X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 13 වන ඉරිදා


පමාවූ දෙන්නාට පියාඹන්න ඉඩ නොදේ

දෙපැයක් පමාවී ගුවන්යානයකට ගොඩවීමට පැමිණි පකිස්තාන දේශපාලඥයින් දෙදෙනෙකුට ගුවන්යානයේ සිටි මගීන් 250 දෙනාගේ විරෝධය හමුවේ නැවත හැරී යෑමට සිදුවිය.

පකිස්තාන ගුවන්සේවයට අයත් මෙම ගුවන්යානය කරච්චි ගුවන්තොටුපළෙන් ගුවන්ගතවීමට නියමිතව තිබියදී අති විශේෂ හෙවත් වී.අයි.පී පුද්ගලයින් දෙදෙනෙකු පැමිණෙමින් සිටිතියි යැයි ලැබුණු පණිවුඩයක් නිසා ඔවුන් එනතෙක් ගුවන්ගතවීම අත්හිටුවිනි.

මගීන් මේ බැව් නොදැන ගමනට ප්‍රමාදය මන්දැයි විමසන්නට වීම නිසා අවසානයේ ගුවන්යානා කාර්යමණ්ඩලය යානය නවතා ගෙන සිටීමේ සැබෑ හේතුව ඔවුන්ට කීහ.

ඒ අසා කුපිත වූ මගීන් පාලනය කිරීමට කාර්ය මණ්ඩලයට දැඩි වෙහෙසක් දැරීමට සිදුවූ අතර මේ වන විට යානය නවතාගෙන තබා පැය 2 කට ආසන්න කාලයක්ද ගතව තිබිණ.

අවසානයේ අති විශේෂ යැයි කියූ පුද්ගලයෝ දෙදෙනා පැමිණියහ.ඔවුන්ගෙන් එක් අයෙක් සෙනෙට් සභිකයෙකු වන රෙහ්මාන් මලික් විය.අනෙකා පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයෙක් වන ආචාර්ය රමේෂ් කුමාර් වක්වානි විය.

දෙදෙන යානය වෙත ළං වෙද්දී මගීහු උපහාසාත්මක වදන් වලින් ඔවුනට සංග්‍රහ කළහ.ආචාර්ය රමේෂ් කුමාර් හට යානයේ අසුන් ගැනීමට හැකිවූවත් සෙනෙට් සභික රෙහ්මාන් මලික්ට මගීන්ගේ විරෝධය හමුවේ යානයට ඇතුල්වීමටවත් නොහැකි විය.

මගීන්ගේ විරෝධය පරදනු නොහැකිව ඔහු නැවත හැරී ගියේය.

‘‘සමාවෙන්න ඕනෙ මලික් මහත්තයා.එත් ඔයා යන්න ඕනේ.මේ මගීන්ගෙන් ඔයා සමාව ඉල්ලා සිටින්න ඕනේ.ඔයා ලැජ්ජා වෙන්න ඕනේ ඔයා ගැන.අපි 250 දෙනෙක් කාලය නාස්ති කළා ඔයා වෙනුවෙන්.‘‘ යැයි මගීහු හඩනැගූහ.

ආචාර්ය රමේෂ් කුමාර්ටද තම අසුනින් නැගිට ගුවන් යානයෙන් පිටව යෑමට සිදුවිය.ඔහු පසුපසින් මගීන් ‘‘ලැජ්ජයි,ලැජ්ජයි,ලැජ්ජයි‘‘ කියමින් ඝෝෂා කළහ.

මේ සම්බන්ධයෙන් පසුව ප්‍රකාශයක් නිකුත් කර තිබූ පකිස්තාන ගුවන්සේවය පවසා තිබුණේ කාර්මික දෝශයක් නිසා මෙසේ යානය ගුවන්ගත කිරීම ප්‍රමාද කළ බවයි.යානයේ දෝශයක් නිසා ගුවන්ගතවීම ප්‍රමාද කරන බව සදහන් කරමින් කෙටි පණිවුඩද මගීන්ගේ දුරකථන වෙත කල්වේලා ඇතිවම යැවූ බවද එම ප්‍රකාශයේ වැඩිදුරටත් සදහන්ය.

රෙෂ්මාන් මලික්ද මුහුණදෙන්නට වූ සිදුවීම පිළිබදව තම ට්විටර් ගිණුම යාවත්කාල කර තිබුණේ ‘‘කාර්මික දෝශයක් නිසා ගුවන්යානය පමා වුනා.නැතුව මගේ වැරැද්දක් නිසා නොවේ‘‘යැයි සදහන් කරමිනි‍.

පකිස්තාන මාධ්‍ය වලට මෙම සිදුවීම උණු කැවුම් වැනිව තිබෙන අතර දේශපාලඥයින්ට සාමාන්‍ය ජනතාවට හිමි බලය ගැන හරි අවබෝධයක් ගත හැකි හොඳම උදාහරණයක් ලෙස ඔවුන් එය හදුන්වාදී තිබුණි.



අදහස් (0)

පමාවූ දෙන්නාට පියාඹන්න ඉඩ නොදේ

ඇන්ඩෘ Wednesday, 17 September 2014 11:59 AM

අන්න ඒකට ලංකාව. මෙහෙ ඔහොම වුනානම් ඇමතිලා දෙන්න යයි. අර මගීන් 250 හම අත්‍ අඩංගුවට අරගන රිමාන්ඩ් කරලා තියන දඩුවම් ඔක්කොම දෙයි. (ස)

:       0       0

කින් බෙනට් Wednesday, 17 September 2014 04:28 PM

නියම වැඩේ ...! (නි)

:       0       0

ලකී දොඩන්ගොඩ Wednesday, 17 September 2014 05:32 PM

මෙවැනි රස්තියාදුවීම් මට කොපමණ වී තිබේද? එනිසා මම ගුවන් ගමන් යෑමට ශ්‍රී ලන්කන් සේවය අතහැර දැම්මා (නි)

:       0       0

චමින්ද Wednesday, 17 September 2014 09:01 PM

ලංකාවෙත් මීට කලින් ඔවැනි කෙනෙක් හිටියා. (නි)

:       0       0

නිමල් ලලිත Thursday, 18 September 2014 03:21 AM

හරි පිට කොන්දක් ඇති නියම ගුවන් මඟීන් (නි)

:       0       0

දිනේෂ් Thursday, 18 September 2014 03:49 AM

එ්කනේ අපේ ගමන් වලට අපි වෙනම ගුවන් යානයක් ගෙනියන්නේ (නදී)

:       0       0

රංජිත් සිල්වා Thursday, 18 September 2014 04:15 AM

ගමන් කිරීම ඇත හැර තමන්ගේ දුබල කම වහ ගන්නේ නැතුව විරෝධය දක්වා ජය ගැනීම ගැන මේ මිනිස්සු ඉතා වටිනවා . පරාජය යනු දුබලයාගේ වත් කම වේ. (ස)

:       0       0

රජින්ද Thursday, 18 September 2014 11:50 AM

"ලකී දොඩන්ගොඩ" මහත්තය සමග මමත් එකඟයි. මමත් තව බොහෝ පිරිසකුත් ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතික්ෂේප කරලා හුගක් කල් වෙනවා. ඔවුන් ලාංකිකයෝ වෙච්ච අපට සලකන්නේ අර අප්‍රිකානුවන්ට සුද්දෝ සලකන විදිහට.(අ)

:       0       0

බන්ටි Thursday, 18 September 2014 01:07 PM

මමත් මලාට ශ්‍රී ලන්කන් නම් යන්නේ නැ... හපොයි කියල හිතෙනවා.... එක පාරයි ගියේ ආසාවට. එච්චරම තමයි ඉතින්. සර්විස් එක පිරිසිදු කම , බින්දුවටම බැහැල අනිත් එයාර් ලයින්ස් එක්ක බලද්දී (අ)

:       0       0

තුසිත Thursday, 18 September 2014 04:27 PM

පාකිස්තානේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නැහැ (නි)

:       0       0

විජේදාස Thursday, 18 September 2014 07:20 PM

මේවායින් පාඩම් ඉගෙනගන්න ඕනෑ ලංකාවේ අය. තවමත් ලංකාවේ ඉන්නේ දේශපාලුවෝ එනකොට ලේන්සුව කරෙන් අතට අරගෙන කාණුවට බහින අයයි, ඔවුන්ට පන්දම් අල්ලන අයයි විතරයි. මේවා බලලාවත් ජනතාවට තිබෙන හයිය ජනතාව තේරුම්ගන්න ඕනෑ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site