X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 09 වන බදාදා


නිකම් ඇඳුම් ගන්න යට ඇඳුමෙන් එයි

ඉතාලියේ රෝමය හා ටියුරින් යන නගරවල ඇගලූම් වෙළද සළක් ආසන්නයේ පසුගියදා දැකගත හැකි වූ අපූරු දසුනකි.

යට ඇදුමින් පමණක් සැරසුණු කාන්තාවන් හා පිරිමින් පිරිසක් වෙළදසළ විවෘත වන තෙක් පෝලිම් ගැසී බලා සිටියහ.තවත් සමහරු තමන්ගේ යට ඇදුම් පමණක් ඉතිරිවන තෙක් ඇගලූම් උනා දමමින් සිටියහ.

අවසානයේ වෙළදසළ විවෘත වුණු පසු ඔවුහු සියලූ දෙනා එතුළට දිව ගියහ.පිස්සුවෙන් මෙන් ඔවුන් ඇදුම් තෝරමින් තම විළි වසා ගනු දැකගත හැකි වුනි.

මේ ඩෙසිගුවල් නම් ස්පාඤ්ඤ ඇගලූම් වෙළදසල් ජාලය වසරක් පාසා කි‍්‍රයාත්මක කරන වෙළදප‍්‍රචාරක වැඩසටහනකි.වෙළදසැළ නිවේදනය කරන දිනයේදී ඊට පැමිණෙන පළමු 100 දෙනාට නොමිලයේ  ඕනෑම ඇදුමක් ලබා ගත හැකිය.එකම කොන්දේසිය ඇදුම් ලබා ගැනීමට තම තමන්ගේ යට ඇදුම් වලින් සැරසී පැමිණීමයි.

පළමු සිය දෙනා අතරට ඇතුළත් වීමට නොහැකි වූවන්වද වෙළදසැළේ බළධාරීන් අමතක නොකරයි.ඔවුන්ට එම දිනයේදී අන් දිනවලට වඩා සියයට 50 ක් මිල අඩුවෙන් ඇගලූම් මිලදී ගත හැකිය.

මෙවර වැඩසටහන කි‍්‍රයාත්මක වී ඇත්තේ ඉතාලියේ වුවත් පෙර වසර වලදී එය බි‍්‍රතාන්‍යය ඇමරිකාව,ජපානය වැනි රටවල ඇති ඩෙසිගුවල් ජාලයට අයත් වෙළදසැල් වල කි‍්‍රයාත්මක කර ඇත.එළැඹෙන වසරේදී ප‍්‍රංශයේ පැරිස් නුවරදී මෙය කි‍්‍රයාවට නැංවීමට සැළසුම් කර ඇතැයි සදහන්ය.

 



අදහස් (0)

නිකම් ඇඳුම් ගන්න යට ඇඳුමෙන් එයි

සමන් Wednesday, 08 January 2014 09:33 AM

නිකන් දෙනවනං මිනිස්සු ඕන දෙයක් කරයි.(නදී)

:       0       0

සංජු Tuesday, 07 January 2014 08:44 PM

මොකද මේ කට්ටිය කලබල වෙලා. මෙතන කවුරුවත් හෙළුවෙන් නැහැ. ඕනවට වැඩි හැදියාව හින්ද තමා ප්‍රශ්න වැඩි. අපේ හැදියාව මහ ලොකුවට කතා කරන අය දන්නවද අපේ අය තමයි ලෝකෙන් වැඩියම සෙක්ස් ගැන අන්තර්ජාලයෙන් හොයන්නේ කියා.(නදී)

:       0       0

සවරු Tuesday, 07 January 2014 09:56 PM

දැන් කොහොමත් යට ඇදුම් ඇදගෙන වගේනේ මහමග කාන්තාවෝ යන්නේ.(නදී)

:       0       0

අජන්ත Tuesday, 07 January 2014 10:14 PM

ඇදුම් ගන්නවා කියලා මේ තරම් කැත විදිහට හැසිරෙනවද (දී)

:       0       0

ශ්රිහාන් නුවන් Tuesday, 07 January 2014 11:22 PM

හොද ප්‍රචාරක වැඩක්. තමන්ගේ වෙළද නාමය ලොව පුරා ප්‍රචාරය කරන්න කරපු නුවණක්කාර වැඩක්.(නදී)

:       0       0

ඩයස් Wednesday, 08 January 2014 12:00 AM

හොඳට සුදු පිරුවට ඇදගෙන මොන තරම් විලි ලජ්ජා නැති වැඩ කරනවද අපේ රටේ . වරදක් නොපෙනේ (දී)

:       0       0

දර්ශිකා Wednesday, 08 January 2014 01:19 AM

නිකමට කියන්න, හිත යටින් පොඩි ලැජ්ජාවක් එනවා නේද මේ මිනිස්සු ගැන (දී)

:       0       0

දීමා Wednesday, 08 January 2014 03:13 AM

ඉතලි කාරයෝ නිකන් දෙනවා නම් උන, හෙම්බිරිස්සාව, කක්කල් කැස්ස උනත් ගන්නවා..(නදී)

:       0       0

බමුණු Wednesday, 08 January 2014 03:54 AM

"ඕක අපේ රටේ උනා නම් බලන්න තිබුන කට්ටියගේ අදහස්" අපේ රටේ උනානම් ඇදුම් නැතිව යාවි (දී)

:       0       0

බමුණු Wednesday, 08 January 2014 03:56 AM

''විලි ලජ්ජාවෙ බැහැ." ඒ මොකෝ ?(නදී)

:       0       0

බමුණු Wednesday, 08 January 2014 03:57 AM

ලංකාවේ කවුරුවත්ම නැතුව ඇති මෙතන. මමත් බැලුවා අතින් වහ ගත්ත කෙනෙක් ඉන්නවද කියලා.(නදී)

:       0       0

බමුණු Wednesday, 08 January 2014 04:02 AM

ඔන්න අපේ රටටත් හොද ආදර්ශයක්. පටන් ගමු වැඩේ යට ඇදුමේ ඉදන්ම. .(නදී)

:       0       0

විජේසිංහ Wednesday, 08 January 2014 04:44 AM

විලිසංගේ නැති රටක් (දී)

:       0       0

රණවක Wednesday, 08 January 2014 06:25 AM

අපේ රටේ පහුගිය දවස් වල සිද්ද වෙච්ච දෙයක් මතක් උනා (දී)

:       0       0

චන්ද්‍රා Wednesday, 08 January 2014 06:55 AM

නිකන් දෙන නිසාද අඩනිරුවතින් ආවේ (දී)

:       0       0

අජන්ත Tuesday, 07 January 2014 05:37 PM

අබ්දුල් ඉතින් අපේ රටේ හිගන්නෝ නැනේ (අ)

:       0       0

චමිල Wednesday, 08 January 2014 11:57 AM

අදහස් දක්වන වැඩිදෙනෙක් තමන්ගේ රට පහත් කොට තකන බව පෙනේ. පිටරටක වෙන ඕනම දෙයක් ඔවුන් ගේ කෝණයෙන් බලා මවු බිමට නියවීම තමන්ගේ නිවට කම අනුන්ට දැක්වීමක් වැනිය.(නදී)

:       0       0

සේනානායක Wednesday, 08 January 2014 12:20 PM

ලෝකේ මිනිස්සු එකනේ ඇදුම් බිස්නස් වැඩි වැඩියෙන් කරන්නේ (දී)

:       0       0

අසෝක Wednesday, 08 January 2014 12:20 PM

අපේ අය නිකම් දෙන දේ ගන්න ලැජ්ජා උනාට හොරකම් කරන්න නම් ලැජ්ජා නැහැ. (දී)

:       0       0

කුමාරිහාමි Wednesday, 08 January 2014 05:26 PM

මේ පිරිමි අඩනිරුවත් ගැහැණු අසල කොතරම් සංවරව ඉන්නවද? ලංකාවේ නම් අඩනිරුවත් ගැහැනියක් මෙතරම් ලඟින් හිටියනම් ඒ ගෑනිට මොකක් හෝ අතවරයක් කරන තරමට පිරිමින්ට තමන්ව පාලනය කරගන්න බැරිවෙනවා (දී)

:       0       0

මාදවී Thursday, 09 January 2014 07:29 AM

බැරිවෙලාවත් ගැහැණියකගේ ඇඳුම් ගැලවිලා ගියොත් තමාට ආසන්නයේම සිටින පිරිමියා තමා ඇඳන් සිටින කමිසය හරි ගලවල දෙනවා විලි වහගන්න. එහෙම තමා කුමාරිහාමි සමහර බටහිර රටවල. (දී)

:       0       0

මාදවී Thursday, 09 January 2014 07:33 AM

බලන්න මේ පිරිමින්ගේ සංවරකම මෙන්න නියම පිරිමි කම. (දී)

:       0       0

නිලුපුලි Thursday, 09 January 2014 07:42 AM

අපේ කෙනෙක් මෙතනට දැම්මනම් වලන් කඩේට පන්න ගොනා වගේ ඇනගෙන ඇනගෙන යාවි. ගෑනුන්ට තියෙන ටිකත් නතුව දුවන්න වෙනවා. (දී)

:       0       0

ශලුක Thursday, 09 January 2014 07:43 AM

කාටද මතක , මස දෙක තුනකට ඉස්සර ලංකාවේ නමගිය රෙදිපිළි ආයතනය වෙනතැනකට ගෙනියන දවසේ , අන්තිම දවසේ අපේ අය හැසිරුණ විදිය , මේ කතාවට හප්පන් (දී)

:       0       0

කැලණි Thursday, 09 January 2014 09:18 AM

ශාන්ති, යුරෝපයේ දේශගුණ තත්ත්ව නිසා යට ඇඳුමෙන් ඉන්න පුළුවන්. ඒ මොකද්ද ඒ කතාව. ලංකාවෙත් පුළුවන්නේ එහෙනම්. සංජු, ඔය අන්තර්ජාලයේ සෙක්ස් හොයන සංගණන ආසියානු රටවල් පහතට දමන්න කරන බොරු ඒවා කියල මම සඟරාවක (රට) කියෙව්වා. (දී)

:       0       0

චතුර Friday, 10 January 2014 06:44 AM

ඉතා හොද ප්‍රචාරණ ක්‍රමයක් . එකනේ කට්ටිය මෙච්චර කතා වෙන්නේ . කාවවත් සසදන්න එපා . නිර්මාණ ශීලි වැඩක් (දී)

:       0       0

දිලිනි Friday, 10 January 2014 09:45 AM

මම මෙම දෙය අගය කරමි.(නදී)

:       0       1

හිරුක තෙසාන් Sunday, 12 January 2014 01:19 PM

හෝටලේකට යන්නේ බඩගින්නේ නම්, ඇඳුම් ගන්න යන්නේ ඔය විදියට වෙන්න ඇති ඒ රටේ.(නදී)

:       0       0

මනෝ Monday, 13 January 2014 02:14 PM

ව්‍යාපාර දියුණු කරන්න විවිද ක්‍රම අනුගමනය කරන එක හොඳයි.(නදී)

:       0       0

අශෝකා Tuesday, 07 January 2014 09:36 AM

අශෝකා හිතන්න එපා මෙහෙ එහෙම නැහැ කියලා. හවුස් ඔප් පැෂන් එකේ ෆ්‍රී ඇඳුම් ගන්න කී දෙනෙක් පොර කෑවද. ආර්ටිකල් එකේ කියලම තියෙනවා මේක වෙළඳ ප්‍රවර්දන වැඩසටහනක් කියලා. නිකන් මෝඩ කතා කියන්න එපා. ඔයා හිටියත් ඉතින් කරන්නේ ඕක. මෙහෙ සල්ලි නාස්ති කරන විදියට එහෙ මිනිස්සු සල්ලි නාස්ති කරන්නේ නැහැ.(නදී)

:       0       0

සුනිල් විමලසුරිය Monday, 06 January 2014 04:43 PM

නියම අදහසක්.(නදී)

:       0       0

ඉන්දික Monday, 06 January 2014 04:55 PM

යට ඇඳුම් විකුණන කඩයකත් මේ වැඩේ කරානම් හරි.(නදී)

:       0       0

අශෝකා Monday, 06 January 2014 05:15 PM

පේනවා නේද යුරෝපයේ තත්වය. නිකන් දෙන ඇදුම ගන්න යට ඇදුමින් යන්න තරම් මිනිස්සු ආර්ථිකය අතින් කොච්චර පහලට වැටිලද? අලුතින් ඇදුමක් මිලට ගන්න වත් කමක් නැහැ කියන එකත් මේකෙන් පේනව නේද? (නදී)

:       0       0

පාලි Monday, 06 January 2014 07:39 PM

යට ඇඳුමුත් ගලවලා යන්න කීවා නම් ඒත් යයි.(නදී)

:       0       0

අජිත් Monday, 06 January 2014 07:44 PM

නිකන් දෙනවා නම් හෙම්බිරිස්සාව වුනත්.(නදී)

:       0       0

නුගේගොඩ Monday, 06 January 2014 08:45 PM

ඕක අපේ රටේ උනා නම් බලන්න තිබුන කට්ටියගේ අදහස්..(දී)

:       0       0

සේනාරත්න Monday, 06 January 2014 11:42 PM

ලංකාව නම් ඔය තරමටම පහත වැටී නැති බව විස්වාසයි. (දී)

:       0       0

ශාන් Tuesday, 07 January 2014 01:41 AM

මේක ලංකාවේ සංස්කෘතියට ගැලපෙන්නේ නැති උනත් බටහිර රටකට ලොකු දෙයක් නොවේ. උස්ණ කාලෙට කොහොමටත් සමහර ගැහැණු අය ෂොපින් යනකොට මීට වඩා පොඩි ඇඳුම් ප්‍රමාණයක් අඳින්නේ. මේ රටවල මිනිස්සු ඇඳුම් දිහා බලල මිනිස්සු මනින්නේ නැහැ ලංකාවේ වගේ.(නදී)

:       0       0

ජයලත් Tuesday, 07 January 2014 04:24 AM

නැති හින්දානේ අදින්න ගන්නේ ඒ වැඩේත් හරි තමයි (දී)

:       0       0

සමන්ති Tuesday, 07 January 2014 05:11 AM

ඕක අපේ රටේ කරන්න අමාරුයි. මොකද සමහරු ඇඳුම් ඇන්දත් වැඩ ඇඳුම් නොමැති විදියටයි.(නදී)

:       0       0

සෑම් Tuesday, 07 January 2014 05:34 AM

අශෝකා, ඔයාට වැරදිලා. මේ අය මෙහෙම එන්නේ ඇඳුම් නිකන් දෙන නිසා. එහෙම නැතුව ඇඳුම් ගන්න මුදල් නැති නිසා නොවේ. මේ අය මුදලේ වටිනාකම දන්නවා. නිකම් දෙන දෙයක් ගන්න අපේ අය ලජ්ජා උනාට පිටරටවල මිනිස්සු එහෙම නැහැ.(නදී)

:       0       0

මුණසිංහ Tuesday, 07 January 2014 07:56 AM

ඔන්න අපේ රටටත් හොද ආදර්ශයක්. පටන්ගමු වැඩේ යට ඇදුමේ ඉදන්ම.(නදී)

:       0       0

නිමල් පෙරේරා Tuesday, 07 January 2014 08:44 AM

ලංකාවේ කෙනෙක් නම් ඒ හරියේ පෙනෙන්ට නැහැ. (නදී)

:       0       0

ශාලිකා Monday, 06 January 2014 04:09 PM

කාට කියන්ඩද මේවා.(නදී)

:       0       0

අබ්දුල් Tuesday, 07 January 2014 09:52 AM

අපේ රටේ හිගන්නොත් මෙහෙම කරන්නේ නැහැ.(නදී)

:       0       0

පෙරේරා Tuesday, 07 January 2014 09:56 AM

මේ අයගේ හෙළුව තමයි ලංකාවේ අයට ලොකුවට පෙනෙන්නේ. (නදී)

:       0       0

සමන් Tuesday, 07 January 2014 10:14 AM

ඔය වගේ කට්ටියක් ළගදි කොටුව දුම්රිය පොළ ලග හිටියා මට මතකයි.(නදී)

:       0       0

නිලු Tuesday, 07 January 2014 10:15 AM

තම තමන්ගේ රටවල් වලට ගැලපෙන ඕනෑම දෙයක් කරන්න අයිතියක් තියෙනවා එයාලට. අපේ රටේ තියෙන්නේ 100%ක්ම සංස්කෘතියට ගැලපෙන දේවල්ද.? (නදී)

:       0       0

ශාන්ති Tuesday, 07 January 2014 10:38 AM

ඕක මහා දෙයක් නොවේ, යුරෝපයේ දේශගුණ තත්ත්ව නිසා යට ඇඳුමෙන් ඉන්න පුළුවන්. ලංකාව වගේ නොවෙයි.(නදී)

:       0       0

නිමල්කා Tuesday, 07 January 2014 11:28 AM

බලන්න ඔතන ලංකාවේ කීදෙනෙක් මුණ හංගගෙන ඉන්නවද කියල. මොකද නිකන් දෙනදෙවල් වලට පොරකන පිරිසක්නේ ලංකාවේ අය. (දී)

:       0       0

සංජිව Tuesday, 07 January 2014 11:34 AM

මේ දේවල් බටහිර රටවල් වල නිසා ප්‍රශ්නයක් නැහැ (දී)

:       0       0

කුශාන්ත Tuesday, 07 January 2014 11:36 AM

නිකන් දෙන අස්සයාගේ දත් ගණන් කරන්න එපා කියලා තියෙනවනේ (දී)

:       0       0

සංජිව Tuesday, 07 January 2014 11:39 AM

හැබැයි හැමෝම එකා වගේ ඉන්නව.මේ දේ අපේ රටේ උනානම් කෙල්ලෝ කීදෙනෙක් මරා ගනීවිද (දී)

:       0       0

ලක්මාල් Tuesday, 07 January 2014 11:46 AM

ලංකාවේ කවුරුවත්ම නැතුව ඇති මෙතන (දී)

:       0       0

මුදිත Tuesday, 07 January 2014 12:05 PM

බලන්න මේ මිනිස්සු මොන තරම් සහයෝගයෙන් ඉන්නවද අපේ රටේ මතකනේ පහුගිය දවස් වල උන දේ (දී)

:       0       0

දමයන්ති Tuesday, 07 January 2014 03:25 PM

විලි ලජ්ජාවෙ බැහැ..(දී)

:       0       0

අනෝමා Tuesday, 07 January 2014 04:07 PM

ලෝකේ මොන දේ විකුනුනේ නැතත් ඇදුම් නම් විකිනෙනවා, හිතන්න නිකන් දෙනවා කියුවොත්..... (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site