X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


නැනෝ අධිවේගයෙන් මහ පිම්මක්

තත්ත්පරයකදී ටෙරාබයිට 43 ක දත්ත හුවමාරු කරවීමේ සමත් අධි කාර්යක්ෂම ප්‍රකාශ තන්තු විශේෂයක් හදුන්වාදීමට ඩෙන්මාර්ක පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිති.

ටෙරාබයිටයක් යනු ගිගාබයිට 1024 කි.

ප්‍රකාශ තන්තුවක් යනු ආලෝක කදම්බයක් මගින් දෙතැනක් සම්බන්ධ කර එම ආලෝක කදම්බය ආධාරයෙන්ම දෙතැන අතර දත්ත හුවමාරු කර ගැනීමට නිපැදවුනකි.දෙතැන ආලෝක කදම්බයෙන් සම්බන්ධ වන්නේ ප්‍රකාශ තන්තුවේ ඇති වීදුරු බටයක් වැනි ව්‍යුහය ඔස්සේය.

මේ දක්වා ප්‍රකාශ තන්තු නිපැදවූයේ එක් වීදුරු බටයක් ඇතිවය. මෙවන් ප්‍රකාශ තන්තුවකින් තත්පරයකදී ටෙරාබයිට 34 ක් හුවමාරු කරවා ජර්මානු පර්යේෂක පිරිසක් පසුගිය සමයේ වාර්තාවක්ද තැබූහ.

මෙම ඩෙන්මාර්ක පර්යේෂක පිරිස කර ඇත්තේ සාමාන්‍ය ප්‍රකාශ තන්තුවක ප්‍රමාණය වෙනස් නොකර එයට වීදුරු බට එකකට වඩා අන්තර්ගත කළ හැකිදැයි සොයාබැලීමයි.

පර්යේෂණය සාර්ථක කරමින් එක් ප්‍රකාශ තන්තුවකට වීදුරු බට 7 ක් අන්තර්ගත කිරීමට ඔවුන්ට හැකිව ඇත.

නව ප්‍රකාශ තන්තුවෙන්  තත්පරයට ටෙරාබයිට 43 ක අදහාගත නොහැකි දත්ත ප්‍රමාණයක් හුවමාරු කර ගත හැකි බව තහවුරු වූවේයැයි ඔවුහු කියති.

මෙම දත්ත ප්‍රමාණයේ තරම තවදුරටත් පැහැදිලි කරහොත් මෙවන් ප්‍රකාශ තන්තු යොදාගෙන තැනෙන අන්තර්ජාල සබදතා ජාලයකින් ගිගාබයිටයක තරමේ චිත්‍රපටයක් භාගත කිරීමට ගත වනු  ඇත්තේ මිලි තත්පර 0.2 කි.

අන්තර්ජාලය ඔස්සේ අධි විභේදන වීඩියෝවන් (එච්.ඩී) නැරැඹීමටද කිසිදු ගැටලූවක් ඇති නොවනු ඇත.

අන්තර්ජාලය ඔස්සේ දත්ත හුවමාරුව වේගවත් කිරීම සදහා ලොව පුරා පර්යේෂකයින් තරගයට මෙන් සිදුකරන මෙවැනි පර්යේෂණයන් අන්තර්ජාලයේ අනාගත පැවැත්මට වැදගත් වන බව විචාරකයෝ කියති.

අන්තර්ජාලයේ තදබදය වසරක් පාසා ඉහළ යමින් තිඛෙන වාතාවරණයක් පවතින හෙයින් එම තදබදය අවම කරන්නට අධිවේග අන්තර්ජාල සබදතා අත්‍යාවශ්‍ය වන්නේ යැයි ඔවුහු පවසති.



අදහස් (0)

නැනෝ අධිවේගයෙන් මහ පිම්මක්

සමන් Sunday, 03 August 2014 06:15 PM

මේක ඉක්මණට ආවොත් හොඳයි (නි)

:       0       0

ධනුෂ්ක - පුත්තලම Monday, 04 August 2014 04:45 AM

ඔන්න වැඩ. බටහිර ලෝකෙ කා කොටා ගන්නවාට වඩා මේවගේ දේවල් කොච්චර හොදද (දී)

:       0       0

චානක Monday, 04 August 2014 05:43 AM

තාක්ෂනය ගැන නම් කතා කරන්න එපා .වහින කොට ඉන්ටනෙට් නැහැ ලංකාවේ (දී)

:       0       0

රංගන Monday, 04 August 2014 08:31 AM

චානක ගේ අදහස හරියට හරි. ලංකාවේ ඉන්ටෙර්නෙට් ගැන නම් කතා කරලා වැඩක් නැහැ ඔක්කොම ඉන්ටෙර්නෙට් දෙන ආයතන ඉන්නේ සල්ලි ටික ගන්න විතරයි . වෙන ඉන්ටෙර්නෙට් සේවා සපයන ආයතනයකට ලංකාවේ ඉන්ටෙර්නෙට් අන්ලිමිටඩ් කරන්න වාසනාව ලැබේවා . (දී)

:       0       0

සංජු Monday, 04 August 2014 04:24 PM

ලංකාවේ එකේ ගානත් ඇති ටෙරාබයිට වලින්ම (නදී)

:       0       0

උදේස් පුෂ්පකුමාර Tuesday, 05 August 2014 12:29 AM

මීට පස්සේ ඉතින් ලංකාවේ තියන ඔක්කොම ෆයිබර් කනෙන්සන් නැතී කරලා ඕක එනකොට කාලේ හරි. මොකද ඕක ලංකාවට සුරංගනා කතාවක් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site