X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


දාඩිය ගඳට මදුරුවා ඇදෙනවාලු

මදුරුවන් ඇතැම් පුද්ගලයින්ට වැඩියෙන් ආකර්ෂණය වන්නේ මන්දැයි සොයාබැලීමට පර්යේෂණයක් බි‍්‍රතාන්‍යයේ ලිවර්පූල් විශ්වවිද්‍යාලයේ පර්යේෂක පිරිසක් සිදුකර තිබේ.

ඔවුන් සොයාගෙන ඇති ආකාරයට පුද්ගලයෙකුට මදුරුවන් ආකර්ෂණය වීමට වඩාත් බලපාන්නේ ඔහුගේ හෝ ඇයගේ ජාන සැකැස්මයි.

මදුරුවන් ආකර්ෂණය වන කාබන් ඩයොක්සයිඞ් වායුව,දහඩිය,ලැක්ටික් අම්ලය,යූරික් අම්ලය ආදිය සිරුරින් වැඩියෙන් නිකුත් වන පරිදි කිසියම් පුද්ගලයෙකුගේ ජාන සැකැස්ම සකස්වී ඇත්නම් වැඩියෙන් මදුරුවන්ගේ ප‍්‍රහාරයට ලක්විය හැකි බව පර්යේෂකයින් පවසයි.

මෙම සංයෝගයන් හදුනාගැනීමේ සමත් ඉතා සියුම් සංවේදක යුගලයක් මදුරුවන්ගේ පිහිටන අතර ගොදුර ඇති තැන ඔවුන් සොයාගන්නේ එම සංවේදක ආධාරයෙන්ය.

දින කිහිපයක් ස්නානය කර නොමැති පුද්ගලයෙකුගේ සිරුරේ දහඩිය තැන්පත්ව තිබිය හැකි බැවින් එවැනි පුද්ගලයෙකුට වෙනදාට වඩා වැඩියෙන් මදුරු ප‍්‍රහාර වලට ලක්වීමේ හැකියාවක් තිබෙන බව පර්යේෂකයින් කියයි.

සිරුරේ ඇති ලේ වර්ගය පවා හදුනාගැනීමට මදුරුවන්ට හැකියාවක් තිබෙන බවද මෙම පර්යේෂණයේදී හෙළිව තිබේ.පර්යේෂකයින් පවසන්නේ මිනිස් ජනගහණයෙන් සියයට 85 ක ප‍්‍රමාණයක් සිරුරින් නිකුත් කරන විශේෂ සංයෝගයක් ආධාරයෙන් මදුරුවන්ට සිරුරේ ඇති ලේ වර්ගයද හදුනාගත හැකි බවයි.

ඒ අනුව සිදුකර ඇති සොයාබැලීම් වලින් මදුරුවන් වඩාත් පි‍්‍රයකරන්නේ ඕ රුධිර ගණය ඇතියවුන් බව අනාවරණයව තිබේ.ජනපි‍්‍රයතාවය අඩුම ලේ වර්ගයව ඇත්තේ ඒ රුධිර ගණයයි.

මදුරු කරදරයෙන් බේරී සිටීමට නම් මුලින්ම ඇග සෝදා පිරිසිදුවීම වැදගත් බව කියන පර්යේෂකයෝ අවශ්‍ය නම් සමේ ආලේපනයක් තවරාගත හැකි බවද පවසයි.

 



අදහස් (0)

දාඩිය ගඳට මදුරුවා ඇදෙනවාලු

දුමින්ද Wednesday, 18 March 2015 10:37 AM

සුවඳ විලවුන් නිෂ්පාදකයන්ට මේ සුභ පුවතක් -අලුත් වෙළද පොළක් (ම)

:       0       0

රෙජි-සිඩ්නි Wednesday, 18 March 2015 10:22 PM

අපේ රටේ මදුරුවෝ වැඩිවෙන්නේ ඒක නිසා වෙන්න ඇති. (නි)

:       0       0

ලලිත් Thursday, 19 March 2015 12:03 AM

දහඩිය ගඳට මදුරුවෝ එන බව විතරක් නෙමෙයි එම ගඳ සමනයකළ හැකි ඩීට් නමැති බෙහෙතත් දැන් වෙළඳපොලේ තිබෙනවා විවිධ නම් වලින්. මේවා විවිධ ප්‍රතිශතයන්ගෙන් මිශ්‍රකළ ස්ප්‍රේ වර්ග සහ ක්‍රීම් වර්ග මෙන්ම තෛලෝදයන්ද විවිධ නම් වලින් වෙළඳපොළේ තිබෙනවා. ඒවා ගැන විස්තර අන්තර්ජාලයෙන් බලන්නට පුලුවන්.නමුත් නිතර නිතර පාවිච්චිය සමට අහිතකරවීම තමයි ගැටලුව. (නි)

:       0       0

ලලිත් Thursday, 19 March 2015 12:12 AM

දුමින්දටත් වචනයක් කියන්නට වෙනවා.එම දහඩිය සුවඳ මදුරුවට දැනෙන්නේ අපිට සුවඳ දැනෙන විදියටම නෙමෙයි. එනිසා සුවඳ විලවුන් වලින් වළක්වන්නට බැහැ. සිට්රොනෙල්ලා තෙල් වලින් සහ සුදුලුනු සුවඳින් තරමක් එම කටයුත්ත කෙරුණත් ඉතාම සුළු වෙලාවකින් ඒවායේ බලය හීනවෙනවා. පැය 6 ත් 8 ත් කාලයක් ක්‍රියාකරන දැනට ඇති එකම 100% ක් සාර්ථක බෙහෙත වෙන්නේ ඇමෙරිකාව විසින් තම හමුදාව කළ සටන් වලදී පාවිච්චිය සඳහා වැඩිදියුණු කළ, දැනට ඇමෙරිකානු වෙළඳපොලේ ඇති ඉහත කී බෙහෙත විතරයි. නමුත් එය සිරුරට අහිතකර නිසා සමහර රටවලට ගෙන්වන්නේ නැහැ. (නි)

:       0       0

අභය Thursday, 19 March 2015 04:29 AM

මඩ පිහිදා ගත් කල ගොවියාත් රජෙක්. ගොවියට දහඩිය දැම්මේ නැත්නම් කොලඹ අය බඩගින්නේ. ගොවියා කොලඹ ඔෆිස් වලට අවාහම කොලඹ අය ගෑස් පෙන්නනවා. (නදී)

:       0       0

සිල්වියා Thursday, 19 March 2015 08:30 PM

මාව නම් මදුරුවෝ කන්නේ ඇඟ සෝදාගත්තාට පස්සේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site