නෝර්වේ රාජ්‍යයේ පෙරේදා (09) පැවැති මහ මැතිවරණයෙන් වසර අටක් නෝර්වේ පාලනය කළ කම්කරු පක්ෂය පරාජයට පත්විය.
කන්සර්වේටිව් පක්ෂය සහ දක්ෂිණාංශික සන්ධානය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
වත්මන් අගමැති කම්කරු පක්ෂ නායක ජෙන්ස් ස්පොල්බන්ඩර්ග් පරාජයට පත්වූ අතර කන්සර්වේටිව් පක්ෂයේ නායක එර්නා සෝල්බර්ග් ජය ලැබීය. ඡුන්ද ගණන් කිරීමේ වට තුනම අවසානයේදී පාර්ලිමේන්තුවේ ආසන 169 න් 96 ක් පක්ෂ හතරකින් සමන්විත මධ්‍ය දක්ෂිණාංශික සන්ධානය දිනාගත් අතර, සෝල්බර්ග්ගේ පක්ෂ තුනක හවුල ආසන 72 ක් දිනාගන්නා ලදී. එක් ආසනයක් ස්වාධීන පාරිසරක කණ්ඩායම විසින් දිනාගන්නා ලදී.
නොර්වේජියානු පාර්ලිමේන්තු සාම්ප්‍රදායට අනුව ලබන ඔක්තෝම්බර් 14 වැනිදා අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු තමන් අගමැතිධුරයේ වැඩ බාරගන්නා බව එර්නා සෝල්බර්ග් මාධ්‍යට කීවාය.
එසේම මෙම මහ මැතිවරණයේ ප්‍රධාන මාතෘකාව වූයේ ලොව විශාලතම ස්වාධීන අරමුදල වන නෝර්වේජියානු තෙල් අරමුදල නිසි ලෙස පරිහරණය කරන බවට තිබූ මතවාදයි. නෝර්වේජියානු තෙල් අරමුදලේ වටිනාකම ඩොලර් බිලියන 750 කි.
![]() |
ජයලැබූ ප්‍රධාන විපක්ෂයේ නායිකා එර්නා සෝල්බර්ග් |
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නෝර්වේ මහ මැතිවරණයෙන් විපක්ෂ සන්ධානයට විශිෂ්ට ජයක්
වරුණ Wednesday, 11 September 2013 10:15 AM
කෝ අර සෝල්හයිම කොහෙද දැන් හැංගිලා ඉන්නේ අපේ කට්ටියගෙන් කොපි කරලා අනෙක් පැත්තට පනීද දන්නේ නැහැ?(නදී)
ද සිල්වා බෙර්ලින් Wednesday, 11 September 2013 01:11 PM
මොවුන් පැරදුන එක හොඳයි. නිතරම බැලුවේ කොටිත් එක්ක එකතුවෙලා අපිව අමාරුවේ දමන්න. අලුත් මිනිස්සුන්ගේ කෙරුවාව බලාගන්න පුළුවන් තව මාස තුන හතරකින් විතර, කොහොම නමුත් ආණ්ඩු මාරු වුනාට මේ රටවල විදේශ ප්‍රතිපති විශාල වශයෙන් වෙනස් වේවී කියලා හිතන්න බැහැ. (ස)
දම්මික පෙරේරා Wednesday, 11 September 2013 01:32 PM
කොටි හිතවාදී රජය ගියා . ඔබට මගේ සුබ පැතුම් එර්නා සෝල්බර්ග් මැතිනියනි . ඔබටවත් ත්රස්තවාදීන් හඳුනා ගන්න පුළුවන් වුනොත් ඇති. (ස)