2012 වසරේ නොබෙල් ත්‍යාග ප්රදානෝත්සවය අද (10) රාති‍්‍රයේ නෝර්වේ රටේ ඔස්ලෝ නුවරදීත් ස්වීඩනයේ ස්ටොක්හෝල්ම් නුවරදීත් පැවැත්වීමට නියමිත අතර මෙවර නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලබන්නේ යුරෝපා සංගමයයි.
දශක 6 කට වැඩි කාලයක් පුරා යුරෝපා රටවල සාමය ඇති කිරීමට, ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීමට මෙන්ම මානව හිමිකම් සුරැකීමට කටයුතු කිරීම ආදී කරුණු මුල් කර ගනිමින් යුරෝපා සංගමයට මෙම සම්මානය හිමිවන බව නොබෙල් කමිටුව පවසයි.
භෞතික විද්‍යාවට හිමි නොබෙල් ත්‍යාගය මෙවර පිරිනැමෙන්නේ සර්ගේ හැරෝෂ් සහ ඬේවිඞ් වින්ලන්ඞ් යන විද්‍යාඥයන් දෙදෙනාටය. රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය හිමිවන්නේ විද්‍යාඥ රොබට් ජේ. ලෙෆ්ට්කොවිට්ස් සහ බ්‍රයන් කොබිල්කාටය.
වෛද්‍ය විද්‍යාවට හිමි නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලබන්නේ ශී‍්‍රමත් ජෝන් බී ගර්ඩන් සහ ෂින්යා යමැන්කාය. සාහිත්‍යයට හිමි නොබෙල් ත්‍යාගය හිමිකර ගැනීමට සමත් වුණේ චීන සාහිත්‍යවේදියකු වන මෝ යැං ය.
ආර්ථික විද්‍යාවට හිමි නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලබන්නේ ඇල්වින් රෝත් සහ ලොයිඞ් ෂැප්ලීය.
මෙවර නොබෙල් සාම ත්‍යාගය යුරෝපා සංගමයට හිමිවීම සුවිශේෂී සිදුවීමකි. රටවල් 27කින් සැදුම්ලත් යුරෝපා සංගමය දෙවැනි ලෝක යුද සමයෙන් අනතුරුව 1958දී පිහිටැවූයේ ජර්මනිය, බෙල්ජියම, ප්‍රංශය, ඉතාලිය, ලක්ෂම්බර්ග් සහ නෙදර්ලන්තය යන රටවල සහභාගීත්වයෙනි.
යුරෝපා ආර්ථික ප්‍රජාව ලෙසින් බිහිවූ මෙම සංවිධානයේ අරමුණු සහ ඉලක්ක පුළුල්වීමත් සමඟ එය 1993 වසරේදී යුරෝපා සංගමය ලෙස නම් කෙරිණි. ආරම්භයේ සිට අද දක්වා මෙම සංගමය මඟින් කලාපීය සාමය, ස්ථාවරත්වය සහ සෞභාග්‍යය මෙන්ම ජනතාවගේ ජීවන මට්ටම උසස් තලයකට ගෙන ඒමට සුවිසල් මෙහෙයක් ඉටු කර ඇති අතරම යුරෝපා කලාපයට පොදු මුදල් ඒකකයක් හඳුන්වාදීමට ද කටයුතු කර ඇත. යුරෝපා කලාපයේ රටවල් අතර ආර්ථික මෙන්ම දේශපාලන සබඳතා වඩා ශක්තිමත් මට්ටමකට ගෙන ඒම මෙම සංගමයේ අරමුණයි.
ඉකුත් වසර කිහිපය යුරෝපා කලාපයේ ආර්ථික අර්බුද මතු කළ සමයක් විය. ගී‍්‍රසිය, ස්පාඤ්ඤය ඇතුළු කලාපීය රටවල් බොහොමයක් දැඩි ආර්ථික අවපාතයකට මුහුණ දී ඇති අතර ඊට පිළියම් යෙදීමට යුරෝපා සංගමය උත්සාහ ගනිමින් සිටී.
1901 වසරේ සිට නොබෙල් සාම ත්‍යාගය දිනා ගත් 21 වැනි සංවිධානය වන්නේ ද යුරෝපා සංගමයයි. නොබෙල් සාම ත්‍යාගය සඳහා ස්ටර්ලිං පවුම් 930,000ක මුදලක් ලැබෙන අතර එම මුදල යුද්ධ හා ගැටුම් හේතුවෙන් පීඩාවට පත්වන දරුවන් පිණිස යෙදවීමට තමන් බලාපොරොත්තු වන බව යුරෝපා සංගමය කියා සිටී.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නොබෙල් සාම ත්‍යාගය යුරෝපා සංගමයට අද පිරිනැමේ
ජනක Monday, 10 December 2012 01:39 PM
කාට හම්බ වෙයිද (දී)
සම්පත් Monday, 10 December 2012 04:23 PM
ලංකාවේ කවුරුත් නැද්ද (දී)
අචිනි Tuesday, 11 December 2012 02:26 PM
අපේ කට්ටියට නම් ලැබෙන්නේ බොරුව,වංචාව වගේ දේවල් වලට. (නි)
පුෂ්ප - ජර්මනිය Tuesday, 11 December 2012 03:31 PM
නොබෙල් තෑග්ගත් දැන්.... අනේ මන්දා... (නි)