නේපාලයට ඇද හැළෙන මහ වැසි හේතුවෙන්, එරට බටහිර කඳුකරබද ප‍්‍රදේශවල ගම්මාන දෙකක් ඊයේ (20) නායයෑමට ලක් වූ අතර, ගම් වැසියෝ විසි දෙදෙනෙක් පණ පිටින් වැළැලූණහ.
පස් තට්ටු යට සිරවුණු පිරිස් සොයමින් ඊයේ සවස් වන තුරු සෝදිසි මෙහෙයුම් සිදුවුවත් නොකඩවා ඇද හැළෙන වර්ෂාව නිසා ඊට බාධා එල්ල වූ බව බලධාරීහු පවසති.
මෝසම් වැසි සමය උදා වීමත් සමඟ මහ වැසි ඇදහැළෙන්න වූ අතර, කාලගුණ විද්‍යා බලධාරීන් ජනතාවට අනතුරු අඟවා ඇත්තේ අවදානම් ප‍්‍රදේශවලින් වහා ඉවත් වන ලෙසය.
බටහිර නේපාලයේ, ගංගා පිටාර ගැලීමෙන් තවත් ගම්මාන 10 ක් පමණ මුළුමනින්ම විනාශ වී ඇති අතර ලක්ෂයක පිරිසකට උන්හිටිතැන් අහිමි වී ඇත.
කාලගුණ විද්‍යා බලධාරීන් අනතුරු අඟවා ඇත්තේ ඉදිරි තෙදින පුරා ද දිගටම මහ වැසි ඇදහැළීමේ අවදානමක් පවතින බවය.
නේපාල රජය පැවැසුවේ විපතට පත් වූවන් වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වලට ඇමෙරිකන් ඩොලර් 425 ක් (නේපාල රුපියල් 40,000 ක්* ලබා දීමට තීරණය කර ඇති බවය.
විපතට පත්වූවන් වෙනුවෙන් සහනාධාර ලබා දීම කඩිනමින් සිදු කරන බව නේපාල ස්වදේශ කටයුතු අමත්‍යාංශය නිවේදනය කර ඇත. ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් මාර්ග විනාශ වීමෙන් කොටු වූ පිරිස් බේරා ගැනීමට ගුවන් හමුදාව කටයුතු කළ අතර ඒ සඳහා හෙලිකොප්ටර් යානා ද යොදා ගත් බව නේපාල රජය පවසා ඇත.
මෝසම් වැසි නිසා අසල්වැසි ඉන්දියාවට ද දැඩි බලපෑම් එල්ල වී ඇත. ඉන්දියාවේ සිදුවුණු ජල ගැලීම් සහ නායයෑම්වලින් මියගිය ගණන 140 තෙක් ඉහළ ගොස් ඇතැයි ද වාර්තා වේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නේපාලයේ මහා නාය යෑමක්: 22 ක් පණපිටින් වැළැලෙති