X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


දෙන්නම් කාසිවලට සම්බාහනේ

මුදල් ගෙන එන්නෙමැයි පොරොන්දුව පිට සම්භාහන මධ්‍යස්ථානයේ රඳවා ගිය තම මුත්තණුවන් පැමිණෙන තුරු 6 හැවිරිදි සියායෝ මාසයක කාලයක් පුරා තවමත් බලා සිටින්නීය.

චීනයේ කුන්මින්ග් ප‍්‍රදේශයේ පිහිටි මේ සම්භාහන මධ්‍යස්ථානයට සියායෝගේ මුත්තණුවන් ඇය කැටුව පැමිණ ඇත්තේ මීට මසකට පමණ ඉහතදීය.සියායෝ තම මිණිබිරිය යැයි හඳුන්වාදී තිබෙන ඔහු තමා පැමිණියේ හොද ස්නානයක් හා සම්භාහනයක් ලබා ගැනීමේ අරමුණින් බව පවසා ඇත.

ඒ කටයුතු අවසානයේ ඔහු කියා ඇත්තේ මුදල් ගෙන එමට අමතකවූ බවය.තමන් මුදල් ගෙන එන තෙක් ඇපයට තමන්ගේ මිණිබිරිය සියායෝ මෙහි තබා යන බව පවසා තිබෙන ඔහු පිටව ගොස් ඇත.

දැන් මසක් ගතවී ගොසිනි.ඔහු තවමත් පැමිණ නැත.තම මුත්තණුවන් පැමිණෙන තෙක් සියායෝ බලා සිටින්නීය.

සියායෝගේන් ඇයගේ පවුලේ විස්තර ලබාගැනීමට සම්භාහන මධ්‍යස්ථානයේ කාර්යමණ්ඩලය උත්සාහ කර ඇතත් එය සාර්ථකව නොමැති බව සඳහන්ය.අවසානයේ සියායෝ ගැන ප‍්‍රදේශයේ පොලිසියට මෙන්ම සමාජ සේවා සේවකයින්ට දැනුම් දුන් විට ඔවුන්  ආ අද හෙට එයාව එක්කන් යන්න එයි” යැයි පවසා සිටි බව කාර්යමණ්ඩලය කියයි.

සියායෝ දැන් සම්භාහන මධ්‍යස්ථානයේ කාර්යමණ්ඩලය හා ඉතාම කුළුපගය.ඇයට අවැසි ආරක්ෂාව හා සෙනෙහස ලබාදෙන්නේ ඔවුන්ය.ඇය වෙනුවෙන් වෙනම ඇඳක්ද පිළියෙල කර දී තිබෙන අතර පාලූව මකා ගැනීමට ඇයට රූපවාහිනියක්ද ලබාදී ඇත.

සියායෝගේ තොරතුරු මාධ්‍ය මගින් ප‍්‍රසිද්ධ වීමත් සමග මෙතෙක් නිදා සිටි පොලිසිය හා සමාජ සේවා ආයතය ඇය ගැන ලොකු උනන්දුවකින් මේ දිනවල කටයුතු කරමින් සිටිනු දැකගත හැකිය.හැකි ඉක්මනින් සියායෝ රැගෙන යෑමට පැමිණෙන්නැයි ඇයගේ පවුලේ සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටින බව ඔවුන් කියයි.

කිසිවෙකුහෝ ඉදිරිපත් නොවුනහොත් ඇයව සමාජ සේවා සේවකයින්ගේ භාරයට ගැනෙනු ඇත.

25542F8D00000578-0-image-a-24_1423079050057 25542FB200000578-0-image-a-21_1423079001636 25542FBA00000578-0-image-a-20_1423078994801



අදහස් (0)

දෙන්නම් කාසිවලට සම්බාහනේ

සෙනරත් Friday, 06 February 2015 03:08 PM

මම හිතාගෙන හිටියේ කොමියුනිස්ට් රටවල් වල දරුවන්ට මෙයිට වඩා ආරක්ෂාවක් තිබෙනවා කියලයි. මේ කියන විදියට අපේ රටවල් වලට වඩා අන්තයිනේ. (නදී)

:       0       0

සසික Friday, 06 February 2015 05:45 PM

පුංචි කෙල්ලට කරදරයක් වෙන්න එපා. එයාව රැකගන්න. අම්මලාට බාරදෙන්න. (නි)

:       0       0

ශාන්ත Saturday, 07 February 2015 02:34 AM

ආරක්ෂාව තිබෙන නිසා තමා ඔහොමවත් ඉන්නේ.මෙහෙ කොච්ච්ර දරුවෝ මරලා තිබෙනවද? (නි)

:       0       0

මංගල දිසානායක Saturday, 07 February 2015 10:37 AM

අපේ රටෙී නම් කෙල්ලට මෙි වෙද්දි රස්සාවකුත් තියනවා. (නදී)

:       0       0

සුජිත් Saturday, 07 February 2015 11:18 AM

මට මාතලන් චිත්‍රපටිය මතක් වුනා. (නදී)

:       0       0

ලංකාසිරි Saturday, 07 February 2015 12:05 PM

අහිංසක දරුවෝ! (නදී)

:       0       0

අසෝක Sunday, 08 February 2015 12:02 PM

අනේ පව් කාගේ වුනත් අහිංසක දරුවෙක්. අපේ රටේ එහෙම වුනානම් මේ දරුවාව දුෂණය කරලා මරල දාල (නදි)

:       0       0

දුලංජන Monday, 09 February 2015 04:53 AM

පවු! අහිංසක දරුවෙක් (නි)

:       0       0

චමිල Monday, 09 February 2015 05:43 AM

අනේ සර්ව සධාරණ චීනේ එක්ක බටහිර ගැති නොවෙන රටක් ගැන සිහින මවන අපේ ඇත්තෝ. (ස)

:       0       0

සිරිපාල Monday, 09 February 2015 08:32 AM

සෙනරත්, ඔයත් ජීවත් වෙන්නේ අපිට බලෙන් පටවපු බොරු කොමියුනිස්ට් අදහස් ඇතුලේ වගේ. කොමියුනිස්ට් රටවල් වලට ගිහින් තියන පුද්ගලයෙක් හැටියට මම කවදාවත් කොමියුනිස්ට් අදහස් වලට එකග වෙන්නේ නෑ. කුඩා ඔයාට කිව්වේ කොමියුනිස්ට් රටවල් හොඳයි කියලද? (නදි)

:       0       0

ගයාන් Wednesday, 11 February 2015 11:13 AM

සුජිත්, ඔය හරියටම හරි, මේක කියවද්දී මටත් මත වුනේ මාතලන් චිත්‍රපටය තමයි. ජය වේවා. (හේ)

:       0       0

හංසිකා උපමාලි Thursday, 12 February 2015 01:26 AM

මේක වුණේ ලංකාවේදී නම් අනිවාර්යයෙන්ම තව ටික කලක් ගතවෙද්දී මේ පුංචි දැරිය සම්බාහන වැඩට යොදාගෙන සීයාගෙන් ලබාගත නොහැකි වු මුදල් මේ දැරියගෙන් ලබාගැනීමට එම සම්බාහන ආයතනයේ අයිතිකරුවන් ක්‍රියාකරනු ඇත. නමුත් මෙය සිදුවූයේ විදේශ රටකදී බැවින් ඒ රටවල මිනිසුන් කටයුතුකර ඇත්තේ නියම මහත්මා ස්වරූපයෙන් බව මේ සිදුවීම අනුව පෙනීයයි. (නි)

:       0       0

ශෂී Thursday, 12 February 2015 10:18 AM

මේ දරුවා කාටවත් එපානම් මම බාරගන්න කැමතියි (බ)

:       0       0

සංජීව Thursday, 12 February 2015 11:14 AM

සෙනරත් ඔය යන්න උතුරු කොරියාව පැත්තේ කොමියුනිස්ට් වාදය කොච්චර සැපද කියලා බලන්න.(හේ)

:       0       0

රංග තෙනුවර Saturday, 14 February 2015 04:22 AM

ශෂී ඔයාගේ නරක අදහස් ඉටු කරගන්න ළමයින්ව යොදාගන්න එපා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site