ලෝකයේ පොලිස්කාරයා ලෙස හිඳිමින් ඇමෙරිකාව සිදු කරන කි‍්‍රයා නවතා සිය ජනතාවගේ ගැටලූ විසඳීමට යොමුවන ලෙස තලෙයිබාන් සංවිධානය පෙරේදා(7) දෙවනවර ජනපතිධූරයට තේරී පත්වූ බැරැක් ඔබාමාට වෙත දන්වා සිටියේය. ඇෆ්ගන් යුද්ධය අවසන්ව ඇති නිසා හමුදා භට පිරිස් තම රටෙන් ඉවත් කර ගන්නැයි ඉල්ලා සිටින තලෙයිබාන් සංවිධානය තවදුරටත් ලෝකයා කුපිත කරන කි්රයාවන්ගෙන් ඈත්වී සිටින්නැයි ද කියා සිටී. තලේබාන් සංවිධානය ඉස්ලාමීය වෙබ් අඩවියකින් හරහා මේ බව දන්වා ඇතැයි වාර්තා වේ. එමෙන්ම ඇමෙරිකානු හමුදා ඇෆ්ගන් භූමිය තුළ සිදු කරන සංග්‍රාමය අවසන්ව ඇති බව පවසන තලේබාන් ප්‍රකාශක සබියුල්ලා මුජහීඞ් සිය පූජනීය භූමියෙන් ඉවත්වන ලෙසට ඇමෙරිකා රජයට අනතුරු අඟවා ඇත. තලේබාන්වරු 1996 සිට 2001 දක්වා ඇෆ්ගනිස්තානයේ පාලන බලය හෙබවීය. මේ අතර 2001 වසරේදී ඔසාමා බින් ලාඩන් ඇමෙරිකාවට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළ ඇමෙරිකානුවෝ තලේබාන් පාලනය පෙරළා දැමූහ. ඇෆ්ගනිස්තානයේ ආරක්ෂාව වෙනුවෙන් ලක්ෂයකට ආසන්න නේටෝ භට පිරිසක් මේ වන විට රැඳී සිටින අතර ඔවුන්ගෙන් බොහොමයක් ඇමෙරිකානුවෝය. නේටෝ සංවිධානය කියා සිටින්නේ 2014 අවසාන වන විට ඇෆ්ගනිස්තානයේ රැඳී සිටින සියලූම හමුදා සේනාංක ඉවත් කර ගන්නා බවයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
දිගටම ලෝක පොලිස්කාරයා වුණොත් වැඩ වරදියි
මධූ Friday, 09 November 2012 12:40 PM
හඳ එළියට බල්ලො බුරනවලුනේ (ස)
ශිරාස් Saturday, 10 November 2012 10:47 AM
මධූ , ඔයාගේ අදහස් ජාතිවාදි නේද ?
දයා, සෞදියේ සිට Saturday, 10 November 2012 07:41 PM
පෙම්බර මදූ, ඇයි ඔයා ඔහොම කතා කියන්නේ (ස)
සුරංග Sunday, 11 November 2012 11:40 AM
ලෝකය පාලනය කරන්න කාටවත් බහ (දී)
එඩ්වඩ් Sunday, 11 November 2012 11:48 AM
මධූ හරි. (නි)
හසිත් Sunday, 11 November 2012 11:53 AM
මධූගේ ප්‍රතිචාරය එයාටම ගැලපෙනවා (ස)
සුජිත් Sunday, 11 November 2012 12:18 PM
මිනිස්සුන්ට එපා වෙනවා
නිමාලි Sunday, 11 November 2012 03:15 PM
ඒකාකාරී ජිවිත වලට මිනිස්සු කැමති නැහැ
හනිස් Sunday, 11 November 2012 07:27 PM
කතාව ඇත්ත
නාමල් Sunday, 11 November 2012 07:46 PM
ඇමෙරිකාව කාටවත් බය නැහැ. (නි)