අතමිට හිගකම නිසා සිය මළ දියණියගේ මළසිරුර පොදු ප්‍රවාහන සේවයට අයත් බස්රථයකින් නිවෙස වෙත රැගෙන යාමට තැත්කළ මව්පිය යුවළක් ගැන වාර්තා වන්නේ චීනයෙනි.
තෑගි කොළ වල එතූ මළසිරුරද රැගෙන බස්රථයට නැගීම සදහා තම වාරය පැමිණෙන තෙක් බලා සිටි මේ මව්පිය දෙපළ දුටු අනෙක් මගීන් සිතා ඇත්තේ මේ ඔවුන්ගේ දරුවන්ට ගෙන යන තෑග්ගක් වන්නට ඇති බවයි.
බස් රථයට මගීන්ගේ ගමන් මලූ ආදිය පැටැවීමට ප්‍රථම සේවකයන් ඒ සියල්ල ස්කෑන් පරීක්ෂාවකට ලක් කර ඇති අතර ඔවුන්ගේ ඉමහත් පුදුමයටත් පිළිකුළටත් හේතු වනසේ තෑගි කොළ වල ඔතා තිබූ මළසිරුර හසුවී තිබේ.
වහාම පොලිසිය කැඳැවීමට ඔවුන් කටයුතු කර ඇත.එතැනට පැමිණි පොලිස් නිළධාරීන් හමුවේ හඩාවැවී ඇති මව්පිය දෙපළ පවසා ඇත්තේ රෝගයක් උත්සන්න වීමේන් රෝහලේදී මියගිය සිය දියණිය නිවස වෙත ගෙන ඒමට අවමගුල් කටයුතු සංවිධානය කරනා ආයතනවල සේවය ලබාගැනීමට තැත් කළත් ඒවායේ සේවාව ඉතා මිල අධික වූ බැවින් මේ ආකාරයට හෝ දියණියගේ දේහය නිවස කරා ගෙනයාමට උත්සාහ කළ බවයි.කිසිවෙකුටත් හිරිහැරයක් නොවනසේ මළ සිරුර ගෙන යාමට සූදානම් කළ බවත් මේ සියල්ල දුප්පත්තම නිසා බවත් ඔවුන් දෙපළ පොලිස් නිළධාරීන් හමුවේ කියා ඇත.
පොදු ප්‍රවාහන සේවා යොදාගෙන මළ සිරුරු ප්‍රවාහනය කිරීම චීනයේ නීතියෙන් තහනම් වුවත් මේ සියල්ලට සවන් දුන් පොලිස් නිලධාරීන් දඩුවම් කිරීමකින් තොරවම ඔවුන් නිදහස් කර යැවීමට කටයුතු කර තිබේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
දුප්පත්කම මළ ගමටත් හරස් වේ
ගාමිණී Thursday, 25 April 2013 09:55 PM
පුර සාරම් දෙඩුවේ නැතත් වයාපාරික ලෝකයේ අගතැන් පත් චීන රටේ ජනතාව මේ තරම් දුක්කිතද?(නදී)
රාජු Friday, 26 April 2013 12:02 AM
අපිට ණයදෙන චීනය.(නදී)
මුරුගන් Friday, 26 April 2013 01:19 AM
සදරුවන්, ද සිල්වා,මේක කියෙවුවද? ඔහෙලා ආවඩන්නේ මෙන්න මේ රටට. ලෝකේ දෙවැනි ආර්ථිකේ. ලෝකෙටම ණය දෙනවා. ඇමරිකන් විරෝධියන්ට හුලන් ගහන්න යුවාන් විසිකරනවා කෝටි ගණන්. මොකෝ මිනිස්සුන්ට උද්ගෝෂණ කරන්න පුළුවන් කියලැයි? (නි)
සුගත් Friday, 26 April 2013 10:48 AM
ලෝකේ දියුණුම රට කියන ඇමෙරිකාවෙත් ඔය ටිකම තමයි. මුරුගන් කලබල වෙන්න ඕනෑ නැහැ. (නි)
ශාලිකා Friday, 26 April 2013 01:34 PM
මෙතන තියෙන ගැටලුව රෝගයකින් ආසාදනයට ලක්වූ කෙනෙක් එසේ පුද්ගලික නැත්නම් පොදු ප්‍රවාහන සේවයකින් රැගෙනයාම. චීනයේ සෞඛ්‍ය සේවය ගැන කවර කතාද?ප්‍රතිශක්තිකරණ එන්නතටත් සල්ලි ගන්න කොට.(නදී)
සිතිර Friday, 03 May 2013 04:52 AM
ආර්ථිකේ කොහොම වුණත් හරිම හොඳ පොලිසියක් චීනේ තියෙන්නේ. (නි)