X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


පඩි වැඩියි

තම රැකියාවෙන් ලැඛෙන චේතනය පමණටත් වඩා වැඩි නිසා රැකියාවට ආයුබෝවන් කියා ඇති පුද්ගලයෙකි ඉන්දිය ජාතික සන්දීප් ජියා.

බොහෝ දෙනා තම තමන්ගේ රැකියාවන්ගෙන් ලැඛෙන චේතනය ගැන මැසිවිලි නගමින් සිටින යුගයක සන්දීප් ගේ මෙම ක්‍රියාව සැබැවින්ම මවිතය දනවන්නකි.

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවක නියැළී සිටි සන්දීපගේ මාසික වේතනය පවුම් 450 කි.එය බ්‍රිතාන්‍යයේ වියදම් හැටියට එතරම් ගණනක් නොවේ.

නමුත් සන්දීප් පවසන ආකාරයට මෙවන් මුදලක් මාස් පතා අතපත ගෑමට සිදුවීම ඔහුගේ මනසට මහත් වදයකි.

‘මම ඉන්දියාවේ බැංගලෝරයේ සිට පැමිණියෙක්.මම මෙහෙ සුවෙන් ඉන්නකොට මුදල් උපයනකොට එහෙ වේලක්වත් කන්න නැතිව දුක් විදින මිනිසුන් මට මැවිල පේනවා.මේක මගේ මනසට හරිම වදයක්.ඒකයි මම තීරණය කළේ රැකියාව අතහරින්න‘.ඔහු කියයි.

සන්දීප් තමන්ගේ වේතනය අඩු කරන්නයැයි සේවය කළ ආයතනයේ බළධාරීන්ගෙන්ද ඉල්ලා ඇති අතර ඔවුන් එය ප්‍රතික්ෂේප කර ඇති නිසා මෙසේ රැකියාවෙන් ඉවත්ව තිබේ.

මේ දිනවල තම මනසට ‘ගැලපෙන‘ රැකියාවක් සොයමින් සිටින බව සන්දීප් පවසයි.



අදහස් (0)

පඩි වැඩියි

රන්ජිත් Monday, 11 November 2013 08:44 AM

ඉන්දියන්කාරයෙක් නේද? ගණන් ගන්න එපා (නි)

:       0       0

රොෂාන් Sunday, 10 November 2013 05:55 AM

මෙය සතියක් ජීවත් වෙන්නත් අඩු මුදලක්. මාසයක ගෙවල් කුලියත් මෙයට වැඩිය වැඩියි. (නි)

:       0       0

පසන් Sunday, 10 November 2013 06:50 AM

මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

බෙනට් Sunday, 10 November 2013 08:59 AM

පවුම් 450 ක් වැඩියි කියන්නේ මේක මුඩුක්කුවක ඉඳගෙන නොමිලේ ද දන්නේ නෑ අයි.ටී ඉගෙන ගත්තේ .මෝඩයෙක් .. ඔච්චර දුප්පත් මිනිස්සු ගැන හිතන එකෙක් නම් කරන්නේ තිබුනේ වැඩි මුදල් ටික අසරණයන්ට බෙදන එකනේ .. මෙතන ඇත්තටම වෙලා තියෙන්නේ වැඩි පඩි ඉල්ලන්න ගිහින් පාලකයෝ ගහල එලවලා වගේ .(නදී)

:       0       0

මාටින් Sunday, 10 November 2013 09:04 AM

ඔය මිනිහ බොරු කියන්නේ .. මට නම් හිතෙන්නේ වැඩි පඩි ඉල්ලලා රස්සාවෙන් එලවලා වගේ (නදී)..

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Sunday, 10 November 2013 01:40 PM

එක්කෝ මානසික පිස්සෙක්.නැත්නම් ප්‍රසිද්දියක් ලබන බලාපොරොත්තුවෙන් කල අමන වැඩක්.කරන්න කොච්චර වැඩ තියෙනවද තමන්ට ලැබෙන මුදල් වැඩිනම්.? හරකෙක් කිව්වොත් හරක්ට තියෙන නම්බුවත් අහිමි වෙනවා. (නදී)

:       0       0

දිල්හාණි Sunday, 10 November 2013 03:43 PM

දැන් මේක ලංකාවේ මිනිස්සුත් පටන් ගනීද දන්නේ නෑ. ලංකාවෙත් රජ්යේ සේවකයිනේ පඩි අඩු කරන්ඩ ඔනෑ. මැති ඇමති වරුන්ගේ පඩි වැඩි කරන්ඩ ඕනේ.(නදී)

:       0       0

රෝහණ Sunday, 10 November 2013 04:05 PM

අනේ මේවා ප්‍රචාරය කරන්න එපා. අපේ මැති ඇමතිලා ටික මේක දැකල හිත වෙනස්කර ගත්තොත් අනේ අපේ රටට යන කල මොකක්ද. මොකද මේ මෝඩ අපි ගිහින් රට කරවන්නයි. අයියෝ මට බයයි (නදී)

:       0       0

හේමන්ත Sunday, 10 November 2013 08:48 PM

කොහෙවත් යන මිනිහෙක්ගේ සිතිවිල්ලක් වෙනුවෙන් ඔහෙලා කේන්ති අරගෙන නිකම් ලේ නරක කරගන්න එපා ළමයිනේ. (අ)

:       0       0

දුම්මලසූරිය Monday, 11 November 2013 12:09 AM

මෝඩ ඉන්දියානුවා.....තමන්ගේ රටේ දුක් විදින අයව මතක් වෙනවනම් කරන්න ඕන රැකියාවෙන් අස්වෙන එක නෙමෙයි.....තව තවත් මුදල් හොයල ඒ වගේ දුප්පත් මිනිස්සුන්ට උදවු කරන්න යම්කිසි මාර්ගයක් හදන එකනේ.....මේ මානව හිතවාදියෙක් නෙමෙයි.....මොලේ අමරුකාරයෙක් (අ)

:       0       0

ශ්‍රීලාල් Sunday, 10 November 2013 01:40 AM

විශ්වාස කරන්නත් අමාරුයි. පවුම් 450 කින් ගෙවල් කුලී ගෙවුවාම ඉතුරු වෙන්නේ නැහැනේ. පාරේ නිදියන කෙනෙක් වෙන්න ඇති. කොහොම වුණත් මේ වගේ අය සයිබීරියාවට වගේ රටකට යවන්න ඕනෑ. (නි)

:       0       0

මධු Monday, 11 November 2013 04:00 PM

අපේ කට්ටිය කියල තියෙනවා වගේ පඩි වැඩි නම් කියක් දේවල් කරන්ඩ තිබ්බද ....අනේ මන්ද මාර ඒවා තම දැන් වෙන්නේ... (ස)

:       0       0

නිළමේ Monday, 11 November 2013 07:15 PM

අයියෝ! ඕක මොකක්ද ඔයිට වැඩිය කට්ටිය අපේ රටේ බඩු මිල වැඩි කරන්න විදුලි බිල වැඩි කරන්න අපේ සල්ලි වලින් සැණකෙළි පවත්වන්න කියලා ආණ්ඩු පත් කරන්නේ. (නි)

:       0       0

අකිල Monday, 11 November 2013 08:47 PM

ලංකාවටම ගැලපෙනවා.ලංකාවේ රාජ්‍ය සේවයට වහාම බදවා ගන්න(දිල්)

:       0       0

සාමා Monday, 11 November 2013 10:24 PM

අනේ අපොයි මට නම් කියන්න ශතියක් නෑ ඩිපුර සල්ලි ලැබුනම වැඩියෙන් වියදම් කරාම හරිනේ සිම්පල් වැඩ(දිල්)

:       0       0

ප්‍රමුඛ. Tuesday, 12 November 2013 01:00 AM

මේකත් හරියට අපේ රටේ විදුලි බිල වැඩිකරන්න කියලා දේශප්‍රේමී පාරිභෝගිකයෝ කොටසක් පිටකොටුවේ දුම්රිය පොළ ඉදිරිපිට උද්ඝෝෂණය කරනවා වගේ වැඩක්... (නි)

:       0       0

දොන් සරත් Tuesday, 12 November 2013 04:30 AM

වැඩිපුර ලැබුණු සල්ලි ඉන්දියාවේ දුප්පත් නෑදෑයින්ට අරින්නේ නැතුව රස්සාවෙන් අයින් වෙන මේ වගේ අය තව තවත් මෙලොව ඉපෙදේවා කියා ආයතන හිමියෝ ප්‍රාර්ථනා කරාවි. (නි)

:       0       0

අස්මිත් Tuesday, 12 November 2013 08:04 AM

ඕක සැලරිමේනියා කියන රෝගය. මේකට බෙහෙත් නැහැ.මේක ලංකාවේ දේශපාලකයන්ට එන්න පෙර වහාම මැඩපැවැත්වීමට රජය ක්‍රියා කළයුතුයි.නැත්නම් ඔය භයානක රෝගය පැතිරුනොත්,දේශපාලකයෝ තමන් ගහපු යටිමඩි පාරට දාලා තනතුරු වලින් ඉවත්වෙයි.එතකොට දෑත් ශක්තිමත් කරගන්න නොහැකිව රජය අස්ථාවර වෙන්න පුළුවන්.අනික මට කොහොමත් එහෙම කරන්න බැහැ.මොකද ඉන්දියාව වගේ දුප්පත් රටකට ඔය පඩිය කොහොමත් වැඩියි.ලංකාවේ අපට තිබෙන ආර්ථිකය කබ්රාල් මහතා ළගදී තේරුම් කරලා දුන්නා.එනිසා ලංකාවේ දුප්පත් පවුල් නැතිනිසා මම නම් අස්වෙන්නෙම නැහැ. (නි)

:       0       0

දෙවිනුවර ජයසිරි ලියනගේ Tuesday, 12 November 2013 09:57 AM

පඩි මදිවෙලා ජීවත්වෙන්න බැරුව පාන් කියාගන්නත් බැරුව ඉන්න අපට නිකන් පිස්සුවගේ අනේ (නදී)

:       0       0

චමින්ද Saturday, 09 November 2013 09:07 AM

මේ නම් නොම්බර එකේ මෝඩයෙක්, එහෙම නැත්නම් ඉතියෝපියාවේ ඉදල කන්න නැතුව ආපු කෙනෙක්. ඉන්දියන් රුපියල් 45000ක් අරන් එංගලන්තේ මොනවා කරන්නද? (නදී)

:       0       0

චමත් [ලංකාව] Friday, 08 November 2013 06:14 PM

සමහර රටවල් වල සේවකයන් තම හාම්පුතුන්ගෙන් යම්කිසි හේතුවක් නිසා ඉල්ලා සිටිනවා තමන්ගේ වේතනය අඩුකරන්න කියා. නමුත් හාම්පුතුන් කිසි විටක වේතනය තිබු මට්ටමට වඩා පහලට දමන්නේ නැහැ.එයට හේතුව සමහරවිට නීති ප්‍රස්න වලට මුහණ දීමට ඔවුන්ට අනාගතයේදී සිදු විය හැකි නිසා. (අ)

:       0       0

හෆ්සාල් Friday, 08 November 2013 07:22 PM

ලැබෙන පඩිය වැඩි නම් තමන්ට අවශ්‍ය ප්‍රමාණය ළග තබාගෙන ඉතුරු මුදල අාබාධිත සහෝදරන්ට බෙදා දෙන්න. (නි)

:       0       0

උදය Friday, 08 November 2013 11:07 PM

මෙහෙම පිස්සෝ ඉන්නේ ඉන්දියාවේම තමා (නි)

:       0       0

සනත් ඉන්දික Saturday, 09 November 2013 01:39 AM

මෙයා ඉන්නෙත් එන්ගලන්තයේ නම් ඔතන බින්දු අඩුවෙලා ඇති. කොහොම වුණත් මෝඩයි. මොකද දුක විදින මිනිසුන් ගැන හිතලා වැටුප අඩු කරන්න කිව්වා නම් ඒක මෝඩ වැඩක්.කරන්න තිබුනේ තමන්ට වැඩි මුදලින් එයා කියන විදියටම බඩගින්නේ ඉන්න සහෝදර ජනතාවට එක වේලක් හරි කන්න සළස්වන එක. මොකද එයාට වැඩිපුර දුක් විදින අයට පිහිට වෙන්න තිබුන අවස්ථාවක් නැතිකරගෙන තියෙන්නේ (නි)

:       0       0

සුසන්ත - ඉතාලිය Saturday, 09 November 2013 02:16 AM

මෝඩ කොල්ලෙක්. සල්ලි වැඩියෙන් ලැබෙනවා නම්, සමාජ සේවා ජාලයක් පටන් අරගෙන වැඩක් කරන්න පටන් ගන්න තිබුණා. එහෙම වුණා නම් පින තවත් වැඩියි. මනසටත් සැහැල්ලුයි. හිතට සතුටකුත් දැනෙනවා. (නි)

:       0       0

හේවාවිතාරණ Saturday, 09 November 2013 02:22 AM

පිස්සුද කොහෙද? (නි)

:       0       0

ශාන්ත Saturday, 09 November 2013 07:20 AM

සුසන්තගේ අදහසට මමත් එකගයි. ඉන්දියාව කියන්නේ මහා සල්ලිකාර රටක් නෙමෙයිනේ. පාලම් කඩාගෙන වැටිලා මිනිස්සු මැරෙනවා. පාලමක් හදලා දෙන්නකෝ සල්ලි වැඩි නම්. (නි)

:       0       0

බමුණු Saturday, 09 November 2013 07:40 AM

මමත් එහෙම රැකියාවෙන් අයින් උනා ලැබෙන පඩිය බිරිඳට උජාරුවෙන් කීවම ඊටත් වැඩිය ලැබෙනවා ඇති කියල රන්ඩු වෙනවා එනිසා රස්සාව අත් හැරලා ගෙදර ඉන්නවා. (නදී)

:       0       0

ග්‍රෑන්ඩ්ෆා Friday, 08 November 2013 05:38 PM

පිස්සුද මන්දා? (නි)

:       0       0

චන්දි Saturday, 09 November 2013 10:48 AM

ඇත්තටම ,මොන මෝඩ වැඩක්ද...?පඩිය අරගෙන වැඩි ඒවායින් පිනට දෙන්න තිබුනනේ, අපිට ලැබෙන දෙයිනුත් හැකි විදියට අපි පින් කරගන්නේ ...!!!(නදී)

:       0       0

සම්පත් Saturday, 09 November 2013 11:00 AM

කුඩැල්ල මෙට්ටේ තියන්න බැහැ වගේ වැඩක් මෙයට තිබුනේ තව පඩි අරගෙන ඉතුරු ටික එහෙ ජනතාවට බෙදල දෙන්නේ නෑ. (අ)

:       0       0

ලාල් Saturday, 09 November 2013 12:34 PM

පිස්සු හොද එක .(අ)

:       0       0

ලමදරා Saturday, 09 November 2013 04:55 PM

පවුම් 450 ගානක් ද?පව් අසරණයා (අ)

:       0       0

zeylanicus Saturday, 09 November 2013 04:57 PM

පිස්සෙක් නේ. තමන්ට අවශ්‍ය ප්‍රමාණය තමන් තියාගෙන, ඉතුරි ටික බැංගලෝරයේ කන්න නැතිව දුක් විදින මිනිසුන් දුන්න නම් ඉවර නේ. (අ)

:       0       0

අශාන් Saturday, 09 November 2013 05:16 PM

මේ වගේ මෝඩ පුද්ගලයෙක්ට ඒ වගේ රැකියාවක් කොහොම ලැබුනද මන්දා... තමන්ට ඕන කරන ප්‍රමාණයට මුදල් තියාගන ඉතිරිය තමන්ගේ රටේ දුප්පත් මිනිස්සුන්ට දෙන්න තරම් මොලයක් නැද්ද... එක්කෝ මොලයක් නැතුව ඇති... ඉන්දියාවෙනේ.. (නදී)

:       0       0

රයන් Saturday, 09 November 2013 07:04 PM

මේ නම් හරකෙක්ද කොහෙද ? තන කොලත් හොද වැඩියි මැටි මෝලට.(නදී)

:       0       0

අජන්ත Saturday, 09 November 2013 09:04 PM

මමත් "සන්දීප්" වගේ කෙනෙක් හම්බ කරපුව දීල ඔලුව නිදහස් කරගෙන සමාන්නිය විදියට ජීවත් වෙනවා.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site