙසේ සිදුවන බවයි.

හෝමෝන සාන්ද්‍රණය අඩු වෙනත් උපත්පාලන පෙති වර්ගයක් භාවිතා කිරීමෙන් මෙම තත්ත්වය ඇතිවීම වළක්වාගත හැකිය.

දත් වල හිල් තබාගෙන (දන්ත කුහර) ගුවන්ගමන් වල යෙදීම

මෙවන් කුහර වල සිරවී තිබිය හැකි වායු බුබුලූ ගුවනේ අඩු වායුපීඩනය නිසාවෙන් පිටතට පැමිණීමට ඉඩ ඇත.මෙවිට අධික වේදනාවක් දැනීමට ඉඩ ඇති බව පර්යේෂකයෝ කියති.

ගුවන්ගමනක යෙදීමට ප‍්‍රථමයෙන් දත් පිරවීමට අවැසිදැයි දන්ත වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කර ගන්නා ලෙස ඔවුන් උපදෙස් දේ.

තෝරතෝංචියක් නැති කියවිල්ල

පමණට වඩා කට වැඩකරවන්නට යෑමෙන් හකු සන්ධිය ගෙවී යන බව පර්යේෂකයින් අනතුරු අඟවති.

සන්ධිය ගෙවුනු විට කට ඇරගෙනම සිටීමට සිදුවනු ඇත.

වේදනා ගෙන දෙන දතකට ඇස්පී‍්‍රන් තැවරීම

මෙය ඉක්මන් සහනයක් ගෙන දුන්නද ඇස්පී‍්‍රන් නිසා මුඛයේ ඇති සියුම් හා සංවේදී පටක විනාශ විය හැක.

ඇස්පී‍්‍රන් පෙත්තක් ගිලීමෙන්ද වේදනාව සමනය වන බැවින් එසේ කිරීම වඩා සුදුසුය.

ඇදුම රෝගයට ‘‘ඉන්හේලර්‘‘ භාවිතය

ඇතැම් ඉන්හේලර වල ඇති සංයෝගයන් දත් දිරායෑමට හේතුවන බව සොයාගෙන ඇත.

පර්යේෂකයින් උපදෙස් දෙන්නේ ඉන්හේලරය භාවිතා කරන විටදී එය දත් වල නොගැටෙන සේ තබා ගත යුතු බවයි.

ඉන්හේලරය භාවිතා කිරීමෙන් පසු මුඛය හොදින් සේදීමද සුදුසුය.

දිය යට කිමිදීම

කිමිදීමේදී දත් අතර සිරකර තබා ගැනීමට දෙන ප්ලාස්ටික් තල්ලට යෙදීමට සිදුවන පීඩනය දත් කැක්කුම්,හකු රිදුම්, වැනි රෝග තත්ත්වයන් වලට හේතුවන බව සොයාගෙන ඇත.

1412635995297_wps_9_A_young_woman_dipping_a_b 1412638800248_wps_70_Young_Woman_Swimming_In_P 1412639006541_wps_71_A9R2P6_Girl_brushing_teet



අදහස් (0)

දත් මැදීමෙන්ම දත් නොරැකේ

නිහල විතානගේ Friday, 10 October 2014 04:10 PM

මද්‍යසාරය දත් සහ විදුරු මස් වලට ඉතාම අහිත කරය. අපේ බොන කට්ටියගේ මුකවල් ටික මාර සුවදක් (නදී)

:       0       0

නදීක Friday, 17 October 2014 06:29 AM

අපිට ගොඩක් වැදගත් ලිපියක්.ඔයාලට ස්තූතියි. (ස)

:       0       0

ටානියා Friday, 17 October 2014 01:54 AM

ඉතා හොඳ ලිපියක් (නි)

:       0       0

නිරෝද් Thursday, 16 October 2014 02:20 AM

බන්දුල පෙරේරා හැම තිස්සෙම කට ඇරගෙන ඉන්නෙ ඇයි කියලා දැනුයි තේරුනේ (නි)

:       0       0

රවීන්ද්‍ර Thursday, 16 October 2014 02:11 AM

මේවා දැනගැනීම බොහොම වටිනවා (නි)

:       0       0

ගයාන් Thursday, 16 October 2014 01:50 AM

සරත්, ඔයා හරි. මේ කට්ටියටම නියම අදහසක්. (නි)

:       0       0

සරත් Wednesday, 15 October 2014 08:32 PM

සමහර අයගේ අදහස් හරි පණ්ඩිතයි. කොහොමත් ලංකාවේ පණ්ඩිතයෝ වැඩියි. හැබැයි වැඩ නැහැ. හොඳ දේ ගන්න. නරක දේ අමතක කරන්න. ඔක්කොම පරණ දේවල් විතරක් හොඳයි කියන එකත් පොඩි පිස්සුවක් (නි)

:       0       0

අමාලි Wednesday, 15 October 2014 05:46 PM

ගොඩක් වටිනවා මේ ලිපිය (නි)

:       0       0

රසිකා Wednesday, 15 October 2014 01:33 PM

හොඳ වැදගත් ලිපියක් (නි)

:       0       0

උෂාන් Wednesday, 15 October 2014 12:34 PM

ටූත්පෙස්ට් වල තියන විස වලට තම දත් ඉක්මනටම දිරන්නේ.(හේ)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 12 October 2014 09:20 AM

අයියෝ , ජර්මනිය ඕවා හොයන්නේ දන්ද? චීන්නු ඕක හොයාගෙන බොහොම කල්. ඒගොල්ලන් කවදාවත් දත් මදින්නේ නැහැනේ. (නදී)

:       0       0

හෂාන් Saturday, 11 October 2014 06:21 PM

හොඳ ලිපියක් (නි)

:       0       0

නෙලුම් Saturday, 11 October 2014 11:49 AM

රාත්‍රී දත් මැදීමෙන් පසු ලුණු වතුර ටිකකින් මුඛය සේදීමෙන් රාත්‍රියේ මුඛය තුල බැක්ටීරියා වර්ධනය අඩු කර ගත හැකියි. හුඟක් බැක්ටීරියා ක්‍රියාත්මක වෙන්නේ රාත්‍රියේ . (හේ)

:       0       0

ගිහාන් Saturday, 11 October 2014 09:10 AM

කරුණාජීව , බන්දුලගේ නම් දත් ටික ගලවන්න ඇත්තේ බවලතුන් සහ පිටරට ඉන්න ලාංකිකයන්. කොයි වෙලාවෙත් ඔය දෙපක්ෂයට බැන ගත්ත ගමන්. (අ)

:       0       0

ගංගා Saturday, 11 October 2014 07:33 AM

ඕවා ජර්මනිය කියලා දෙන්න කලින් ලංකාවෙ අපි දන්නෙ නැද්ද (අ)

:       0       0

සෙනරත් Wednesday, 08 October 2014 09:26 AM

ඉතාම වැදගත් ලිපියක්. ගොඩක් ස්තුතියි පලකලාට (නදී)

:       0       0

රොකී Friday, 10 October 2014 01:07 PM

දත් ආරක්ෂා කර ගැනීමට ඇති හොඳම පිළිවෙල නම් දත් ටික ගලවා ඒවා බැංකු සේප්පුවක තැන්පත් කිරීමයි (නදී)

:       0       0

ශිෆාන් Friday, 10 October 2014 11:20 AM

දැන් කටවහගන්න ඔක්කොම (නි)

:       0       0

කරුණාජීව Friday, 10 October 2014 10:16 AM

බන්දුලගේ කටේ දත් එකක්වත් නැහැ කියලයි ආරංචියි. බාගයක් බොරු කියලම වැටිලා. අනිත් බාගේ කට්ටිය ගලවලා. (නදී)

:       0       0

සිරිල් Friday, 10 October 2014 05:41 AM

සිරිමෙවන්, මේගොල්ලන්ට තව එකක් මඟහැරිලා. බොරු කිව්වමත් දත් වැටෙනවා. නැත්නම් දත් වැටෙන්න කාගෙන්හරි හොඳට කනවා. (නි)

:       0       0

සමන්ති Thursday, 09 October 2014 10:46 PM

දත් දිරායන්නේ ආමාශයේ ඇතිවන රසායනික ක්‍රියාවන් නිසා, රාත්‍රී කාලයේදී ගලනාලය මඟින් ආපසු මුඛයට එන ද්‍රව්‍යයක් දත්වල බැඳීමෙනි (නි)

:       0       0

රෙජි-සිඩ්නි Thursday, 09 October 2014 03:38 AM

ගාමිණි මට පෙනෙන විදිහට ඔබ කරන්නේ අනිත් අයගේ කටවල් වල දත් ගැන ගැන ඉන්න එක වාගේ. (නදී)

:       0       0

දිලානි Thursday, 09 October 2014 01:06 AM

ඇත්තටම හොඳ ලිපියක් (නි)

:       0       0

සමරේ(ගාල්ල) Wednesday, 08 October 2014 04:57 PM

ඔව් නිශාන්ත ඔයා හරි.(අ)

:       0       0

නිශාන්ත Wednesday, 08 October 2014 04:11 PM

ඉස්සර වගේ නෙවෙයි දැන් අද කාලේ ආහාර රටාව ගොඩක් වෙනස් නිසා සිද්ධවෙන රෝගත් වෙනස් ඒ නිසා යම්කිසි සෟඛ්‍ය තත්වයක් ගැන පර්යේෂක පිරිසක් යම් දෙයක් හොයාගෙන ඉදිරිපත් කලාට පස්සේ එකට බැනලාවත් වාද කරගෙනවත් වැඩක් නැහැ ඒ ගැන අවධානය තමයි ඕනි (අ)

:       0       0

සිරිමෙවන් Wednesday, 08 October 2014 03:05 PM

මෙයාලට තව දෙයක් හොයාගන්න මඟහැරිලා තියෙනවා. සමහර අයට පරම්පරාගතව දත් ඉක්මනට රෝගීවීමේ ප්‍රවණතාවක් තියෙනවා. ඒ අය ඉක්මනින් දත් රෝග වලට භාජනය වෙනවා. (නි)

:       0       0

ලයනල් Wednesday, 08 October 2014 12:17 PM

කාගේද , දැන් ගාමිණීගේද හකු ගෙවිලා තියන්නේ? (නි)

:       0       0

දසනායක Wednesday, 08 October 2014 10:36 AM

ඉදල හිටලා සිංහල ක්‍රමයට හොද බුලත් විටක් කෑවා නම් ඔය මොන හෙන ගෙඩියක්වත් දත්වලට වෙන්නේ නැහැ. (නදී)

:       0       0

කරුණාජීව Wednesday, 08 October 2014 09:50 AM

මෙතන හොඳ දෙයක් තියෙනවා. තොරතෝංචියක් නැති කියවිල්ල. ඊට පහලින් තියෙනවා මෙහෙම, පමණට වඩා කට වැඩකරවන්නට යෑමෙන් හකු සන්ධිය ගෙවී යන බව පර්යේෂකයින් අනතුරු අගවති. සන්ධිය ගෙවුණු විට කට ඇරගෙනම සිටිමටම සිදු වනු ඇත. දැන් මෙයාට ඒක තමයි වෙලා තියෙන්නේ. හකු සන්ධි ගෙවිලාම, කටේ එලයින්මන්ට් ගිහිල්ලා තියෙන්නේ. කියන්නේ මොනවද කියලා තමුන් දන්නෙත් නැහැ. (නදී)

:       0       0

ගාමිණී සිරිවර්දන Wednesday, 08 October 2014 09:34 AM

ඔය කියන නාඩගම් ඉස්සර තිබුනේ නැහැ. අඟුරු කෑල්ලක් කටින් හපලා ඇඟිල්ලෙන් දත් මැද්ද ගොවිරාල නැවත මදින්නේ පසුවදා උදේට. ඉද හිටලා කරඳ,බෝඹු ගසක් දැක්කොත් කොටු කෑල්ලක් හපා දත් මැද ගන්නවා. මගේ අප්ප්පච්චි බුලත්විට යහමින් කෑවා. මියගියේ වයස 89 න්. දත් 32 කම තිබුනා. භුම දානය සඳහා වල කපද්දී කිරි අත්තාගෙ ඇටසැකිල්ල හමු උනා. හිස් කබලේ දත් 32 කම තිබුනේ ඔය කියන දන්ත උපදෙස් රැකලා නොවේ ! " ආරෝග්‍යා - පරමා ලාභා " (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site