පාකිස්තාන මහ මැතිවරණයෙන් යළිත් වරක් විශිෂ්ට ජනවරමක් හිමිකර ගත් නවාස් ෂරීෆ් පෙරේදා (14) සවස සිය ප‍්‍රධාන ප‍්‍රතිවාදියා වන ඉම්රාන් ඛාන් හමුවීමට ලාහෝර් නුවර රෝහලට ගියේය.
ඉකුත් 7 වැනිදා ලාහෝර් නුවර ජන රැලියක් අමතද්දී ඇද වැටී තුවාල වූ ඉම්රාන් මේ වනවිට රෝහල් ගතව ප‍්‍රතිකාර ලබමින් සිටී. මැතිවරණයේදී තෙවැනි ස්ථානයට පත් වූයේ ඉම්රාන් ඛාන්ගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයයි.
ඉම්රාන් හමුවී ඔහුගේ සුව දුක් විමසා බැලීමෙන් පසු නවාස් ෂරීෆ් කියා සිටියේ පාකිස්තාන ජනතාව වෙනුවෙන් මෙන්ම පාකිස්තානය වෙනුවෙන් ද එකමුතු වී කටයුතු කරමු යැයි කියාය. ඉම්රාන් ඊට එකඟ වූ බවත් ලැබූ ජයග‍්‍රහණය වෙනුවෙන් ඔහු ෂරීෆ්ට සුබ පැතූ බවත් වාර්තාවේ.
පාකිස්තාන මහ මැතිවරණයේ අවසන් නිල ප‍්‍රතිඵලය පෙරේදා ප‍්‍රකාශයට පත් කෙරුණි. නවාස් ෂරීෆ්ගේ මුස්ලිම් ලීගය සමස්ත ආසන 272 න්, ආසන 123 ක් හිමි කරගෙන තිබුණි. දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ ජනපති සර්දාරිගේ පාලක ජනතා පක්ෂයයි. එම පක්ෂය ලැබූ ආසන සංඛ්‍යාව 31 කි. ඉම්රාන් ඛාන්ගේ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂය පත් වූයේ තෙවැනි ස්ථානයටය. ලැබූ ඡුන්ද සංඛ්‍යාව 26 කි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නවාස් ෂරීෆ් ප‍්‍රතිවාදී ඉම්රාන් ඛාන් හමුවෙයි
ප්‍රසාන්ත Thursday, 16 May 2013 08:45 AM
ලංකාවට ආදර්ශයක් මේක.(නදී)