X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 07 වන සඳුදා


පවුලක් වසරක්ම කාරයේ

නිවසක් නැතිව වසරක කාලයක් කාරයේ නිදා ගත් එංගලන්තයේ පවුලක් බලධාරීන්ට චෝදනා කරයි. ඔවුන්ට නිවසක් කුලියට ගැනීමට තරම් වත්කමක් නොමැති බව කියති.

නමුත් වසර දෙකක කාලයක සිට ඔවුන්ට ස්ථීර ලිපිනයක් නැති හේතුවෙන් රජය එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කර ඇත.

නෝමන් කැරවයිස් (61) සහ සිය බිරිඳ කැරොල් (56), දියණිය ලමාස් (20) සහ පුත් ලෙවිස් (21) සමග කාරයේ දිවි ගෙවති. නෝමන් සඳහන් කරන පරිදි මීට වසර 10 කට පෙර ඔවුන්ට නිවසක් තිබී පසුව එය විකුණා ඇත. ඔහු රියදුරෙකු ලෙස කුලී රථ ආයතනයක සේවය කරයි.

රාති‍්‍ර කාලයේදී බිරිඳත්, දියණියත් පසුපස අසුනේ සහ ඔහුත්, පුතත් ඉදිරිපස අසුනේ නිදා ගන්නා බව ඔහු සඳහන් කර තිබේ. මතක ඇති කාලයක ඔවුන් සැප නින්දක් ලබා නොමැත. තරුණ දරුවන් දෙදෙනෙකු සමග මෙසේ පාරේ නිදාගත නොහැකි බැවින් තමන්ට නිවසක් දෙන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.

 

 



අදහස් (0)

පවුලක් වසරක්ම කාරයේ

න්‍රවන් Thursday, 15 August 2013 07:21 PM

ලගදීම මන් මගේ එංගලන්තේ ගේ විකුණලා ලංකාවෙන් පොඩි කාර් පොඩ්ඩක් ගන්නවා.(නදී)

:       0       0

මිලා Friday, 16 August 2013 02:44 PM

මම හිතන්නේ මෙයාගේ නෙමෙයි මේ කාර් එක. එයා වැඩකරන සමාගමේ.... (ස)

:       0       0

උපුල් Friday, 16 August 2013 09:43 AM

බුදු දහමේ කියන්නේ ඕක තමා, එංගලන්තේ හිටියත් ඇමෙරිකාවේ හිටියත් පව් කලොත් දුක් විඳින්න වෙනවා කාටත් පොදු දෙයක්. (ස)

:       0       0

හිෂාන් Friday, 16 August 2013 09:08 AM

එංගලන්තේ කාර් වල හරි ඉන්න පුළුවන්, ගෙයක් නැත්තම් ලංකාවේ මහපාරේ තම ඉන්න වෙන්නේ. එකත් බෑ අල්ලන් යනවා. ලංකවේ ඔයිට වඩා දුක් විදින කීදෙනෙක් ඉන්නවද? අපේ මිනිස්සුන්ට එංගලන්තේ කවුරු හරි එහෙම හිටියම ලංකවේ මිනිස්සු විඳින දුක අමතක වෙනවා. (ස)

:       0       0

වජිර Friday, 16 August 2013 08:57 AM

නියමයි. (නි)

:       0       0

සමන් කුමාර Friday, 16 August 2013 08:55 AM

දුකම මොනතරම් සතුටක්දෝ? (නි)

:       0       0

දම් Friday, 16 August 2013 03:23 AM

ඉන්දික , පේනවනේද ලංකාවේ සමහරුන්ගේ ටිකිරි මොළ වල තරම.අන්තර්ජාලය පාවිච්චි කරන්නේ විගඩන් වලට,දෙයක් ඉගෙන ගන්න නෙවෙයි.(නදී)

:       0       0

දුම්මලසූරිය Friday, 16 August 2013 03:02 AM

එංගලන්තේ නායකයෝ අපේ රටේ අයගේ මානව හිමිකම් උල්ලංගනය වීම ගැන බලනවා. තමන්න්ගේ රටේ ඉන්න ගෙයක් දොරක් නැති මිනිස්සු පාරේ නිදියනවා. .අනේ එංගලන්ත කාරයන්ගේ සත්ව කරුණාව. ලෝකේ ඉන්න හැමෝටම පේන්නේ අපේ රටේ ප්‍රශ්ණ විතරමනේ හැබෑට.(නදී)

:       0       0

රනිල් Friday, 16 August 2013 01:14 AM

රු , ලක්ෂ 2, එංගලන්තේ ගන්න පුළුවන් කාර් එකකට, ලංකාවේ ගන්න නම් වටිනාකම රු ලක්ෂ 40 වත්, යනවා, ලංකාවේ බදු තමයි බදු,... මම ඉන්නෙත් එංගලන්තේ තමා.(නදී)

:       0       0

ජොහන් එර්නංදෙළ් Thursday, 15 August 2013 10:22 PM

මුළු ජීවිත කාලයම කාර් එකේ ජීවත් වෙන අය ඇමරිකාවෙත් ඉන්නවා. (නි)

:       0       0

දුමින්ද Thursday, 15 August 2013 09:01 PM

ලංකාව රත්තරන් රටකි (නි)

:       0       0

සේනාරත්න Thursday, 15 August 2013 08:36 PM

එක්කෙනෙක් ඇවිල්ල ලංකාව සිංගප්පුරුවක් කරන්න හැදුවා. තව කවුරු හරි ඇවිල්ල ලංකාව එංගලන්තයක් එහෙම කරන්න හදයි වත්ද? (නදී)

:       0       0

අපි Thursday, 15 August 2013 08:18 PM

ලංකාවේ ඉන්න දේශපාලනය කරන අය ලංකාවේ නොහිටියානම්. හිතන්න එහෙම අය ලංකාවේ නෑ කියලා. ලංකාවට ගහන්න තව රටක් නෑ.(නදී)

:       0       0

අනුර Thursday, 15 August 2013 08:04 PM

ඇවිත් බලන්න මේ රටවල හැටි. ලංකාව කියන්නේ රත්තරන් රටක්.(නදී)

:       0       0

සචී Thursday, 15 August 2013 02:43 PM

අම්මෝ පව්...... (ස)

:       0       0

දසුන් Thursday, 15 August 2013 06:37 PM

ලංකාවෙන් ගිය මල්ලිලා, අයියලා ,අක්කලා ඉන්නේ හරියට දිවිය ලෝකේ ගියා වගේ. එංගලන්තේ ඇත්තටම පුදුම කටු තමා කන්නේ අපේ අයත් මේ වෙලාවට මතක් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ ගිය සිංහල කොල්ලන්ගේ ගීතය.(නදී)

:       0       0

චන්දි Thursday, 15 August 2013 05:14 PM

මෝරලා, ප්‍රශ්නයක් කර ගන්න එපා. විකුණන්න ගේ ..,ගන්න කාර් එකක් [නියමයිනේ] (නි)

:       0       0

බුද්දික Thursday, 15 August 2013 04:38 PM

ලංකාවේ නම් ගෙයක් හදන්නත් බැහැ කාර් එකක් ගන්නත් බැහැ (දී)

:       0       0

මෝරලා Thursday, 15 August 2013 04:26 PM

එහෙ කාර්යක මිල ලන්කාවමෙන් තුනෙන් එකක් නිසා ඕන මිනිහෙක්ට කාර් එකක් ගන්නද පුළුවනි කවද්ද අපිට ඒවිදියට කාර් එකක් ගන්ඩ ලැබෙන්නේ ? (දී)

:       0       0

ජනක Thursday, 15 August 2013 04:16 PM

එංගලන්තෙ කාර් ලාභයි, ගෙවල් ගණන්.ලංකාවෙ ගෙවල් ලාභයි, කාර් ගණන්.(ස)

:       0       0

සෑම් Thursday, 15 August 2013 04:04 PM

රුක්මල්, එන්ගලන්තෙ ඔය කාර් එක පවුම් 500කට විකුනන්න පුලුවන්.... කාමර දෙකක් එක්ක තනි තට්ටුවෙ පර්චස් 5ක ප්‍රමානයේ නිවසක් පවුම් 100,000කට වඩා මිලයි... එහේ කාර් මිල අඩුයි.... ඒත් ගෙවල්වල මිල ඉතාම ඉහලයි... (දී)

:       0       0

ඉන්දික Thursday, 15 August 2013 03:47 PM

එංගලන්තෙ කාර් එකක් සතියක පඩියෙන් ගන්න පුළුවන්. නමුත් ගෙයක් ගන්න වසර ගණනක් වැඩ කරලා ඉතුරු කලත් ගන්න බැහැ.ලංකාවට වඩා මෙහේ ක්‍රමේ සම්පුර්ණයෙන්ම වෙනස්. (ස)

:       0       0

කීම Thursday, 15 August 2013 03:33 PM

වහලවල් නැද්ද එහේ නගින්න (දී)

:       0       0

ආනන්ද Thursday, 15 August 2013 03:21 PM

සාමාන්‍යය නිවසක් විකුනලා කාර් 50 විතර ගන්න පුලුවන්. (ස)

:       0       0

ඉසුරු Thursday, 15 August 2013 03:18 PM

අනේ ඇත්තට ඒ රටවල මිනිස්සුන්ට කාර් ගන්න සල්ලි තියෙනවා. ගෙයක් ගන්න සල්ලි නෑ.අපේ රටේ මිනිස්සුන්ට කාර් ගන්න සල්ලි නැතිව අඞනවා .මාර ලෝකයක් නේ මේක... (ස)

:       0       0

ධම්ම Thursday, 15 August 2013 02:57 PM

මෙහෙව් රටකටද අපේ මිනිස්සුත් මේ පැනගෙන යන්න හදන්නේ? (ස)

:       0       0

අරා Thursday, 15 August 2013 02:55 PM

එංගලන්තයේ සහ ශ්‍රී ලංකාවේ හිඟන්නන් ගේ වෙනස දැන් හොඳින් වටහා ගන්න ... (ස)

:       0       0

රුක්මාල් Thursday, 15 August 2013 02:50 PM

විකුනන්න කාර් එක , ගන්න ගෙයක් පොඩියට හරි, සිම්පල් ප්ලෑන් එකක්නේ.... (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site