X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 14 වන සඳුදා


නාකි බළලුන්ට සැප දිවියක්

ජීවිතයේ සැඳෑ සමය ගෙවන බළලුන්ට වෙන්වූ අපූරු බළල් වැඩිහිටි නිවාසයක් ගැන වාර්තා වන්නේ බි‍්‍රතාන්‍යයේ ලින්කන්ෂයර් ප‍්‍රාන්තයෙනි.

වසර ගණනක් මිනිසුන් හා ජීවත් වන සුරතල් සතුන් බොහෝ විට ඔවුන්ගේ හිමිකරුවන්ට පෙර මියයයි.රෝගාබාධ හා අනතුරු පසකට කළ විට මෙසේ සුරතල් සතුන් මියයන්නේ වයස්ගතව ජීවිතය අවසානය තෙක්ම ගතකරය.මෙය එම සතුන්ගේ හිමිකරුවන්ට මහත් මානසික පීඩාවක් ගෙන දෙන්නක් බව අමුතුවෙන් කිවයුතු නොවේ.

ලින්කන්ෂයර් බළල් වැඩිහිටි නිවාසයේ නිර්මාතෘවරුන් සැළකිල්ලට ගෙන තිබෙන්නේ මෙයයි.ඔවුන්ගේ සංකල්පයට පින්සිදු වන්නට දැන් බළල් සුරතලූන්ගේ හිමිකරුවන්ට තම සුරතලා වයස්ගත වන ලකුණු පෙනුනහොත් මේ වැඩිහිටි නිවසට ගෙනවිත් භාරදිය හැකිය.එසේ භාරදෙන බළල් සුරතලාගේ සැදෑ සමය සැපවත්ව හා සුවදායකව ගත කිරීමට අවශ්‍ය පරිසරය මෙහි ඇත.

අඩුම තරමේ තම සුරතලා මියයෑමට ප‍්‍රථමයෙන් සුවදායක කාලයක් ගතකළා යැයි සැනසීමක්වත් හිමිකරුවන්ට මෙයින් ලැබෙන බව ඔවුන් කියයි.

බළලූන් සදහාම වෙන්වුනු විශේෂ අරමුදලක් යටතේ කි‍්‍රයාත්මක වන මෙම බළල් වැඩිහිටි නිවාසයේ බළල් සාමාජිකයෝ 400 ක් පමණ සිටිති. මෙය අක්කර 7 ක් පුරා පැතිරෙන බිමක පිහිටා තිබෙන බැවින් ඉඩකඩ ගැන ගැටලූවක් කොහෙත්ම නැත. මේ නිවාසය පිහිටියේ ලන්ඩනයේ මැන්චෙස්ටර් නගරයේය.

ඔවුන් සඳහා වෙනම උණුසුම් කළ කාමර, ඇඳන් ආදී පහසුකම්ද තිබේ. නිවස සාදා ඇත්තේ නැගෙනහිරට මුහුණලා වන අතර එනිසා හොඳ හැටි හිරුරැස් ස්නානය කිරීමටද බළලූන්ට හැකිය.

වැඩිහිටි නිවාසයට බළලෙකු ඇතුළත් කිරීමට අවශ්‍ය නම් ඒ සදහා එක් වරක් අයකෙරෙන පවුම් 850 ක (රුපියල් 175000 ) මුදලක් ලබා දිය යුතුය.

ගණන සැර වුවත් බළල් නිවාසයේ පහසුකම් ලබාගැනීමට පැමිණෙන සාමාජිකයින්ගේ වැඩිවීමක් මිස අඩුවීමක් නම් දක්නට නොමැති බව සදහන්වේ.

retirement-home-for-cats2-550x412 retirement-home-for-cats-550x412



අදහස් (0)

නාකි බළලුන්ට සැප දිවියක්

සුරේෂ් Monday, 02 March 2015 01:47 PM

සුපිරි වැඩක් (නදී)

:       0       0

ශාන් Tuesday, 03 March 2015 03:11 AM

නියම වැඩක් (නදී)

:       0       0

දුමින්ද Tuesday, 03 March 2015 04:13 AM

රජ සැපක් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site