X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 14 වන සඳුදා


නරක ආදර්ශය පාසලටත් යයි

අත්අඩංගුවේ සිටි ජොර්දාන ජාතික ගුවන් නියමුවා ගිනි තබා ඝාතනය කිරීමට අයිඑස් අන්තවාදීන් කටයුතු කළ ආකාරය අනුකරණය කරමින් තම මිතුරාව ගිනි තබා මරණයට පත්කිරීමට යේමනයේ පාසල් සිසුන් කණ්ඩායමක් උත්සාහ කර තිබේ.

වයස අවුරුදු 7 ත් 10 ත් අතර වයස්වල පසුවන්නන්යැයි පැවසෙන මෙම පාසැල් සිසුන් පිරිස තම මිතුරාව ලීයෙන් තැනූ කූඩුවක සිරකර එය මතට පෙට‍්‍රල් වත් කර ගිනි තබා ඇත.

කූඩුවේ සිරව සිටි සිසුවාගේ වාසනාවට එතැනින් යමින් සිටි වැඩිහිටියෝ පිරිසක් මේ දැක වහාම ගින්න නිවාදමා ඔහුට රෝහල් ගතකිරීමට කටයුතු කර තිබේ.බරපතල ගණයේ පිළිස්සුම් තුවාළ සිදුවී ඇති වුවද ඔහුගේ ජීවිතයට අවදානමක් නොමැති බව රෝහල් ආරංචි මාර්ග කියයි.

ජොර්දාන නියමුවා ඝාතනයට ලක්කෙරූ අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් කිරීමට කටයුතු කළ අයිඑස් අන්තවාදීන් එම වීඩියෝවේ පෙනී සිටි සේ මෙම පාසැල් සිසුන්ද නායකයා,තුවක්කුකරුවන්,ඝාතකයා ආදී ලෙස තම තමන්ටද තනතුරු වෙන්කරගෙගන මේ මාරක සෙල්ලමේ නිරතව ඇති බවද සඳහන්ය.

අයිඑස් අන්තවාදීන් අනුකරණය කිරීමට කුඩා දරුවන් පෙළඹුනු පළමු අවස්ථාව මෙය නොවන අතර පෙර අවස්ථාවකදී යේමනයේම දරුවන් කණ්ඩායමක් ඊජිප්තු ජාතිකයින් 21 දෙනෙකුගේ ගෙල කපා ඝාතනය කිරීමට අයිඑස් අන්තවාදීහු කටයුතු කළ අයුරු තමන් අනුකරණය කරනු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක් කළහ.එම වීඩියෝවේ නම් අනුකරණය කිරීමක් විනා සැබෑමටම සිරකරුවන් මරාදැමිීමක් සිදුනොවුනි.

අයිඑස් අන්තවාදීත් තම ප‍්‍රචාරණ උපක‍්‍රමයක් කෙතරම් සාර්ථකව මෙහෙයවමින් සිටිනවාදැයි පෙන්වා දීමට මෙම සිදුවීම් හොඳ උදාහරණයන් බව ආරක්ෂක විශ්ලේෂකයින් කියයි.ඇමරිකාව ඇතුලූ බටහිර රටවල් අයිඑස් සංවිධානයේ ම්ලේච්ඡු බව ගැන කොතෙකුත් කීවද ඒවායින් අයිඑස් ගැතියන් තවත් වර්ධනය වීම විනා වෙන කිසිවක් සිදුව නොමැති බව ඔවුන් පෙන්වාදේ.

අයිඑස් සංවිධානය සමාජ වෙබ් අඩවිද තම මතය ප‍්‍රචාරය කිරීම සදහා ඉතාම සාර්ථකව යොදාගනිමින් සිටින අතර මෙම ඇතැම් සමාජ වෙබ් අඩවි වල ප‍්‍රතිපත්තීන් නිසා ඔවුන්ගේ එම ප‍්‍රචාරණ කටයුතු ව්‍යර්ථ කිරීම ඉතාම දුෂ්කරවී තිබේ.

යුධමය අතින්ද අයිඑස් සංවිධානය තව තවත් ශක්තිමත් වෙමින් සිටී.සාර්ථකව ප‍්‍රහාර එල්ල කිරීමට කුරදි සටන්කාමීන් ඇතුලූ අයිඑස් විරෝධී කණ්ඩායම් කටයුතු කරතත් ඒවා ප‍්‍රමාණවත් නොවන තත්ත්වයක් උද්ගත වෙමින් ඇත.

පසුගිය අවස්ථාවලදී මෙන් හුදෙක් අවි හරඹයෙන් මෙම සටන ජයගත නොහැකි බව විශේෂඥයින් නිතරම පෙන්වා දෙන්නකි.අයිඑස් සංවිධානය විනාශ කිරීමට මුල් පියවර තැබිය යුත්තේ ඔවුන්ගේ ප‍්‍රචාරණ යාන්ත‍්‍රණයට පහර එල්ල කිරීමෙන් බව ඔවුන් පවසයි.

25C5212100000578-0-image-a-7_1424777839648 263D17A800000578-2980754-image-a-1_1425550629442 264EAAB600000578-2980754-image-a-2_1425550650494

 

 



අදහස් (0)

නරක ආදර්ශය පාසලටත් යයි

සමන් Friday, 06 March 2015 10:43 AM

සාමයේ පණිවිඩය ලොවටම පෙන්වල දැන් දරුවොත් ඒවා කරන්න පෙලඹිලා (බ)

:       0       0

සිරීනා මාග්‍රට් Friday, 06 March 2015 12:50 PM

මේ ක්‍රමය වහා නැති කළ යුතුයි (නදී)

:       0       0

චන්ද්‍රසිරි Friday, 06 March 2015 05:58 PM

එහෙම කරන දරුවෝ ඉන්නෙත් ඒ වගේ රටවල්වලම තමයි. (ර)

:       0       0

පියරේ Friday, 06 March 2015 08:26 PM

ජාතිවාදයට විරුද්ධව ඔබ අද හඬ නොනඟන්නේ නම් ඔබගේ දරුවාද හෙට මෙයම කිරීම අරුමයක්ද? (නි)

:       0       0

අනුර Saturday, 07 March 2015 03:14 AM

නැහැ මීට වඩා දේවල් ලංකාවේ සිදු උනා පන පිටින් විදුලිය තැටි වලට දමා බැදලා , පුළුස්සා දැම්ම හැටි අපිට අමතක වෙන ජාතියක් (නදී)

:       0       0

සොපී Saturday, 07 March 2015 06:55 AM

ත්‍රස්තවාදය පිටු දැකීමට ලෝක නායකයින් එක් විය යුතුයි .මෙතන ඇත්තේ ජාතිවාද ආගම් වාද යන වචන වලට මුවාවූ ත්‍රස්තවාදයයි .අප රටෙත් ජය ගත්තේ ත්‍රස්තවාදය මිස ජාතිවාදය නොවේ .ලෝකයම මෙය තේරුම් ගත යුතුයි .(නදී)

:       0       0

කුමා Sunday, 08 March 2015 01:00 AM

මම මේ අයට කැමති නැහැ (නදී)

:       0       0

විජය Sunday, 08 March 2015 03:40 PM

පොඩි එවුන් කියල බලන්න හොඳ නෑ එල්ලලා ගහන්න ඕනා. ආයේ ඔය වගේ සෙල්ලම් නොකරන්න. ගහලා වීඩියෝ පටියක් අන්තර්ජාලයට නිකුත් කරන්න ඕනා. එතකොට එ්ක බලල ළමයි හැදේවි. (නදී)

:       0       0

දුමින්ද Monday, 09 March 2015 05:43 AM

පුංචි අයගේ පුංචි ලෝකය විනාශ කරන්න හොඳ නෑ (දිල්)

:       0       0

ගයාන් Monday, 09 March 2015 09:45 AM

ඔය රටවල මිනිස්සු ආගමකින් හික්මිලා නැහැ. . අපේ ළමයෙක් නම් සතෙක්ව වත් ඔය විදියට සෙල්ලමටවත් මරයිද? ලෝකේ විනාසය. (අ)

:       0       0

රජීව් Tuesday, 10 March 2015 04:49 AM

88/89 කාලේ වීඩියෝ ෆෝන් තිබුනා නම් අපේ අයගේ කෙරුවාවත් බලාගන්න තිබුණා.(නදී)

:       0       0

සංජීව Tuesday, 10 March 2015 06:48 AM

රජීව් මහත්තයෝ. ඔයා 71 හිටිය නම් ඒ දවස්වල ඉදන්ම බලාගන්න තිබුනා. (නදී)

:       0       0

රජීවි Tuesday, 10 March 2015 11:07 AM

ඔව් සංජීව මහත්තයෝ අපි එතකොට ඉපදිලා නෑ .මම අදහස් දැක්වුයේ මේ මාතෘකාවට අනුවයි.කවුරු කළත් වැරදි දේ වැරදියි.නමුත් කිසිදාක වැරද්දක් නොකළ කෙනෙක් සොයාගන්න නැහැ.එවිට සාපේක්ෂව වැරදි අඩුවෙන් කළ කෙනා හොඳ වෙයි.සමහරවිට ඔබ කිසිදාක වැරදි නොකළ කෙනෙක් වෙන්න ඇති.(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site