X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 13 වන ඉරිදා


දේදුනු පැහැයෙන් බැබළෙන දිය සේලය

මධ්‍යම කොළොම්බියාවේ ඇන්ඩීස් කඳු වැටියට නැගෙනහිරින් ගලා බසින කැනෝ ක්‍රිස්ටලාස් ගංඟාව හැඳින්වෙන්නේ දේදුනු දියපහර ලෙසිනි. කිලෝ මීටර 100ක් පමණ දුරක් ගලා බසින මේ ගංඟාව ඇතැම් කාලවල දී රතු, නිල්, කහ, තැඹිලි, කොල ආදී විවිධ වර්ණවලින් පෙනෙයි.

ලොව වෙන කිසිම තැනක දැකිය නොහැකි ලෙස දීප්තිමත් වර්ණවලින් අලංකාර වී ඇති මේ ගංඟාවට එලෙස වර්ණ ලැබෙන්නේ කෙසේදැයි පර්යේෂකයෝ විවිධ මත පලකළහ.

බොහෝ දෙනකුගේ මතය වූයේ එය ඇල්ගී වර්ගයකින් හෝ සෙවෙල වර්ගයකින් සිදුවන්නේය යන්නයි. එහෙත් සත්‍ය වශයෙන් ම මේ වර්ණයට හේතුව ආවේණික ජලජ ශාඛයක් බව දැන් සොයාගෙන ඇත. මැකරෙනියා ක්ලැවිජෙරා නමින් හඳුන්වන මේ ජලජ පැලෑටිය වර්ධනය වීමට අවශ්‍යතා ගණනාවක් සම්පූර්ණ විය යුතුය.

නියමිත ජල මට්ටම, ප්‍රශස්ත මට්ටමේ හිරු එළිය ලැබීමෙන් මේ දීප්තිමත් පැහැය ඇතිවේ. ජුනි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා පමණක් මේ වර්ණය ගංඟා දියෙහි දක්නට ලැබේ. ජනවාරි සිට මැයි දක්වාවන වියළි කාලයේ දී ගංඟාව සංචාරකයන්ට තහනම් ප්‍රදේශයකි. එහිදී ගංඟාවට පරිසර විවේකයක් ලබාදිය යුතු බව කොළොම්බියාවේ බලධාරීන්ගේ මතයයි. ඒ කාලයේ දී මේ වර්ණවත් පැලෑටි වර්ගය ද වර්ණයක් නොමැතිව නිද්‍රාශීලී කාලයක් ගතකරයි.

මෙය සංචාරකයින්ට නව අත්දැකීමක් වුව ද ඒ අවට පදිංචිකරුවන්ට නම් පරම්පරා ගණනාවක සිට දැක පුරුදු දසුනකි. විශාල වශයෙන් ඇදී එන සංචාරකයන් හේතුවෙන් දැඩි තර්ජනයට ලක්ව ඇති මේ ශාකය රැක ගැනීමට ප්‍රදේශ වැසියන් හා පරිසර සංවිධාන පියවර ගෙන ඇත.

ගඟේ පිහිනීම හා ඇවිදීම සීමා කිරීම මෙන්ම ගඟ දැකීමට පැමිණෙන සංචාරකයන් සීම කිරීම කෙරෙහි ද අවධානය යොමු වී ඇත. ඇතැම් කරුණු සම්බන්ධයෙන් දැනටමත් නීති සම්පාදනය කැර තිබේ. කෙසේ වුවත් මේ ගඟ ගලායන ප්‍රදේශයේ පවතින ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් ගඟ විවෘත කැර ඇත්තේ කිලෝ මීටර 30ක දුරක් පමණි.

p025zss8 p025ztdc p025zthw p025ztm4 p025zts2 p025ztt6 p0261r49 - Copy



අදහස් (0)

දේදුනු පැහැයෙන් බැබළෙන දිය සේලය

ගාමිණී සිරිවර්දන Tuesday, 09 September 2014 12:42 PM

කොලොම්බියානු ජනතාව ,ස්වභාව ධර්මයගෙන් ලැබුණු දායාද මොනතරම් ලස්සනට පරිහරණය කරනවාද යන්න අදහාගන්නත් අමාරුයි. කිසිම තැනක කඩදාසි කැබැල්ලක්,ප්ලාස්ටික් බෝතලයක් හෝ දැකගැනීමට නොහැකි තරම්. හරිම ලස්සනයි ! (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 09 September 2014 01:50 PM

සුන්දර දසුන් පෙළක් (නි)

:       0       0

කාලිංග Tuesday, 09 September 2014 05:02 PM

ලස්සන ප්‍රවෘත්තියක්. අපිටත් ගන්න හොඳ දේවල් තියෙනවා. අපේ රටෙත් මෙවැනි ජෛව විවිධත්ව තිබෙන සුවිශේෂ ස්ථාන කාලයකට පමණක් විවෘතව තබන්න ඕනෑ. සිංහරාජය ඇතුළු වනෝද්‍යාන කාලයකට මිනිස් ගැවසීමෙන් ඈත් කරන්න පුළුවන් නම් හොඳයි. බලන්න මේ පුවතේ තියෙන කණගාටුදායක කොටස. ත්‍රස්තවාදය නිසා මෙහි සුන්දරත්වය දිගින් අඩකටත් අඩුවෙන් තමයි දැකගන්න පුළුවන් (නි)

:       0       0

නිරාන් Wednesday, 10 September 2014 04:53 AM

ලංකාදීපය, ඔබට ස්තුතියි! (නි)

:       0       0

සිරිල් මාලදිවයින Wednesday, 10 September 2014 05:28 AM

ඒ රටේ මිනිස්සු නඩ පිටින් සංචාරය කරන්න තරම් වත් ශිෂ්ඨ ජාතියක් කියල කියන්න බැහැ. මොකද ප්ලාටික් බෝතලයක්, ටින් එකක්, සිගරට් පැකට් එකක්, අරක්කු බෝතලයක් තබා සිලි සිලි බෑග් එකක් වත් පේන්න නැහැ.(අ)

:       0       0

තුෂාර Wednesday, 10 September 2014 07:34 AM

සුන්දර දසුනක් (නි)

:       0       0

චිත්‍රා Wednesday, 10 September 2014 12:27 PM

දැන්වත් අපේ ලංකාව ගැන සිතමු. එවිට අපේ රටත් පිරිසිදු බලන්න ලස්සන රටක් වේවි. පිටරට පිරිසිදු කරන අයට අමතරව හැමෝම ඒ ගැන හිතනවා. (නදී)

:       0       0

ගමගේ Friday, 12 September 2014 01:49 AM

මේ වගේ තැන් ලංකාවෙත් තියෙනවා නේද? (නි)

:       0       0

රුවන් Friday, 12 September 2014 07:40 AM

මෙවන් අලංකාර දර්ශන අපහට ඉදිරිපත් කිරිම ගැන ලංකාදීපයට ස්තුතියි. (නදී)

:       0       0

සන්ද්‍යා Monday, 15 September 2014 05:27 AM

හරිම ලස්සනයි මටත් එහේ යන්න හිතෙනවා (දිල්)

:       0       0

තුෂාර ප්‍රභාත් Tuesday, 16 September 2014 07:54 AM

අපිටත් මේ වගේ තැන් තියෙනවා වැඩේ කියන්නේ අපේ අය ඒවා රැකගන්න මහන්සි වෙන්නේ නැති එක.දැන්වත් හැමෝම මේ ගැන හිතල වැඩ කළොත් මේ වගේ ලංකාවේ සුන්දර පරිසරය රැකගන්න පුළුවන් වේවි. (අ) .

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site