X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


දුම්රිය ඔසවා මගියා බේරාගනී

ටොන් 90ක් බරැති දුම්රියක් ඔසවා මගියකු බේරාගැනීමට ඕස්ට්‍රේලියාවේ දුම්රිය මගීහු සමත් වූහ. පර්ත් නගරයට කිලෝ මීටර නමයක් ගිනිකොණ දිගින් පිහිටි ස්ටියර්ලින්ග් දුම්රිය ස්ථානයේ දී දුම්රියට නැගීමට ගොස් පය ලිස්සා ගිය පුද්ගලයකුගේ පාදයක් දුම්රිය හා වේදිකාව අතර හිරවිය.

මගියා හිරවිමත් සමගම දුම්රිය ඉදිරියට හෝ පසුපසට නොගන්නා ලෙස දැනුම් දුන් පිරිසක් එහි සිටි සියළු දෙනාගේ සහයෝගය ලබා ගනිමින් දුම්රිය ඔසවා හිරවූ පුද්ගලයා ගලවා ගත්හ.

විනාඩි දහයක් වැනි සුළු කාලයක දී ඔහු බේරාගැනීමට පිරිස සමත් වූහ. ඒ වනවිටත් ඔහු රෝහලකට ගෙන යාමට ගිලන්රථයක් පැමිණ තිබුණ ද ඔහු තුවාල කිසිවක් සිදුව තිබුණේ නැත.

train 1

train 3

train 2

train passengers rescue a man trapped between train and platform

 



අදහස් (0)

දුම්රිය ඔසවා මගියා බේරාගනී

පහන්දී Thursday, 07 August 2014 01:53 PM

ඇත්තටම ආදර්ශවත් වැඩක්. අපේ රටෙත් මේ වගේ අය ඉන්නවා. නැහැ කියන්න එපා (නි)

:       0       0

රුපවති Thursday, 07 August 2014 05:58 AM

මනුස්ස ජීවිතයක වටිනාකම දන්නා මිනිසුන් සිටිනා රටවලින් මෙවැනි දේ අපිට ආදර්ශයක් ...? (දී)

:       0       0

නිලුක පුෂ්ප කුමාරි Thursday, 07 August 2014 06:10 AM

භයානකයි (දී)

:       0       0

ජෙරාඩ් Thursday, 07 August 2014 06:29 AM

මනුස්සකම මතු වෙච්චි වටින අවස්ථාවක්. ලෝකේ කොහෙත් යහපත් මිනිස්සු තමයි වැඩිපුර ඉන්නේ. සුළු පිරිසකගේ අයහපත් දේ වැඩියෙන් ප්‍රචාරය වුනාට. අමතක කරන්න එපා ලංකාව යහපත් මිනිස්සු ඉන්න රටක්. (දී)

:       0       0

කලුවා Thursday, 07 August 2014 06:39 AM

ලංකාවෙත් ඉන්නව මේ වගේ හොද මිනිස්සු .... කවුද නෑ කියන්නෙ (දී)

:       0       0

පුබුදු Thursday, 07 August 2014 06:46 AM

සංජය කියන දේත් ඇත්තක් තියෙනවා. (දී)

:       0       0

සම්පත් Thursday, 07 August 2014 06:48 AM

ලංකාවේ නම් මේකටත් කමිටුවක් පත් කරනවා (දී)

:       0       0

සම්පත් Thursday, 07 August 2014 08:31 AM

කලයුතු වෙලාවට, කලුතුදේ කරන්ඩ ඕනේ.. හදවතින්ම ස්තුතිකරමු සියලු දෙනාට ...(දී)

:       0       0

තරිඳු Thursday, 07 August 2014 11:00 AM

මේක ලංකාවේ මිනිස්සුන්ට හොඳ ආදර්ශයක්.දැන් දැන් හුඟක් මිනිස්සු කාට හරි විපතක් වුනාම පිහිටට එන්නේ නැහැ. හැමදේම සිදු වෙලා ඉවර වුනාම පව් කියල බොරුවට කියනවා. ඕස්ට්‍රේලියාවේ මිනිසුන් හැමෝම වගේ විපතකදී අනුන්ට පිහිට වෙනවා. ඔස්ට්‍රේලියාව රටක් හැටියට දියුණු වීමට ත් සමාජයක් ලෙස ප්‍රසන්න වීමටත් මේ ගතිය එක හේතුවක්. ලංකාවේ මිනිසුන් සමාජයක් ලෙස පිරිහෙන්නේ ආත්මාර්ථකාමී ගතිය නිසා. (දී)

:       0       0

ධර්මේ Thursday, 07 August 2014 11:08 AM

ලංකාවේ ඕක උනානම් අර මිනිහගේ කකුල කපනවා ෂුවර් (දී)

:       0       0

ගයාන් Thursday, 07 August 2014 12:22 PM

ලංකාවෙ මෙහෙම වුණා නම් ඒකටත් අපේ පවතින රජය තමයි පළි. (නි)

:       0       0

තිලංක Thursday, 07 August 2014 12:55 PM

නියමයි. සුපිරි වැඩක් (නි)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 07 August 2014 01:46 PM

ඒ රටවල මිනිස්සු අපේ රටේ අය වගේ නෙමෙයි (නි)

:       0       0

සුමින්ද Thursday, 07 August 2014 05:54 AM

ලංකාවේ මේ වගේ උනානම් කට්ටිය මෙහෙම එකතු වේවිද? (දී)

:       0       0

නිලුකා රුවන්ති Thursday, 07 August 2014 03:33 PM

වසනා වන්ත මනුස්සයෙක් (අ)

:       0       0

ඉන්දික Friday, 08 August 2014 04:16 AM

මනුසත්කමේ සංකේතයක් (අ)

:       0       0

රසික Friday, 08 August 2014 04:27 AM

වාවූ නියමයි. එහෙම තමා ඉන්න ඕන . (අ)

:       0       0

උෂානි Friday, 08 August 2014 12:04 PM

ලංකාවෙත් ඒ වගේ එක එක වැඩ කරනවා නම් ගොඩක් හොඳයි කියලා මන් හිතන්නේ. මනුස්සයෙකුට කරදරයක් උනාම ෆොටෝ ගහ ගහ ඉන්නේ නැතුව උදව් කරන එකයි අපේ යුතුකම (නදී)

:       0       0

මලිඳු Saturday, 09 August 2014 03:47 AM

ඇත්තටම ගොඩක් වටිනා උතුම් වැඩක් ඒ වැඩේට උදව් වෙච්ච හැමෝටම ගොඩක් පින්..............ඒ වගේම අපේ රටේ ඉන්න මිනිසුන්ට එ්ක හොඳ පාඩමක්.......අපේ එකමුතු කම මනුස්ස කම නැති වෙන මේ කාලේ ඒ රට වල වෙලා මිනිස්සු ඒ හොද ගති ගුණ දියුණු කර ගන්නවා.(අ)

:       0       0

ජයන්ත Saturday, 09 August 2014 02:18 PM

එකමුතුකම ලෝකයටම පෙන්වූ අවස්ථාවක්. (අ)

:       0       0

කැලුම් Sunday, 10 August 2014 03:20 AM

අපේ දුම්රියක වුණා නම් රියදුරාට දන්වන්න විදිහක් නැහැ. මෙහෙ හැම දුම්රිය මැදිරියකම සිට රියදුරාට කතා කරන්ඩ ඉන්ටකොම් පද්ධතියක් තියනවා. රියදුරාට බලන්න පුළුවන් දුම්රියේ හැමතැනම.කැමරා සවිකරලා තියනවා. (නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Sunday, 10 August 2014 07:57 AM

ඇත්තෙන්ම මනුස්සත්වයේ උපරිම බව දැනෙනවා. ලකී, එ්ක ඇත්ත. (නදී)

:       0       0

ශෙහාන් Sunday, 10 August 2014 12:18 PM

නියම මිනිස්සු (නදී)

:       0       0

මිණිරුවන් Monday, 11 August 2014 09:33 AM

ඇත්තටම මේ වගේ දේවල් අගය කරන්න ඕන. මේ වගේ අවස්ථාවක වැදගත් වන්නේ අනතුරට පත් පුද්ගලයා බේරා ගැනීමට කටයුතු කිරීමයි. ඒ වාගේම එය ඉතා ඉක්මණින් කළයුතුයි. ලංකාවෙත් මේ වගේ රිය අනතුරු ඇතිවූ අවස්ථාවලදී පුද්ගලයන් බේරා ගැනීමට ඒ අසල සිටි අය ක්‍රියාකර තිබුණා. කෙනෙකුට කරදරයක් වුණාම ඒ අයට උදවු කිරීම මනුසත්කමේ කොටසක් බව ලෝකයාට බලාගන්න මේක හොඳ උදාහරණයක්. (දී)

:       0       0

ගයාන් Wednesday, 13 August 2014 04:41 AM

නියමයිනේ! (නි)

:       0       0

අසංක Thursday, 14 August 2014 06:32 AM

ආදර්ශමත් වැඩක් ,ගොඩාක් හොද වැඩක් (දී)

:       0       0

බණ්ඩාර Thursday, 07 August 2014 04:13 AM

හරිම හොද පුවතක් සියලුම දෙනාට ආදර්ශයක්, අපේ මිනිස්සු නම් අහක බලාගෙන යනවා, සේරම නෙවේ, (දී)

:       0       0

මොහාන් Wednesday, 06 August 2014 10:53 PM

ලංකාවේ නම් ජංගම දුරකතනයෙන් ඡායාරූප ගනී මිනිස්සු (නි)

:       0       0

රත්නසිරි Wednesday, 06 August 2014 11:29 PM

උතුම් මිනිස්සු. (නි)

:       0       0

අබ්දුල් Thursday, 07 August 2014 12:29 AM

මෙන්න එකමුතුකමේ බලය! (නි)

:       0       0

සංඛ Thursday, 07 August 2014 12:36 AM

ඔන්න මිනිස්සු. උත්තමාචාරය ශ්‍රී ලංකාව වෙනුවෙන් (නි)

:       0       0

රන්ජිත් Thursday, 07 August 2014 01:07 AM

සමගිය බලය වේ. (නි)

:       0       0

කැලුම් Thursday, 07 August 2014 02:38 AM

මේ අනතුරේ සම්පුර්ණ වීඩියෝ එක මම බැලුව. කවුරුවත් තමන්ගේ ජංගම දුර කථන වලින් පොටෝ අරගන්ඩ යන්නේ නැහැ.(අ).

:       0       0

නැනී Thursday, 07 August 2014 03:16 AM

උතුම් ජනතා එකමුතුවක්. මල් මිටක්. (නදී)

:       0       0

සුජි Thursday, 07 August 2014 03:29 AM

අපේ අය මේ වගේන්වත් පාඩම් ඉගෙන ගන්නවානම් හොඳයි (දී)

:       0       0

සජිත් Thursday, 07 August 2014 03:31 AM

අපෙත් මිනිස්සු ඉන්නවා ඕනෑම මොහොතකදී උදවුවට එන (දී)

:       0       0

ප්‍රේම් Thursday, 07 August 2014 03:42 AM

අපේ අයත් ඉන්නවා ඔයිට වැඩිය උදව් කරලා තියෙන. කෙසේ වෙතත් ඕස්ට්‍රේලියා මගීන්ට මගේ උත්තමාචාරය! (දී)

:       0       0

මහි Thursday, 07 August 2014 03:55 AM

මේවා මිනිස්සුන්ගේ හොඳම එකමුතු කම් (දී)

:       0       0

ලකී Thursday, 07 August 2014 04:11 AM

අපේ රටේ නම් මේ මිනිහ මැරෙනකන් ෆොටෝ ගහලා.ඕක ෆේස්බුක් දාල ලයික් ටිකක් ගනියි.. (දී)

:       0       0

ප්‍රියන්ත Wednesday, 06 August 2014 08:11 PM

මේවාට ප්‍රතිචාර දානවත් අඩුයි අපේ අය (නි)

:       0       0

විමල් Thursday, 07 August 2014 04:19 AM

නියම හිතහොඳ මිනිස්සු ඕස්ට්‍රේලියාවෙ මේ ගුණ යහපත්කම් තියනවා සුපිරියි ඈ.... (දී)

:       0       0

ලංකා Thursday, 07 August 2014 04:26 AM

අපේ රටේ ප්‍රවෘති කියන්නේ මිනීමෙරුම් මංකොල්ලකෑම් කාන්තා දුෂණ හොරකම් මැරකම් උනාට වෙන රටවල ප්‍රවෘතිවලට පෙන්වන්නේ මේවා තමයි (අ)

:       0       0

රෙජි Thursday, 07 August 2014 04:29 AM

එක්සත්ව එක්සිත්ව එකතු උනාම කරන්නබැරි දෙයක් උනත් කරන්න පුළුවන්.(අ)

:       0       0

සරත් Thursday, 07 August 2014 04:41 AM

ලංනාවේ නම් සියළුම රුප නාලිකා එතැන. හොදට මාකට් කරනවා. (අ)

:       0       0

අනු Thursday, 07 August 2014 04:54 AM

මිනිස්සු ගැන පුදුම ආදරයක් ඇති වෙනවා මේ වගේ සිද්දි දැක්කම (අ)

:       0       0

මොනිකා චමෝදි Thursday, 07 August 2014 05:01 AM

එකමුතුකම තියෙනවනම් කරන්න බැරි දෙයක්නැහැ.මෙවැනි දේවල් හැමෝටම අාදර්ශමත් වේවා !!!(අ)

:       0       0

ඉසුරන්දි Thursday, 07 August 2014 05:02 AM

පෙර වාසනාවක් ඒ මනුස්සයාගේ..(අ)

:       0       0

පෙරේරා Thursday, 07 August 2014 05:02 AM

මෙන්න උතුම් මිනිස්සු. (අ)

:       0       0

සන්ජය Thursday, 07 August 2014 05:07 AM

ලංකාවේ විද්‍යුත් නාලිකාත් බලාගෙන ඉන්නේ මොකාක් හරි කුණු ගොඩක් දාල රසයක් පෙන්නන්නනේ ඒකනිසා තමා ලංකාවේ වැසියොත් හැම කෙහෙල්මලම වීඩියෝ කරන්නේ.(අ)

:       0       0

රොහාන් Thursday, 07 August 2014 05:28 AM

අහන්නත් සතුටුයි උතුම් දෙයක් (අ)

:       0       0

නිශේන් Thursday, 07 August 2014 05:53 AM

මෙහෙම කරදරයකදී මෙහෙ මිනිස්සු කිසිම භේදයක් නැතිව එකතු වෙනවා. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site