X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 09 වන බදාදා


දුම් බොන්නාගේ මුහුණ රුයිතෙට

බොහෝ දුම්බොන්නන් දුම්බීම අත්හැරීමට පෙළඹෙන්නේ ඔවුන් තම සෞඛ්‍යට වඩා පෙනුම මුල් කොට සළකන හෙයින් යැයි නවතම සමික්ෂණයකින් හෙළිව තිබේ.

දුම්බීම අත්හැර පුද්ගලයින් 1500 ක් යොදාගෙන සිදුකර ඇති මේ සමික්ෂණයෙන් ඔවුන්ගෙන් බහුතරය දුම්බීම නිසා තම පෙනුමට සිදුව හානිය ගැන සිතා දුම්බීම අත්හැර ඇතැයි අනාවරණයව වී තිබේ.

නොකඩවා දුම්පානයෙහි යෙදෙන්නන්ගේ සම රැළි වැටීම,දත් කහ පැහැ ගැන්වීම,මුහුණ අව පැහැ ගැන්වීම,නියපොතු කඩතොලූ වීම වැනි ලක්ෂණයන් ඇති වේ.

දුම්පානයේ ආදීනව ගැන බොහෝ කරුණු තිබෙතත් ඒවා සියල්ලක්ම පාහේ සෞඛ්‍යමය කරුණු අරබයා ඉදිරිපත් කළ ඒවා බවත් දුම්පානය නිසා පෙනුමට සිදුවන හානිය පිළිබඳ වැඩි අවධානයක් යොමු කෙරී නොමැති බවත් සමික්ෂණය කළ බි‍්‍රතාන්‍යයේ වි.අයි.පී. විද්‍යුත් දුම්වැටි නිෂ්පාදක සමාගමේ අදහසයි.

දුම්පානය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටළු උදෑසන මුහුණ බලන කණ්නාඩියෙන් නොපෙනන නිසා දුම්පානය කරන්නන් දුම්පානය අත්හැරීම කෙරෙහි වඩාත්ම යොමු කරවන්නේ පෙනුමේ සිදුවන වෙනස්කම් බව සමීක්ෂණයට ලද ප‍්‍රතිචාර වලින් පෙනේ.

 



අදහස් (0)

දුම් බොන්නාගේ මුහුණ රුයිතෙට

සමන් Tuesday, 14 January 2014 04:27 PM

හැබැයි සමහර රටවල ගෑණූ අය නම් දුම් බොන්නේ කෙට්ටු වෙන්න ඕන කියලලු. අනේ මන්ද. (දිල්)

:       0       0

රීටා Wednesday, 15 January 2014 12:15 AM

සමන් විද්‍යාවට අනුව දුම් බිම නිකොටින් වලට ඇබ්බැහි වීමක් පමණක් නොවේ. එය නිතර සිගරට්ටුව කට තුලට දමා ගැනීමේ බෞතික පුරුද්දක්ද වේ. නිකොටින් ඇබ්බැහිය නැති කලත් බෞතික පුරුද්ද නැති කිරීමට කලක් ගතවේ. ඒ බැවින් දුම්පානය අත් හැරීමට උත්සහ කරන්නන් නිතර රස කැවිලි අඩිය ගැනීමට පෙළබේ. එය ස්තුල භාවයට හේතුවකි.(නදී)

:       0       0

ජනක Wednesday, 15 January 2014 12:31 AM

විද්‍යාවේ කියන විදියට දුම්කොලවලට වඩා ගංජා අගැට කරන විනාසේ අඩුයි.නමුත් ගංජා හැමතැනම වැවෙන නිසාත්,ඕනෑම කෙකෙක්ට ඉතා පහසුවෙන් පානය කල හැකි නිසාත් එයින් ආණ්ඩු වලට බද්දක් අය කිරීම ප්‍රයෝගික නැත. (අ)

:       0       0

විද්‍යා Wednesday, 15 January 2014 01:55 AM

මම එක්කත් ඒ අය හිටියා. මැරුනේ හතර මහා දුක් විඳලා. ගෙවල් වල අයට කරදර කරලා තමයි දුම් බොන්නේ. ඒ මගේ පාප මිත්‍රයෝ(නදී)

:       0       0

ශාන් Wednesday, 15 January 2014 02:04 AM

දුම් බොන ගොඩක් අය මෝඩ ගති හා අඩු මානසික ගතියක් තියන අය. මේ අය කවදාවත් අඳුරෙදි දුම් බොන්නේ නැහැ. අනුන් ඉස්සරහ ලොකුකමක් ගන්න තමයි මේ වැඩේ කරන්නේ.(නදී)

:       0       0

සත්‍යා Wednesday, 15 January 2014 06:45 AM

ලංකාවේ වෙලා තියෙන්නේ දුම් බොන්න සල්ලි නැතුව මුහුණ රුයිතෙට යන එක.(දිල්)

:       0       0

ශාන්ති Wednesday, 15 January 2014 09:04 AM

රුයිතෙට ඉතුරු උනොත් ඇති (දී)

:       0       0

විශාකා Wednesday, 15 January 2014 01:32 PM

සිගරට් බොන කෙනෙක් ගාව හිටියත් වමනේ යනවා (දී)

:       0       0

දම්මි Wednesday, 15 January 2014 01:32 PM

මරුව තමන්ම ලංකර ගන්නවා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site