මිතුරන් සමග විනෝද වීමට ඇති ඉඩ අහුරාගෙන සිටින බිරිඳගෙන් බේරීමට තමන්ම ‘‘පැහැරගත්‘‘ පුද්ගලයෙක් ඇමරිකාවේ සීටී.
බිරිඳ සමග නිවසේ සිටිනා තුර තමන්ව පැහැරගෙන යනසේ හැසිරෙන්නැයි හෙතෙම තම මිතුරන්ට උපදෙස් දී තිබේ.ඔහුගේ උපදෙස් ප්‍රකාරව දිනක රාති‍්‍රයේ මුහුණු ආවරණය වනසේ වෙස් මුහුණුද බැදගෙන නිවසට පැන ඇති මිතුරන් පිරිස මොහුව ‘‘පැහැරගෙන‘‘ ගොස් ඇත්තේ ඔහුගේ බිරිඳ භීතියෙන් බලා සිටියදීය.
බිරිඳ වහා පොලිසිය අමතා මේ බැව් දැනුම්දුන්නත් පැහැරගත්තවුන් පිළිඹද කිසිදු හෝඩුවාවක් සොයාගැනීමට පොලිසියට නොහැකි වී තිබේ.
දින දෙක කට පසුව යළිත් නිවසට පැමිණි මේ ‘‘පැහැරගනු ලැබූ‘‘ තැනැත්තා බිරිඳට පවසා ඇත්තේ තමන් කෙරෙහි අනුකම්පා කළ සොර මුල තමන් නිදහස් කළ බවයි.
මෙය විශ්වාස කළේ පොලිසිය නම් නොවේ.මෙම පුද්ගලයා ගෙන්වා සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී අවසන ඔහු බිරිඳගෙන් බේරී මිතුරන් සමග විනෝද වීම සදහා තම මිතුරන් ගේද ආධාර ඇතිව ‘‘පැහැරගැනීමක්‘‘ සැළැසුම් කළ බව පිළිගෙන තිබේ.
පොලිසිය නොමග යැවීයැයි චෝදනා ලැබ සිටින ඔහු දැන් සිර බත් කයි.නමුත් ඔහුට නියම දඩුවම ලැබෙන්නේ යළිත් නිවසට ගිය පසු බව පොලිසිය කියති.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
දැන් හිරේ නියම දඩුවම ගෙදර ගියාම
ඉන්දු මෙල්බර්න් Thursday, 10 October 2013 12:31 PM
හා හා ... ඉතින් යන්නකෝ ගෙදර (නි)
කමල් Thursday, 10 October 2013 12:53 PM
මෙයා අපේ ආචාර්යතුමාගේ විදේශ සම්න්ධීකරණ ලේකම් කෙනෙක්ද දන්නේ නැහැ(දිල්)
චන්දි අලුත්වල Thursday, 10 October 2013 01:06 PM
පව් අප්පා මේ මනුස්සයා (ත)
කුමාරි Thursday, 10 October 2013 01:24 PM
යාළුනේ අපේ ලංකාවේත් අවුරුදු 13 ළමයින්ව පහුගිය දවස්වල පැහැර ගැනීම් සිදු වුණා නේද මේ වගේ වෙන්න බැරිද?(දිල්)
දොන් සේතං Thursday, 10 October 2013 01:38 PM
චන්දි අලුත්වල ඔයාගේ සිත හරිම ලාමකයි මේ අය දිහා ඔය තරමි ලාමකව බලන්න ඒපා. ඔයාවත් පැහැරගන යන්න පුලුවන්.(නදී)
ෂෆීක් Thursday, 10 October 2013 03:10 PM
පව් අප්පා අහිංසකයා (ත)
වසන්ති Thursday, 10 October 2013 03:37 PM
අපේ අාචාර්යතුමෙකුගෙන් උපදෙස් ගන්න අැති (නි)
සුමේධ Thursday, 10 October 2013 04:13 PM
ඉල්ලාගෙන කෑවා නම් දුක විඳපන් පූසෝ (නි)
දිනේෂ් Thursday, 10 October 2013 04:52 PM
කසාද බන්දමත් තියන කරදර නේද???(දිල්)
රෝස Thursday, 10 October 2013 06:23 PM
අනේ පව් අසරණය , මටනම් හරිම දුකහිතෙනවා මෙයාට.(දිල්)
ගිහාන් Thursday, 10 October 2013 08:36 PM
මගෙත් ඉන්නවා ඔය වගේ බියගුළු යාලුවෙක්,බිරිදට තියෙන්නේ පුදුම බයක්,දෙදෙනාම වැදගත් පවුල් වල අය.පිරිමියා ඉතා හොද රැකියාවක් කරනවා. ඔහු දුම්වැටි බොන අතර බිරිද මෙයට විරුද්ධයි. පසුව ඔහු දුම්වැටි බී ගෙට එන විට බුලත් විටක් කමින් පැමිණෙනවා. එම නිසා ගද එන්නේ නැහැ. දිනක් ඔහු සහ මිතුරෙක් කඩයට ගොස් සිගරැට් 2ක් ඉල්ලා බුලත් විටක්ද ඉල්ලා ඇත. මේ සිදුවීම වන විට මොහුගේ දුරකථනය වැරදීමකින් බිරිදගේ දුරකථනය හා සම්බන්ධ වී කතා කළ සහ සිදු වූ සියල්ල බිරිද දැනගෙන තිබේ. ඉතුරිය කියන්න ඕනෑ නැහැනේ (නි)
ආරියසේන Friday, 11 October 2013 01:51 AM
අනුමානයක් නැහැ, මේකට උපදෙස් දෙන්න ඇත්තේ ලංකාවේ කෙනෙක්. (නි)
නැනී Friday, 11 October 2013 09:05 AM
ලංකාවේ ඔහොම වෙන්නේ නම් ඇමතිවරුන්ගෙන් ගැළවෙන්නලු. (නි)