හින්දු වන්දනාකරුවන්ගෙන් පිරි ගිය නැගෙනහිර ඉන්දියා දුම්රියපොළක දුම්රියක් පදවා තිස්හත් දෙනකු මරණයට පත් කර හතලිස් දෙනකුට තුවාළ කළැයි කෝප වු පිරිස් රියදුරාට තඩිබා දුම්රිය මැදිරිද ගිනි තැබුහ.
රියදුරා මිය ගිය බව දුම්රිය නිලධරයෙක් පැවසීය.එහෙත් තවත් නිලධරයකු පැවසුයේ ඔහු බරපතල තත්ත්වයෙන් රෝහල් ගත කළ බවයි.මෙම දුම්රිය එම දුම්රියපොළේ නතර නොකරන බවත් මිනිසුන් රේල් පාරේ සිටි බවත් අධික වේගයෙන් ආ දුම්රිය නතර කැර ගැනීමට රියදුරාට නොහැකි වු බවත් දුම්රිය නිලධරයෝ කියති.
බිහාර් ප්‍රාන්තයේ පැටිනා නුවරට කිලෝමීටර් 175 ක දුරින් මෙම ඛේදවාචකය සිදු විය. දිනකය දුම්රිය මගීහු එක්කෝටි අසුපන්ලක්ෂයක් එරට දුම්රියේ ගමන් කරති
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
දුම්රිය පාරේ සිටි 37ක් මරුට
බණ්ඩා Wednesday, 21 August 2013 05:53 PM
ඉන්දියන් අය දන්නේ නැද්ද දුම්රිය පාරේ හිටගෙන හිටියහම දුම්රියට යට වෙනවා කියලා.දුම්රිය එනකොට රේල් පාරේ ඉන්න හරක් වුණත් අයින් වෙනවා (නි)
ෆස්රුල් ගෆූර් - කටාර් Thursday, 22 August 2013 10:23 AM
චමින්ද ප්‍රදීප් - ජයලලිතා ඉන්නේ තමිල් නාඩුවේ. බිහාර් කියන්නේ නැගෙනහිර ඉන්දියාව. එහි ප්‍රධාන ඇමති "නිතිෂ් කුමාර්" ඉතින් මේවා ජෙයාට කියල වෙඩක් නැහැ. උදය කියන වගේ ඉන්දියානුවෝ වැසිකිලි යන්නේ නිදා ගන්නේ දුම්රිය මාර්ගයේ හැමෝම දන්නවා ලංකාවේ වගේ ඉන්දියාවේ මිනිස්සුන්ට දුම්රිය මාර්ගයේ පයින් යන්න බැහැ. (නීතියෙන් තහනම් වුනත්) ඊට හේතුව ඒ තරමට ජරාව. (දී)
ද සිල්වා බෙර්ලින් Thursday, 22 August 2013 03:43 AM
චමින්ද ප්‍රදීප්, දුම්රිය රියැදුරු ශ්‍රී ලාංකික සිංහලයෙක් වුණා නම් ජයලලිතා ඉන්දියාව දෙවනත් කරමින් යක නටාවි. ඉන්දියාවේ සුපිරි ධනවතුන් සුලුකොටසක් සිටින අතර දුප්පතුන් කෝටි ගණනක් සිටිති. උගතුන් සුළු ප්‍රමාණයක් සිටින අතර නුගතුන් විශාල ප්‍රමාණයක් සිටින බව පෙනේ. කොච්චිය රේල් පාරේ යන්නේ නැතුව මහා පාරේ යන්නද? මැරුන මිනිසුන් ගැන මට දුකයි. නමුත් කිසිම දුම්රිය රියදුරකු කැමැත්තෙන් මිනිසුන් දුම්රියට යට නොකරති. රියදුරාට පහරදී මරා දැමීම ඉතාම නින්දිත ක්‍රියාවකි.මෙහෙම මෝඩ මිනිස්සු ඉන්න රටේ බෞද්ධ භික්ෂුන්ට පහර දීම ගැන පුදුම විය යුතු නැත (නි)
උදය Wednesday, 21 August 2013 11:27 PM
ඉන්දියාවේ අය වැසිකිලි යන්නේ මහා පාරේ. නිදා ගන්නේ දුම්රිය මාර්ගයේ. (නි)
මීනු Wednesday, 21 August 2013 09:57 PM
ලංකාවෙත් මෙහෙම වෙයිද? (නි)
චමින්ද ප්‍රදීප් සිල්වා Wednesday, 21 August 2013 08:36 PM
ජයලලිත ට මේවා පෙන්නේ නැද්ද ගෙවල් ටිකක් හදල දුන්නනම් රේල්පාරේ ඉන්න ඕනේ නැහැනේ රියදුරාව මරල හරියනවා ද (අ)
ද සිල්වා Wednesday, 21 August 2013 08:08 PM
වෙන හිටගෙන ඉන්න තැනක් නැතුවද රේල් පාරේ හිටගෙන ඉන්නේ , අපේ යටත් හොඳ පාඩම් (අ)
ෆස්රුල් ගෆූර් - කටාර් Wednesday, 21 August 2013 06:48 PM
සුජීව, අනාරක්ෂිත ගේට්ටුවටයි මේ සිදුවීමටයි කිසිම සම්බන්ධයක් නැහැ. හැමෝම දන්නවා ඉන්දියාවේ ඉන්නේ මෝඩ මිනිස්සු බව. නොනවත්වන දුම්රියක් නැවැත්වීමට මිනිසුන් දුම්රිය මාර්ගය අවහිර කරලා තිබෙනවා. ඉතාමත් පැහැදිලියි රියදුරු මහත්මයා කිසිම වැරැද්දක් නොකළ බවට. අනික "බිහාර්" කියන්නේ මේ වගේ සිදුවීම් නිතර නිතර සිදුවන ප්‍රාන්තයක්. ලංකාවේ මිනිස්සු මේ වගේ අදූරදර්ශී ක්‍රියා වලට පෙළඹෙන්නේ නැහැ. (නි)
කෙවින් Wednesday, 21 August 2013 05:59 PM
අදික වේගයෙන් ආවත් ටිකක් හිමින් ආවත් රේල් පාරේ හිටියොත් අනිවාර්යයෙන්ම මැරෙනවානේ. (දී)
සුජිව Wednesday, 21 August 2013 04:23 PM
මහත් අදුරදර්සි ක්‍රියාවක්, ශ්‍රී ලංකික දුම්රිය දෙපාර්ත මේන්තු බලධරෙනි මේවා ආදර්ශයට ගෙන අනාරක්ෂිත දුම්රිය මාර්ග වලට ඉක්මන් පිළියම් යොදන්න, නැතිනම් වැලිවේරිය වතුර ප්‍රශ්නයක් වගේ දුර දිග යයි. (අ)
ආනන්ද Wednesday, 21 August 2013 05:37 PM
වාසනාවකට ලංකාවෙ මේක නොවුනේ. නැත්නම් මේකටත් ආශචර්යය ගාවගෙන අදහස් සියගනනක් දාලා අපේ ඉන්න මහාචාර්යවරු. (නි)
සුරන් Wednesday, 21 August 2013 05:21 PM
සුජීව, ඔයා ළගදිද අංගොඩ ඉදලා ආවෙ? නැත්තම් ඔයා ඇන්කර් ද බොන්නෙ. (නි)
බන්දුල පෙරේරා Wednesday, 21 August 2013 05:11 PM
පුදුම ලෝකයක්නේ..කෝච්චිය එන කොට පාර මැද හිටියම රියදුරා පලිද..මීට පස්සේ මෙහෙ කට්ටියත් ඕක අදර්ශේට ගනීවිද දන්නේ නැහැ..කෝකටත් ඔය කොච්චි පයිලට්ලා ඔය යුනිෆෝම් එක ගලවල සිවිල් ඇදුමකින් හිටියොත් ඇගට ගුණ වේවි වගේ.නැත්නම් බෙල්ල මුලට අහු වෙනවා... (දී)
චමින්ද Wednesday, 21 August 2013 05:09 PM
මොවුන් රේල් පාරෙද් ඉන්නේ? ගෙවල් වල නොවේද? ජය ලලිතට කියමු මේවා ගැන සොයන්න කියලා ලංකාවට ගොරවන්නේ නැතුව (නි)
සරත් අතාවුද Wednesday, 21 August 2013 04:48 PM
අපරාදේ මිනිස් ජීවිත ටික (අ)
කටුවන Wednesday, 21 August 2013 04:41 PM
රියදුරාගේ කිසි වැරද්දක් නෑ. මිනිස්සුන්ගේ මෝඩකම. (ස)
සුරන් Wednesday, 21 August 2013 04:32 PM
ඉන්දියවෙ අය ඉතින් කොහොමත් මොලයක් තියන අය නෙවෙ නේ. රේල් පාරේ හිටගෙන ඉදලා . හැප්පුනාම ඩ්‍රයිවර්ට ගහනවා. (අ)