වයඹ දිග පකිස්තානයේ චාර්සදා ප්‍රදේශයේ ‘බචා ඛාන්‘ විශ්ව විද්‍යාලයට තුවක්කුකරුවන් තිදෙනකු ඇතුළුවී වෙඩි තබා ඇතැයි එරට මාධ්‍ය වාර්තා පවසයි.
එහි දේශන ශාලාවල සිටි සිසුන්ට හා ගුරුවරුන්ට මෙන්ම නේවාසිකාගාරවල සිටි පිරිසටද වෙඩි තැබූ බව එරට රූපවාහිනී නාලිකා වාර්තා කරයි.
වෙඩි තැබීම්වලින් මහාචාර්යවරයකු මියගොස් ඇතැයි නවතම විදෙස් වාර්තා පෙන්වා දෙයි. සිසුන් කිහිප දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ ඇත.
මීට වසරකට පෙර තලේබාන් තුවක්කුකරුවකු පෙෂාවර්හි පාසලකට පැන වෙඩි තැබීමකින් පාසල් ළමුන් 134 දෙනකු ජීවිතක්ෂයට පත්විය.
බචා ඛාන් සරසවියේ සිසුන් 3000ක් පමණ ඉගෙනුම ලබන බව කියති. පකිස්තාන හමුදා වහා ප්‍රතිචාර දක්වමින් තුවක්කුකරුවන්ට ප්‍රතිප්‍රහාර එල්ලකිරීම ආරම්භ කර ඇතැයි පකිස්තානයේ නවතම වාර්තා කියයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පකිස්තාන සරසවියකට තුවක්කුකරුවෝ පනිති
සංජීව Wednesday, 20 January 2016 08:55 AM
මෙවැනිම අවදානම් තත්වයක අපිත් හිටිය මිට අවරුදු 6 කට කලින්, නමුත් රටේ අවාසනාවට දැන් මිනිස්සුන්ට එ්ක අමතක වෙලා, අපේ රට බේරාගත් ඉහළම නායකත්වයේ සිට පහළම සෙබලා දක්වා අප සැමදා සිහිපත් කළ යුතුයි. (බ)
පිටබැද්දර ජයා Wednesday, 20 January 2016 12:47 PM
උගතුන්ට පහරදෙන මෙහෙමත් මෝඩ මිනිස්සු! (නි)
රොකී Wednesday, 20 January 2016 02:29 PM
ඇත්ත සංජීව. එහෙත් අපේ ලොක්කන්ටත් එකපාරටම සරත් ෆොන්සේකා මහත්තයව අමතක වුනානේ. කොබ්බැකඩුව මහතය වගේ අයව කාටවත් මතක නැහැ. හැබැයි පහුකාලෙක හමුදාවේ කවුරු හරි අපරාධයක් කරලා අල්ල ගත්තාම මෙන්න රණවිරුවන්ට අරියාදු කරනවෝ කියල බෙරිහන් දෙන්න නම් දේශප්‍රේමියෝ ඕන තරම් ඉන්නවා! (බ)
මනෝජ් Wednesday, 20 January 2016 02:32 PM
සංජීව. එතකොට පොලිසිය මොකුත් කරලා නෑනේ. ඕක තමයි මහින්දත් වරද්ද ගත්තේ. (බ)
චන්න බුවනක Wednesday, 20 January 2016 02:46 PM
සංජීව ඔබ හරි. අපිට අමතක නැහැ. (බ)
චමල් Thursday, 21 January 2016 05:39 AM
නූතන භෞතික විද්‍යාව එක්ක ඔවුන් ගේ ආගම ගැලපෙන්නෙ නැහැ. ඒ නිසා විද්‍යාව ඉගැන්වීම නවත්තන්නයි ඔය කරන්නෙ. අරාබි රටවල වැඩිය ඉගෙන ගන්නෙ නැත්තෙ ඒකයි. (බ)