X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 27 වන ඉරිදා


ප්‍රංශයේ හදිසි නීතිය දීර්ඝ කෙරේ

ප්‍රංශයට පනවා තිබූ හදිසි තත්ත්වය තවත් මාස තුනක් දක්වා දීර්ඝ කරන බවත් ත්‍රස්තවාදයට එරෙහිව සටන ශක්තිමත් කරන බවත් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ප්‍රංශ ජනපති ෆ්‍රාන්සුවා ඕලන්ද් පැවසුවේය.

ප්‍රංශයේ ජාතික (බැස්ටීල් දිනය) දිනයේ නීස් නුවර පැවැති උත්සවයකට කඩා වැදුණු ට්‍රක් රථයක් පුද්ගලයින් 80 කට ආසන්න සංඛ්‍යාවක් මරා දැමීමේ සිදුවීමෙන් පසු ප්‍රංශ ජනපතිවරයා මෙම පියවර ගත්තේය.ප්‍රංශයට පනවා තිබූ හදිසි නීතිය ලබන 26 වැනිදා අවසන් වීමට නියමිතව තිබුණි.

ට්‍රක් රථය පදවා ඇති පුද්ගලයා ටියුනීසියා සම්භවයක් ඇති ප්‍රංශ ජාතිකයකු බවත්, ඔහු ත්‍රස්තවාදී ස්වරූපයකින් කටයුතු කර ඇති බවත් ඕලන්ද් වැඩිදුරටත් කියා සිටියේය.

ට්‍රක් රථයට හැපී පුද්ගයින් 50 කට ආසන්න සංඛ්‍යාවක් තුවාළ ලබා ඇතැයිද ඔවුන්ගෙන් 18 දෙනකුගේ පමණ තත්ත්වය බරපතල යැයිද වාර්තාවේ.

ප්‍රහාරය පසුපස ඇත්තේ අයි.එස් අන්තවාදීන් යැයි සැකයක් ඇතත් මේ දක්වාම ප්‍රහාරයේ වගකීම කිසිවකුත් භාරගෙන නොමැත.

පසුගිය වසරේ ප්‍රංශයේ පැරිස් නුවරට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයින් 130 දෙනකු මියගොස් 400 කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.



අදහස් (0)

ප්‍රංශයේ හදිසි නීතිය දීර්ඝ කෙරේ

සුසන්ත Saturday, 16 July 2016 06:10 PM

ඇයි මේ අය හදිසි නීතිය දීර්ඝ කළේ?අපිට කිව්වේ එ්ක අයින් කරන්න කියලනේ. දැන් තේරෙනවා ඇති රඟේ ත්‍රස්තවාදයේ. මිනිස්සු ගැන දුකයි. එ්ත් මේ රටවල් ත්‍රස්තවාදයේ රස බලන්න ඕනෑ. එතකොට තේරෙයි අපි අවුරුදු 30ක් වින්ද දුක. (නි)

:       0       0

නාමල් Sunday, 17 July 2016 08:08 AM

මාස 8 කට ප්‍රධාන ප්‍රහාර තුනක්. පහුවුණු කාලයම ආරක්ෂක අංශ අනතුරක් වුණවිට, දැඩිව කටයුතු කරයි. ටික කාලයකින් සියල්ල අවසාන යයි සිතයි. ත්‍රස්තවාදය ගැන ඔවුන්ට තවම හරි අවබෝධයක් නැත. (නි)

:       0       0

ලන්කානි Sunday, 17 July 2016 08:48 AM

ඉක්මන් වී, අප රටේ දැන් ත්‍රස්තවාදයක් නැතැයි කියන අයට මේවා හොඳ පාඩම්. අවුරුදු 30 කට පසු උතුරට යාමට ලැබුණු අවස්ථාව මඟහැර නොගෙන, ආරක්ෂාව ගැන ඉතා විමසිල්ලෙන් කටයුතු කළොත් උතුරේ සිට දකුණටත් එක හා සමානව, පාලකයන් වැඩ කළොත්, රටක් විදිහට ඉදිරියට යා හැකියි. පාට පක්ෂ කුමක් වුණත් මෙය දේශපාලකයාගේ යුතුකම හා වගකීමයි. තාවකාලිකව ඔවුන් සැප වින්දත් ජනතාවගේ ශාපය නැවැත්විය නොහැක (නි)

:       0       0

මාදිනී Sunday, 17 July 2016 09:05 AM

සුසන්ත, ඔබ ලියූ දෙය ඉතා නිවැරදියි. එ්ත් අපේ සමහරක්ට තවම නොතේරෙයි. වෙනත් විදිහකට සිංහලයා බේද කර,රට බෙදීමේ අරමුණ වේගයෙන් ඉදිරියට යයි. (නි)

:       0       0

ටිකිරි Sunday, 17 July 2016 11:46 AM

සුසන්ත, අපි විඳි දුක ඔවුනුත් විඳින්නන ඕනෑ කියලා ඔයාට කියලා දුන්නේ කවුද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site