X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


දෙවැනි ධුර කාලය සඳහා ඔබාමා දිවුරුම් දෙයි

පසුගිය නොවැම්බරයේ පැවැති ජනපතිවරණයෙන් පැහැදිලි ජයක් හිමිකර ගත් ඩිමොක‍්‍රටික් පක්ෂ නායක බැරැක් ඔබාමා ඊයේ (20) ඇමෙරිකා වේලාවෙන් උදෑසන 11.55 ට සිය දෙවැනි ධුර කාලය සඳහා දිවුරුම් දීමට සූදානමින් සිටියේය.
ධවල මන්දිරය ඉදිරිපිට පැවැත්වීමට සංවිධානය කර තිබුණු දිවුරුම්දීමේ විශේෂ උත්සවයට ලක්ෂ 8 කට වැඩි පිරිසක් සහභාගී වනු ඇතැයි ධවල මන්දිරය ප‍්‍රකාශ කර තිබුණි. ඒ සඳහා විශේෂ ආරක්ෂක වැඩසටහනක් ද ආරම්භ වී තිබුණි.
දිවුරුම් දීමේ කටයුතු සිදු කිරීමට නියමිතව තිබුණේ අග විනිසුරු ජෝන් රොබට්ස් ඉදිරියේය. එම අවස්ථාවට ජනපති ආර්යාව මිෂෙල් ඔබාමා ද සහභාගී වීමට නියමිතය.
2008 වසරේ පැවැති ජනපතිවරණයෙන් ජයග‍්‍රහණය කර, පළමු ධුර කාලය වෙනුවෙන් ඔබාමා 2009 වසරේ ජනවාරියේ දිවුරුම් දුන් අවස්ථාවේ ද අග විනිසුරුවරයා ලෙස කටයුතු කළේ ජෝන් රොබට්ස්ය.
2009 වසරේ පැවැති දිවුරුම් දීමේ උළෙලට මිලියන 1.8 ක පිරිසක් සහභාගී වූහ. ඔබාමා එම අවස්ථාවේ දිවුරුම් දුන්නේ ඇමෙරිකා ජනපති පුටුවට ආ පළමු කළු ජාතික ඇමරිකානුවා ලෙසින් වීම ද සුවිශේෂී සිදුවීමක් යැයි දේශපාලන විචාරකයෝ සිහිපත් කරති .
දෙවැනි ධුර කාලය සඳහා ඔබාමා දිවුරුම් දෙන්නේ අභියෝග රැසක් ද සමඟය. ඔහුට මුහුණ දීමට සිදුවූ අභියෝග අතරින් ප‍්‍රධාන තැනක් ගත්තේ රජයේ ප‍්‍රධාන තනතුරු කීපයක් හිස් වීමය.
ඔබාමා විසින් එම තනතුරු සඳහා ඉදිරිපත් කළ නාමයෝජනාවලට ප‍්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂයෙන් පමණක් නොව ඩිමොක‍්‍රටික් පක්ෂය අභ්‍යන්තරයෙන් ද විරෝධයක් එල්ල විය. ඊට අමතරව ඔබාමා ඉදිරිපත් කළ බදු සැලැසුම් මෙන්ම ගිනි අවි පාලන කෙටුම්පත සම්බන්ධයෙන් ද අර්බුද රැසක් මතු වී ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.



අදහස් (0)

දෙවැනි ධුර කාලය සඳහා ඔබාමා දිවුරුම් දෙයි

ෂිරාශ් Monday, 21 January 2013 04:40 PM

තව මොනවා මොනවා කරන්න සැළසුම් කරලාද දන්නෙ නැහැ තියෙන්නේ? (නි)

:       0       0

ලලිත් - කටාර් Monday, 21 January 2013 06:55 PM

නෝ හාම්! වර්ක් චාම්! ඇක්ට් කාල්ම්! (නි)

:       0       0

ගාමිණී Tuesday, 22 January 2013 10:35 PM

ඔන්න අමාරුවේ නම් වැටෙන්න එපා හොදේ. (නි)

:       0       0

අබා Wednesday, 23 January 2013 08:05 AM

අපේ සුභ පැතුම් උතුමාණෙනි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site