X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 18 වන සිකුරාදා


ප්‍රංශය සිරියා අයිඑස් කඳවුරුවලට උඩින් ගහයි

අයිඑස් ත්‍රස්තවාදීන් පැරිසියට එක්වර මරාගෙන මැරෙන ප්‍රහාර හතක් එල්ල කර දෙදිනකට පසු ප්‍රංශ ප්‍රහාරක ජෙට් යානා සිරියාවේ ඉස්ලාම් රාජ්‍ය (අයිඑස්) කැරලිකරුවන්ගේ බළකොටුව වන රඛා නගරයට ගුවන් ප්‍රහාර එල්ල කළ බව ප්‍රංශ ආරක්ෂක අමාත්‍යංශය කියයි.

එක්සත් අරාබි රාජ්‍යයෙන් හා ජෝර්දානයෙන් එක්වර අහසට නැගුණු ප්‍රංශ ජෙට් යානා 10ක් බෝම්බ 20ක් හෙළූ බව ප්‍රංශ ආරක්ෂක අමාත්‍යංශය කියයි.

ඇමරිකා හමුදා බළඇණි හා එක්ව එල්ල කළ මෙම ප්‍රහාර වලින් අයිඑස් අණ දෙන මධ්‍යස්ථානයක් ජෙහාඩ් කැරලිකරුවන් රඳවාගන්නා ස්ථානයක් පතරොම් ගබඩාවක් හා ජෙහාඩ් කැරලිකරුවන් පුහුණු කරන කඳවුරකට පහර දුන් බව තවත් නියමුවන් රහිත යානාවලින් එම ඉලක්ක මීට කලින් සොයාගත් බවත් ප්‍රංශය කියයි.

‘රඛා අයිඑස් බළකොටුවට එල්ල කළ ප්‍රහාර අති විශාලයි. ජෙහාඩ් කඳවුරු දෙකක්ම වනසා දැමුවා‘ ප්‍රංශ ආරක්ෂක නිලධරයෙක් ඒපී පුවත් සේවයට කීවේය.

බෝම්බ ප්‍රහාරයෙන් විනාශ කළ එක් මධ්‍යස්ථානයක් වූයේ ඩේෂ් ත්‍රස්තවාදීන්ගේ අණ දෙන කඳවුරකි. (ඩේෂ් යනු අයිඑස් ත්‍රස්තවාදීන් හඳුන්වන විකල්ප නමකි) අනෙක් ඉලක්කයවූ පුහුණු කිරීමේ මධ්‍යස්ථානය ආයුද හා පතරොම් ගබඩාවද විනාශ වූ බවත් ප්‍රංශ ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

ප්‍රංශ ජනාධිපති ප්‍රංශුවා ඔලන්ද් පැවසූයේ ත්‍රස්තවාදීන් ප්‍රංශයට එල්ල කළ ප්‍රහාරය පිටදී සැලසුම් කළ සංවිධානාත්මක ප්‍රහාරයක් බවයි.

‘ප්‍රංශයේ ප්‍රතික්‍රියාව කඩිනම්, එය නිර්භීතයි‘ ඔලන්ද් කියයි.

ආත්මාරක්ෂාව පතා මෙම ගුවන් ප්‍රහාරය එල්ල කළ බව ප්‍රංශ විදේශ ඇමැති කියයි. ප්‍රංශ අභ්‍යන්තර කටයුතු ඇමැති ප්‍රකාශ කළේ ත්‍රස්තවාදී නායකයන් සිරියාවේ සිට මෙම ප්‍රහාරය සැලසුම් කර බෙල්ජියමේ සිටි පිරිසක් ලවා ක්‍රියාත්මක කර ඇති බවයි.

ප්‍රංශ ගුවන් ප්‍රහාර එල්ල කිරීමත් සමග රඛා නුවර ජල හා විදුලි සැපයුම සිඳී ගියේය. සිරියාවේ මාධ්‍ය මධ්‍යස්ථානය අමාක් මධ්‍යස්ථානය පැවසූයේ අතහැර දැමූ ස්ථානවලට බෝම්බ දැමූ බවයි. කිසිවකු මිය නොගිය බවත් එම මධ්‍යස්ථානය පවසයි.

රඛා නුවර අයිඑස් කැරලිකරුවන්ගේ අගනුවර ලෙස 2013 සිට ප්‍රකාශයට පත් කර ඇත. දස ලක්ෂයක් වූ එහි ජනගහණය හාර ලක්ෂය දක්වා අඩුවී තිබේ. මේ අතර ප්‍රංශ පොලිසිය කියනුයේ බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර ඉපදුණු සලා අබ්දෙ සලාම් (26) පැරිස් ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවකු බවයි. ප්‍රංශය පුරා සෝදිසි මෙහෙයුම් මගින් සැකකරුවන් සොයන බව මැනුවල් වාස් අගමැති කියයි. බෙල්ජියම් - ප්‍රංශ සීමාවේ දකුණු දෙස පිහිටි නගර දෙකක් සෝදිසියට ලක් කළ බවත් ප්‍රංශය කියයි. වහාම ඉන්පසුව ත්‍රස්තවාදීන් හත් දෙනකු මරාගෙන මැරෙන බෝම්බ පටි පුපුරවාගෙන මියගිය බවද කියති.

අමෙරිකා ජනපති බරක් ඔබාමා පැවසූයේ ප්‍රංශයට හැකි සහායක්මදී පැරිස් ප්‍රහාරය සැලසුම් කළවුන් යුක්තිය හමුවට පමුණුවන බවයි. 



අදහස් (0)

ප්‍රංශය සිරියා අයිඑස් කඳවුරුවලට උඩින් ගහයි

ආනන්ද Monday, 16 November 2015 10:26 AM

අයි එස් අයි ත්‍රස්තයන් බිහි කළේ බටහිර රටවල් (හේ)

:       0       0

සෙනරත් Monday, 16 November 2015 01:22 PM

මොකද දැන් ගහන්නේ ? රුසියාව ගහනකොට ඒක විවේචනය කරානේ. මේක හොද පාඩමක් අනෙකුත් බටහිර රටවලට, ත්‍රස්තවාදයට උඩගෙඩි දෙනවට. (ර)

:       0       0

නුවන් Monday, 16 November 2015 03:31 PM

ආනන්ද, අනේ ඔව්... (ර)

:       0       0

පිටිගල මිලානෝ Monday, 16 November 2015 05:43 PM

උඩින් ත්‍රස්තයන්ට ගහන එක මානව අයිතිවාසිකම් කැඩීමක් කියල දැන් ඉතින් මිලිබෑන්ඩ්ටයි හිටපු ප්‍රංශ විදේශ ඇමති කර්ෂ්නර්ටයි ලංකාවට අවා වගේ පැරිසියට ගොස් හොලන්දෙට කියන්න තියෙන්නේ අපිට කියපු දේම.(රේ)

:       0       0

අබය Monday, 16 November 2015 08:17 PM

ඒකතමයි පිටිගල, නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ !!!! (නි)

:       0       0

නුවන් Tuesday, 17 November 2015 02:42 PM

ගුවනින් බෝම්බ දාන එක වීරකමක්ද? මම ත්‍රස්තවාදීන්ට උඩගෙඩි දෙනවා නොවේ. නමුත් හිතන්න ත්‍රස්තවාදීන් කළ මෙහෙයුමේ සාර්ථක බව ඔප්පුවෙනවා නොවේද ඒ බෝම්බ පිපිරවීමෙන්ම. නමුත් ප්‍රංශයට හෝ කිසිදු බටහිර රටකට සාර්ථක ගොඩබිම් මෙහෙයුමක් මඟින් ත්‍රස්තවාදී නායකයෙක් මරාගන්න හැකිව නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site