X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 29 වන ඉරිදා


නව පාප්තුමා රැඳවියන්ගේ පා දෝවනය කරයි

අභිනවයෙන් පාප් පදවියට පත් පළමු වැනි ෆ‍්‍රැන්සිස් පාප්තුමා පෙරේදා(29) බාලවයස්කාර රැඳෙවියන් රඳවා තැබෙන රෝමයේ මාර්මෝ රැඳෙවුම් මධ්‍යස්ථානයට ගොස් එහි සිටි තරුණ රැඳවියන් 12 දෙනකුගේ පාදෝවනය කළේය. 
පාස්කු උත්සවයට පෙර වතිකානුවේ ආගමික මෙහෙයක් ආරම්භ කරමින් පාප්තුමන් මෙසේ රැඳවියන්ගේ පා දෝවනය කිරීමේ පැරැණි චාරිත‍්‍රය ඉටු කළේය. එහිදී පාප්තුමන් වයස අවුරුදු 14 ත් 21 ත් වයසැති දැරියකගේ සහ තරුණියකගේත් මුස්ලිම් ජාතික රැඳවියන් දෙදෙනකුගේත් පාද දෝවනය කර සිපගැනීම සුවිශේෂී සිදුවීමක් විය.
 මා යමකුගේ පාද දෝවනය කර සිප ගැනීමෙන් සංකේතවත් කරන්නේ ඒ තැනැත්තාට හෝ තැනැත්තියට මාගේ සේවය ලැබෙන බව යැයි පාප්තුමෝ රැස්ව සිටි මාධ්‍ය හමුවේ පැහැදිලි කළෝය.
අප හැමවිටම අනෙක් අයට ආදරය කළ යුතුයි. ඔවුන්ට උදව් කළ යුතුයි. එයයි ජේසුතුමන් අපට කියා දුන්නේ යැයි ද පාප්තුමෝ පැවැසූහ.
පාප්තුමකු කාන්තාවකගේ පා දෝවනය කළ පළමු අවස්ථාව මෙය බව පැවැසූ වතිකානු ප‍්‍රකාශක ෆෙඞ්රිකෝ ලොම්බාර්ඩි, ෆ‍්‍රැන්සිස් පාප්තුමන් ආජන්ටිනාවේ කාදිනල් පදවිය හෙබ වූ කාලයේදී සිරකඳවුරු, රෝහල් සහ වැඩිහිටි නිවාසවලදී ස්ත‍්‍රී පුරුෂ භේදයකින් තොරව මේ චාරිත‍්‍රය ඉටු කළ බව පැවැසීය.
පාප්තුමාගේ කි‍්‍රයා කලාපය ඉතාලි පුවත්පත්වල දෝෂදර්ශනයට ලක්ව තිබූ අතර එම පුවත්පත් සඳහන් කළේ එම කි‍්‍රයාකලාපය පාප්තුමකුට උචිත නැති බවත් එය කතෝලික සභාවේ සම්ප‍්‍රදාය බිඳීමක් බවත්ය.
පාප් පදවියට පත් වූ අවස්ථාවේ සිට ශුද්ධෝත්තම පළමු ෆ‍්‍රැන්සිස් පාප්තුමන් කියා සිටියේ කතෝලික පල්ලිය මෙන්ම කතෝලික සභාව ද දුප්පතුන් වෙනුවෙන් කැප විය යුතු බවය. 
රැඳවුම් කඳවුර බාර නිලධාරියා සඳහන් කළේ පාප්තුමන්ගේ මෙම කි‍්‍රයාව අවුරුදු 14ත් 21ත් අතර වියේ පසුවන රැඳවියන්ගේ අනාගතය අලෝකමත් කිරීමට හේතුවනු ඇති බවයි. 

පාප්තුමන් රැඳවියන්ගේ පාදෝවනය කළ අවස්ථාව....

 



අදහස් (0)

නව පාප්තුමා රැඳවියන්ගේ පා දෝවනය කරයි

සංක Sunday, 31 March 2013 09:35 AM

මාර සිරිතක් තමයි ඒක (දී)

:       0       0

බණ්ඩාර Monday, 01 April 2013 11:52 AM

ආගමික නායකයෙකුගේ තිබෙන සෙනෙහස මටනම් සිතාගන්නවත් බැහැ. ඉතාම විශිෂ්ටයි (ස)

:       0       0

මලික් Sunday, 31 March 2013 06:01 PM

කවුද මෝඩ ඩොන්? (නි)

:       0       0

මුතුකුඩ Sunday, 31 March 2013 05:33 PM

එහෙමනම් ක්‍රිස්තියානි දහමට පෙර සිටි අය කාවද ඇදහුවේ. (ස)

:       0       0

උදය Sunday, 31 March 2013 03:08 PM

කවද හරි ඇමරිකාවට සහ යුරෝපයට මේ පාප් වහන්සේ ලොකු අභියෝගයක් කරනවා (ස)

:       0       0

අමිල කටුනායක Sunday, 31 March 2013 01:24 PM

ඩැනියෙල්ට යන්නෙ කොහෙද මල්ලෙ පොල්. (නි)

:       0       0

උපුල් Sunday, 31 March 2013 12:01 PM

ඔව් දොන් . ඕන කෙනෙක්ට ඕනෑම මතයක් දරන්න පුළුවන් . (නදී)

:       0       0

උපුල් Sunday, 31 March 2013 11:59 AM

දනියල්, මොනවාද කියමුකෝ බලන්න ඔය කියන වැරදි.(නදී)

:       0       0

අරුෂි Sunday, 31 March 2013 10:45 AM

ඩූන්, ඔයා හීනයක් දකිනවද අවදිවෙන්න.(නදී)

:       0       0

පාල Sunday, 31 March 2013 09:34 AM

ආගම් වල තියෙන සිරිත් (දී)

:       0       0

අමිල Sunday, 31 March 2013 09:33 AM

මට හිතෙන්නේ හිරාන්ගේ ප්‍රශ්නයට‍ අචිනි පිළිතුරු දි ඇති බවයි.. (ස)

:       0       0

අමිල Sunday, 31 March 2013 09:29 AM

ඩැනියෙල් කියන්නකෝ වැරදි, එතකොට පුළුවන්නේ ඒවා ගැන අවදානය යොමු කරන්න (ස)

:       0       0

ලසන්ත Sunday, 31 March 2013 09:36 AM

ඒකට අපේ අය ශිල්ප දක්වලා, සීසීටීවී කැමරා වලට ගල් ගහනවා. (නි)

:       0       0

අචිනි Saturday, 30 March 2013 10:03 AM

එදා ජේසුතුමා කීවවාගේ නායකයා සමදෙනාගෙම සේවකයා විය යුතුයි. (අ)

:       0       0

ඩොන් Saturday, 30 March 2013 11:37 PM

මට නම් ලෝකයෙන්ම උතුම් ආගම බෞද්ධාගමයි. (නි)

:       0       0

ගාමිණී Saturday, 30 March 2013 09:01 PM

පාප් වහන්සේගේ සේවය අගය කොට සළකනවා. (නි)

:       0       0

රජින්ද Saturday, 30 March 2013 07:00 PM

ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව මෙම කාර්ය කළ ඔබ වහන්සේට ඇත්තෙන්ම අප ගරුකරමු. කතෝලික ධර්මය දෙපාර්ශවයටම පොදු ධර්මයකි.(නදී)

:       0       0

අමිල Saturday, 30 March 2013 06:36 PM

මොකටද ඒ (දී)

:       0       0

බෝධිපාල Saturday, 30 March 2013 06:00 PM

විහිළුවක් (ස)

:       0       0

මුතු Saturday, 30 March 2013 05:45 PM

මට තේරෙන්නේ නැහැ (දී)

:       0       0

ගීත් Saturday, 30 March 2013 04:27 PM

අපගේ හදපිරි ගෞරවය! (නි)

:       0       0

සදුන් Saturday, 30 March 2013 02:58 PM

මේක චාරිත්‍රයක්ද (දී)

:       0       0

ඩැනියෙල් Saturday, 30 March 2013 01:07 PM

හර්මන්, අනුන්ගේ ආගම් වලට දොස් කියන්නෙ නැතුව, තමන්ගේ ආගමේ තියෙන වැරදි ටික හදාගත්තොත් නේද හොද? (නි)

:       0       0

හිරාන් Saturday, 30 March 2013 01:05 PM

මෙහෙම පා දෝවනය කිරීමෙන් ඇතිවන ප්‍රතිඵලය කුමක්ද? (නි)

:       0       0

හර්මන් මිගමුව Saturday, 30 March 2013 11:36 AM

ජේසුස්වහන්සේ කෙළේ ඔය ටිකමයි. කතෝලිකයන් සමහරෙක් නොකරන්නේ ඔය ටිකමයි (අ)

:       0       0

උපුල් මීගමුව Saturday, 30 March 2013 10:08 AM

මෙන්න නියම දේව සේවකයෙක් . වහන්සේ ඉගංනුවවූ ඉගංවූ ධර්මය ක්‍රියාවෙන් පෙන්වන මෙවන් දේව සේවකයන් මෙන්ම , සේවකයෙක් වියයුතු නායකයෙක්ද අපරටට පමණක් නොව මුළු ලෝකයටම අවශ්‍යවන කාලයක් මෙය . (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site