අඟහරු ග්‍රහයාගේ ගේල් ආවාටයට පතිත කරනු ලැබූ ඇමෙරිකා නාසා ආයතනයේ ‘කියුරියෝසිටි’ රොබෝ යානය, මේ වනවිට එම ආවාටයේ එහෙ මෙහෙ යමින් පස් සාම්පල පරීක්ෂා කරමින් දත්ත ලබා ගන්නා බව නාසා විද්‍යාඥයෝ පවසති. විශේෂිත මෙන්ම ඉතා අවදානම් ක්‍රමවේදයකට කියුරියෝසිටි යානය අඟහරු මත පතිත කිරීමට නාසා විද්‍යාඥයන්ට හැකිවුණේ ඉකුත් 6 වැනිදාය. එය මේ වනතෙක්ම ගොඩ බෑ ස්ථානයේ නිසලව සිට, එය අවට ඇති දේවල් ඡුායාරූපයට නගා නාසා විද්‍යාඥයන් වෙත ලැබෙන්න සැලැස්වීය. කියුරියෝසිටි රොබෝ යානය නැතිනම් රෝවරය ගේල් ස්ථානය, ‘බ්රැඞ්බරි’ යනුවෙන් නම් කිරීමට විද්‍යාඥයෝ තීරණය කළහ. ඒ, අඟහරු ග්‍රහයා ගැනත් අඟහරු ගවේෂණ ගැනත් විද්‍යා ප්‍රබන්ධ ලියූ ප්‍රකට ලේඛක රේ බ්රැඞ්බරිට උපහාරයක් ලෙසිනි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නාසා යානය අඟහරුගේ පස් සාම්පල පරීක්ෂා කරයි
චන්ද්‍රානි Saturday, 01 September 2012 01:15 PM
ඉදිරියේදී අගහරු වල ජීවය අත්විදිය හැකි බවද සොයාගැනීමට ඉඩ තිබේ (නි)