X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 27 වන ඉරිදා


ප්‍රංශයේ ශ්‍රී ලංකා දිනය ඉහළින් සැමරෙයි

ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධිත ශ්‍රී ලංකා අධ්‍යාපනික සංස්කෘතික සහ සුබ සාධක පදනම මඟින් පරවාහැර චන්දරතන හිමියන්ගේ අනුශාසනා පරිදි පැරිස් නුවර වාර්ෂිකව පැවැත්වෙන ප්‍රංශයේ ශ්‍රී ලංකා දිනය මෙවරද බුවා ද වැන්සන්හි පිහිටි විහාරස්ථාන භූමියේදී ඉතා අලංකාරවත් අන්දමින් සිදු කෙරුණි.

ප්‍රංශ ජාතිකයින්ට හා එහි වෙසෙනන අනෙකුත් ජාතින්ට ශ්‍රී ලංකාව පිළිබඳ අවබෝධයක් ලබාදීම මෙන්ම ශ්‍රී ලංකාවේ අත්කම්, ආහාර පාන වැනි බොහෝ දේ පිළිබඳවත් ශ්‍රී ලංකාවේ ශ්‍රී විභූතිය සහ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති තැන් පිළිබඳවත් පැමිණ සිටි පිරිස් දැනුම්වත් කිරීමත් උත්සවය පැවති දින දෙක ඇතුළත කටයුතු කරනු ලැබිය. මෙහිදී ශ්‍රී ලංකාවේ විවිධ අංශ විදහා දැක්වුණු වාර්තා චිත්‍රපටද ප්‍රදර්ශනය කෙරුණි.

ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති තිලක් රණවිරාජා ඇතුළු ශ්‍රී ලාංකිකයින්ද විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.

පැරිස් නුවර තිසරාවි කලායතනය සහ සරසවි රංග නිකේතනය මඟින් අපගේ ජාතික නැටුම් අංග ඉදිරිපත් කරනු ලැබිය. කපිල මහමුහන්දිරම් සහ සුජිත් කරුණානායක ඉදිරිපත් කළ දේශීය සංගීත අංග කාගේත් සිත් ගත්තේය. ප්‍රංශයේ ජිවත්වන පැරිස් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දායක දායිකාවන් ශ්‍රී ලාංකික ආහාර පාන ඇතුළත් ආපනශාලා කිහිපයක්ම පවත්වාගෙන යමින් මෙම අවස්තාව සාර්ථක කරගැනීමට උපරිම සහයෝගත්වයක් ලබාදුනි. ප්‍රංශ ජාතික ක්‍රිස්ටීන් සහ හිතවතුන් පිරිසක් ශ්‍රී ලංකාවේ අත්කම් ප්‍රදර්ශනයක් සහ වෙළඳ සැලක් ද සංවිධානය කර තිබිණි.

france_726 france_7262 france_7263 france_7264 france_7265 france_7266 france_7267 france_7268



අදහස් (0)

ප්‍රංශයේ ශ්‍රී ලංකා දිනය ඉහළින් සැමරෙයි

ලක්ෂ්මන් Thursday, 28 July 2016 05:49 AM

හරි අපූරුයි. මාගේ සුබ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site