මාස 11 දී මවකගේ පැහැරගැනීමට ලක්වූ දැරියක වසර විස්සකට පසු සොයාගත් බව ඕස්ට්‍රේලියා පොලීසිය පවසයි. සවන්තා හැරිස් ටොඩ් ඇමෙරිකාවේ අතුරුදන්වූවන්ගේ ලේඛණයේ වසර 19 ක් ම නම සදහන් වූ දැරියකි.
1994 වර්ෂයේදී ඇමෙරිකාවේ සවුත් කැරොලිනාහි දී ඇය අතුරුදන් වූ බව ඇගේ පියා පොලීසියට පැමිණිලි කැර තිබිණි. බෙන්ජමින් හැරිස් ටොඩ් නමැති පියා තම දියණිය සොයා දශක දෙකක කාලයක් දැරූ වෙහෙසේ ප්‍රතිඵලයක් ලෙස ඇය සොයා ගැනීමට හැකිවූ බව ඕස්ට්‍රේලියා පොලීසිය කියයි. දැරිය සිටින ස්ථානය ගැන පොලීසියට පවසා ඇත්තේ පියා විසිනි.
මේ දැරියගේ මව ඩොරති ලී බානෙට් ප්‍රධාන සැකකාරියයි. මව මානසික ආබාධයකින් පෙලෙන බව අධිකරණය ලබාදුන් තීන්දුවකින් පසු සවන්තා හැරිස් දැරිය ඇගේ පියා වූ බෙන්ජමින්ගේ භාරයට පත්කැරිණි. ඩොරති දියණියට උපත ලබා දීමටත් පෙර මේ යුවල වෙන්ව සිටියහ. අධිකරණයේ තින්දුවෙන් පසු දැරිය බෙන්ජමින්ගේ මව භාරයේ සිටියදී ඩොරති විසින් 1994 අප්‍රේල් මස 22 දා දැරිය පැහැරගත් බව බෙන්ජමින් පොලීසියට පැමිණිලි කැර තිබිණි.
එදා පටන් පොලීසිය හා බෙන්ජමින් දැරිය සොයා වෙහෙසුණ ද ප්‍රතිඵලයක් අත්වූයේ නැත. වසර 19 ට පමණ පසු ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් පොලීසිය ඩොරති හා ඇගේ විසි හැවිරිදි දියණිය ක්වින්සිලනඩ් හි කෝට් වලදී අත්අඩංගුවට ගනු ලැබූහ. අත්අඩංගුවට පත්වන විට ඩොරති විවිධ නම්වලින් අවස්ථා කිහිපයක දී පෙනී සිටි බව ද පොලීසිය කියයි.
ඕස්ට්‍රේලියාවේ වාර්තා අනුව සවන්තා දැනට ක්වින්ලන්ඩ් සරසවියේ හෙදියක ලෙස පුහුණු වෙමින් සිටියි. පොලිසිය මේ දෙදෙනා උසාවියට ඉදිරිපත් කළ අවස්ථාවේ ඇය කියා ඇත්තේ තම මවට දැඩි සේ ආදරය කරන බවයි. මේ මවත් දියණියත් උසාවියට ඉදිරිපත් කළ අවස්ථාවේ ඩොරතිට සහය වීමට විශාල පිරිසක් උසාවිය ඉදිරිපිට රැස්ව සිටි බව ද ඕස්ට්‍රේලියා මාධ්‍ය වාර්තා කරයි. ඔවුන් පවසන්නේ ඩොරති සිය දියණිය වෙනුවෙන් ම කැපවූ චරිතවත් කාන්තාවක් බවයි. එමෙන් ම ඩොරතිගේ නීතීඥයන් උසාවියට කියා ඇත‍්තේ ද තම සේවාදායිකාව යළි පැනයාමට අදහස් නොකරන බවයි. ඕස්ට්‍රේලියාවේ රැකියාවක් කළ ඇය ආර්ථික අපහසුතා හේතුවෙන් තම දියණියට ඉගැන්වීමට සිය නිවස පවා උගසට තබා ඇතැයි නීතීඥයන් උසාවියට කරුණු දක්වා ඇත.
දැරිය පැහැරගත් ඩොරති මුළින්ම දකුණු අප්‍රිකාවට ගොස් ඇති බවත් එහිදී ජුවන් හෙල්ඩෙන්හවුස් නමැති අයකු හා 1995 දී විවාහ වී ඇති බවත් අනාවරණය වී තිබේ. එම විවාහයෙන් ඇය පුතකු වැදුවාය. ඔහු දැන් 17 වැනි වියේ පසුවෙයි. අප්‍රිකාවෙන් ඇය නවසීලන්තයට පැමිණියාය. නවසීලන්තයේ පුරවැසි බව ද ලබාගත් ඇය වසර පහකට පසු සිය දෙවැනි සැමියාගෙන් ද වෙන්වී ඇත. ඇගේ වෙන්වීමෙන් පසු ඔහු අස්ථි පිළිකාවකින් මියගියේය. ඕස්ට්‍රේලියා පොලීසිය පවසන්නේ ඩොරති ඇලෙක්සැන්ඩ්‍රා, මාරියා, කැන්වන් යන විවිධ නම්වලින් පෙනී සිට ඇති බවයි.
පසුගිය නොවැම්බර් 04 දින අත්අඩංගුවට ගැනුණු ඩොරති ජාත්‍යන්තර මව්පිය පැහැර ගැනීමට චෝදනා ලැබ සිටින කතකි. ඇය ව්‍යාජ ගමන් බලපත්‍ර භාවිතය හා වැරදි ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ද චෝදනා ලැබ සිටින්නීය. මේ චෝදනා වලට පිළිතුරු දීම සදහා ඇයට ඇමෙරිකාවේ අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට සිදුවනු ඇත. ඇය ඉදිරි දිනක ඇමෙරිකාවට පිටුවහල් කරන බව ඕස්ට්‍රේලියා බලධාරීන් කියයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
දුව පැහැරගත් අම්මා උසාවියට
සමන් Sunday, 24 November 2013 08:49 PM
තාත්තා කෙනෙකුටත් අම්ම කෙනෙකුටත් දරුවෙකුට තියන අය්තිය එක සමානයි මේ තාත්තා තමුන්ගේ දරුවා නැතුව කොච්චර වේදනාවකින් ඉන්න ඇද්ද (අ)
ජයතිලක Monday, 25 November 2013 02:35 AM
මේක අලුත් කතාවක් නෙවෙයි ටිකක් පරණ එකක්. (නදී)
ජයතිලක Monday, 25 November 2013 05:37 AM
ඕස්ට්‍රේලියාවේ මුදල් අවශ්‍ය නම් තමන්ගේ නිවස විකුණනවා හැරෙන්නට, නිවස උගසට තබා මුදල් ගැනීමට නොහැකිය. ලංකාවේ මෙන් උගසට ගන්න කෙනෙක් නැත. (නි)
අමා Monday, 25 November 2013 12:49 PM
ඒ තමයි අම්මාගේ ආදරය (නි)
කුමාරි Monday, 25 November 2013 04:21 PM
අපි මවකගේ ආදරය තේරුම් ගැනීමට උත්සාහ කළ යුතුයි (නි)
නිලාන් Wednesday, 27 November 2013 01:33 AM
ජයතිලක, මේ සිද්ධියේදී ඔයාට ඇති වූ හැඟීම ගැන පුදුමයි (නි)
ලාල් මහනුවර Wednesday, 27 November 2013 02:05 AM
අඹු සැමි ආරාවුල් හරිම සංකීර්ණ ප්‍රශ්න මොනවද කියල හිත ගන්න බැහැ.(අ)
සිරි Wednesday, 27 November 2013 02:59 AM
අපි මෙහි යථාර්තය තේරුම් ගැනීමට උත්සාහ කළ යුතුයි (නි)