ඇමරිකාවේ ජොන්සන් නගරයේ 12 හැවිරිදි ටේලර් ස්කොට් ස්මිත් දැරිය නියුමෝනියාව වැළදී මිය ගියාය.
දැරියගේ මරණයෙන් ඉතා විස්සොපයෙන් කල් ගෙවන මව්පියන් දිනක් ඇයගේ කාමරය අස් කිරීමට පටන් ගත්හ.
ලිවීමට දස්කම් දැක්වූ ටේලර්, අනෙක් මිනිසුන්ට ධෛර්යමත් වීමට ලියූ ලිපි, කවි, සඟරා, රචනා ආදිය පිරීතිබූ පෙට්ටි ගණනාවක් ඇගේ කාමරයෙහි විය. ඒ සියල්ල අතුරෙන් ‘ටේලර් ස්මිත් විසින් 2023 අපේ‍්‍රල් 13 දින විවර කරන්න’ යනුවෙන් සඳහන් කළ අලවා තිබූ ලියුම් කවරයක තිබී ලිපියක් හමු විය. 2023 වන විට ඇයට අවුරුදු 22කි.
එය විවර කර කියවීමේදී මව්පියන්ගේ තවත් හදවත කඩා වැටෙන්නට විය. ඒ ඉක්මනින් තමා මෙලොව හැර යන බව දැන ටේලර් විසින් ඇයටම ලියා ගත් ලිපියකි. ආගමට ලැදි දැරියක් වන ටේලර් දෙවියන් කෙරෙහි තැබූ විශ්වාසයත්, ඇගේ බලාපොරොත්තුත් එහි සටහන්ව තිබිණි. පිටු දෙකක් පිරෙන්න ලියා තිබූ ලිපිය ආරම්භ කර තිබුණේ මෙසේය.
”දයාබර ටේලර්, ජීවිතය කොහොමද? අවුරුදු 10ක ඔබේ අතීතය ඉතා සරලයි. ලස්සනයි. ඔබ ලබා ගත් උසස් පෙළ උපාධියට සුභ පැතුම්. මම දන්නවා මම ප්‍රමාදයි. මෙම උපාධිය නොලැබුණාට මට දැනටමත් මගේම ස්ථානයක් ලැබී තියෙනවා. අපිට එකම පාසලක ඉන්න තිබුණා නම් මම අනිවාර්යෙන් නීතිඥයෙක් වෙනවා.”
එසේම ඇය ලිපිය අවසන් කර තිබුණේ ”මතක තියා ගන්න මම මෙය ලියා දැන් වසර 10ක් වෙනවා. හොඳ හෝ නරක දෙයක් වීමට පුළුවන්. ඒ ජීවිතයේ හැටි සහ ඔබ එය භාර ගත යුතුයි” යනුවෙන් සටහන් කර තිබුණි.
මෙම ලිපිය මව්පියන්ටත්, ඇගේ වැඩිමහල් සහෝදරයාටත් ඇගේ මතක සටහනක් ලෙස සුරක්ෂිතව තබා ගන්නා බව සඳහන් කළේය. ‘ටේලර් අනුස්මරණ අරමුදල’ නමින් ගිණුමක් විවෘත කර ඇති අතර එහි මදල් දේවස්ථානයකට පිදීමට ඔවුහු සැරසෙති.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
දෙවියන්ගෙන් දැරියට ලියුමක්
මලිනි Thursday, 16 January 2014 05:23 PM
දෙවි පිහිටයි චූටි පැටියෝ. (නදී)
රජින්ද Thursday, 16 January 2014 07:12 PM
දෙවියන් යනු ඔබේ විශ්වාසයයි. ඔබ විශ්වාස කරනතාක් ඔබ තුල දෙවියන් වැඩ සිටිනු ඇත. ඔයාට මෝක්ෂ සම්පත්තියම ලැබේවා නංගියේ.(නදී)
සියනි Thursday, 16 January 2014 07:44 PM
සියල්ල අවබෝද කරගත් එම දරුවට නිවන් සැප ලැබේවා. (අ)
අමිල කටුනායක Thursday, 16 January 2014 08:42 PM
දෙවි පිහිටියි කෙලි පැටියාට
පහන් Thursday, 16 January 2014 09:21 PM
නිවුමොනියාවෙන් වැඩිපුරම මියයන්නේ වයසක අයනේ හපොයි දරුවට වෙච්චදේ .(අ)
ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Friday, 17 January 2014 04:13 AM
මොකක් හෝ විශ්වාසයක් ඇතිව ජීවත්වීමේ වටිනාකම දැනෙන්නේ මරණය ගැන සිතන විටයි. ඒ මිනිස් ජීවිතයේ එක් මුලික අධියරයක් පමණයි. (දිල්)
අමිත් Friday, 17 January 2014 08:52 AM
ඹබට නිවන්සුව චූටි නංගියෝ.(නදී)
අසින්ත Friday, 17 January 2014 11:49 AM
පුංචි නංගියේ ඔයාට දෙවියන්ගේ පිහිටයි.(ත)
රනුක පෙරේරා Friday, 17 January 2014 12:12 PM
සුවර්ගයේ සම්පත් භුක්ති විදීමට ඔබට හැකි වේවා. (ත)
මගලී පොන්සේකා Friday, 17 January 2014 05:26 PM
. මේ ලෝකේ සැප ලබන්න නැති කෙල්ල පව්. (නදී)
මහින්ද ඉතාලිය Saturday, 18 January 2014 02:40 AM
ළමයි ලස්සනයි මල් වගේ. චුටි දුවේ ඔයා ගැන දුකයි. ඔයාට නිවන් සුව! (නදී)
කිත්සිරි ජයසුන්දර Saturday, 18 January 2014 12:33 PM
මම ඔබට නිවන් සුව පතනවා සුන්දර දියණිය (අ)
හේමාල් වෙරෝනා Saturday, 18 January 2014 02:26 PM
හොද මිනිසුන්ව ඉක්මනට දෙවියන් වහන්සේ ලගට ගන්නවා.(නදී)
කසුන් Tuesday, 21 January 2014 12:08 PM
චුටි නන්ගට නිවන් සැප ලැබේව කියල ප්‍රාර්ථනා කරනවා ....... හොද අයට මේ ලෝකේ ඉන්න වාසනාවක් නැහැ (දී)
සත්‍යා Tuesday, 21 January 2014 03:09 PM
වෙරෝනා හේමාල්! ඔබේ කටේ මසුරන් දාන්න වටිනවා. (දී)