X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


ප්‍රංශ පොලිස් හොරා ප්‍රංශය හොල්ලයි

මෙම මිහිතලයේ නැවෙන්, ගුවනින්, ගොඩ බිමෙන් මත් ද්‍රව්‍ය ප්‍රවාහනය සිදුවෙයි. ප්‍රංශය යනු එවැනි මත් ද්‍රව්‍ය ප්‍රවාහනය සිදුවන යුරෝපයේ රටවල් අතර රටකි. දහස් ගණනක් ගුවන් ගමන්, මුහුදු ගමන්, දුම්රිය ගමන් හා දේශ සීමා හරහා වාහන ගමනා ගමනය සිදුවන රටකි ප්‍රංශය. එම නිසාම ඉතාමත් සූක්ෂ්ම දැඩි ආරක්ෂක දැළකට මුළු ප්‍රංශයම හසුකර ඇත්තේය.

රහස් පරීක්ෂකයෝ හා රාජ්‍ය ආරක්ෂකයෝ මුළු පැය 24 පුරාවට උකුසු ඇස් යොමා සිටිති. එනමුදු එම දැල් වලින් රිංගා පැන යන හොරුන්ද නැතුවාම නොවේ. එවැනි හොරෙක් පසුගියදා  ප්‍රංශයේදි අත්අඩංගුවට පත් වුයේය.

ඔහු එසේ මෙසේ හොරෙකු නොව ප්‍රංශ පොලීසියේම හොරෙකු වීම ප්‍රංශ ආරක්ෂක පරිපාලනය සසල කිරීමට හේතු වුයේය. ප්‍රංශයේ අගනුවර පැරීසියේ කලාප අංක 01හී ඕන් ෆෙව්ර් යනුවෙන් හදුන්වන ප්‍රධාන මාවත පැරීසියේ අධි ආරක්ෂිත කලාපයට අයත් සුවිශේෂි පාරකි. ප්‍රංශ ජනාධිපති මන්දිරය, අගමැති නිල කාර්යාලය  බ්‍රිතාන්‍යය ඇමෙරිකානු තානාපති කාර්යාල  ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යාංශය පිහිටා ඇත්තේ ඉහත මාවතට ඉතාමත්ම නුදුරිනි .

ප්‍රංශ පොලිසියට අයත් විවිධ සුවිශේෂි අංශයන්හී ප්‍රධාන කාර්යාල පිහිටා ඇත්තේද මෙම මාවතේය. ඒ අතරින් ප්‍රංශයේ මත් ද්‍රව්‍ය නාෂක අංශයේ විශේෂ අංශය පිහිටා ඇත්තේ මෙහි අංක 36 ගොඩනැගිල්ලේ තුන්වන මහලේය. එහි තෙවන මහලේ විශේෂ පිවිසුම් ගනනාවක් පසුකර විශේෂ කාමර දෙකකින් ඇතුළුවූ පසු සේප්පු ආකෘතිය හැඩ ඇති එම යාන්ත්‍රික ක්‍රියාකාරිත්වය ඇති අති විශේෂ කාමරයක් ඇත්තේය. එහි දොරගුලූ විවෘත කිරීමට විශේෂ යතුරක් ඇත්තේය.

එම යතුර යාබද කාමරයක බිත්තියේ සවිකල පෙට්ටියේ සුරක්ෂිතව තැන්පත් කර ඇත්තේය. මෙම පෙට්ටිය විවෘත කිරීමට රහස් අංකයක් ඇත්තේය. මෙහි පරිපාලන නීතියට අනුව එම රහස් අංකය දන්නා එම අංශයේ ඉහල පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සිටිති. එයින් කෙනෙක් මෙම පෙට්ටිය විවෘත කිරීමට අවශ්‍යය වන්නේය. ඒ සමගම විවෘත හා සංවෘත කිරීමේදි ලඝු පොතක සටහන් තැබීම අනිවාර්යය.

 එයින් පසු නැවත ලඝු පොතක ඇතුල්වීම හා පිටවීමේ අත්සනින් පසු ඉහත කාමරයේ සේප්පු දොර විවෘත කල හැක්කේය. එවැනි පරිසරයක පිහිටි එම කාමරයේ තැන්පත් කර තිබූ කිලෝ 52.6ක් වූ කොකේන් මත් ද්‍රව්‍ය ප්‍රමානයක් පසුගිය ජූලි 27 වෙනිදා අතුරුදහන් වුයේය. අප්‍රිකාවේ සෙනගාලය පසුකර ප්‍රංශය හරහා ගමන් කල කිලෝ 52.6ක කොකේන් මත් ද්‍රව්‍ය පාර්සල් කිහිපයක් ජූලි මස 05 වෙනිදා අත් අඩංගු ගෙන සුරක්ෂිතව තබා ඇත්තේ¦ ඉහත සදහන් ප්‍රංශ පොලිස් මත් ද්‍රව්‍ය නාෂක අංශයට අයත් සුවිශේෂි කාමරයේය.

 එම මත් ද්‍රව්‍ය අවසාන සුපරික්ෂාවට හසුකර ඇත්තේ ජුලි 23 වෙනිදා ය. එනමුදු ජූලි 27 වෙනිදා එම මත් ද්‍රව්‍ය පාර්සල් අතුරුදහන්වී ඇති බව පොලිසිය සොයා ගත්තේය. මෙම සිද්ධිය පොලිසියේ අභ්‍යයන්තර පරිපාලනයට පමනක් සීමා වුවද¦ ප්‍රංශයේ පළවන ප්‍රබල පුවත් පතක් වන ලිබරේෂන් පුවත් පත මෙම සොරකම මාධ්‍ය හරහා ප්‍රංශ ජනතාව දැනුවත් කළේය.

ඒ හේතු කොට ප්‍රංශයේ අභ්‍ය්‍යන්තර ආරක්ෂක අංශය හා ප්‍රංශ පොලීසිය සසළ වුයේය. අභ්‍යයන්තර ආරක්ෂක ඇමැති තුමාට මාධ්‍ය ඉදිරියේ ඒ සම්බන්ධව කරුනු පැහැදිලි කිරීමට  පවා සිදු වුයේය.

 මේ අතරතුර ආරම්භ කළ පරීක්ෂණ ඔස්සේ පැරීසියේ සිට දකුණු දිග ප්‍රංශයේ කිලෝ මීටර් 850ක් දුරින් ස්පාඤ්ඤ දේශ සීමාවට මායිම්ව පිහිටා ඇති පෙපිනියොන්ග් නගරයේදි නිවාඩුව ගත කිරීමට ගොස් සිටි ඉහත පොලිස් අංශයේ සේවයේ නියුතු වයස අවු: 34ක් වූ නිවාස හතකට හිමිකරුවෙක්වූ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටින්නේය.

 ඔහු අත්අඩංගුවට පත් අවස්ථාවේ යුරෝ විසිදාහක නෝට්ටු සොයා ගැනීමට හැකිවූ අතර අන්තර් ජාලයේ සූදු කෙලීමෙන් එම මුදල් උපයා ගත් බව ඔහු පවසා ඇත. ඔහුගේ ජංගම දුරකථන තොරතුරු මත වෙනත් පොලිස් නිලධාරීන් දෙදෙනෙක්ද අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටින්නේය.කෙසේ නමුදු මේ වන තුරු එම මත් ද්‍රව්‍ය ප්‍රමානයට සිදුවූ දෙයක් සොයා ගැනීමට ප්‍රංශ පොලීසිය අසමත්වී ඇත්තේය.

 ප්‍රංශයේ බොහෝ විට විවිධ මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන් නීතියේ රැහැනට හසුකර ගෙන ඇත්තේය. ඊට සමාන්තරව එහි මුල් හා අතර මැදි ප්‍රබලයෝද නීතිය ඉදිරියට පැමින වීමට ප්‍රංශ පොලීසියට හැකිවී ඇත්තේය. එනමුදු කිසිදු ප්‍රංශ දේශපාලකයෙක් එම ජවාරම් වලට සම්බන්ධ බවක් මේ වන විටත් සොයා ගෙන නැත්තේය. එනමුදු ඉන්දීය සාගරයේ මුතු ඇටය ඒ සදහා ලෝක ප්‍රසිද්ධය.



අදහස් (0)

ප්‍රංශ පොලිස් හොරා ප්‍රංශය හොල්ලයි

අනුෂා Monday, 11 August 2014 10:39 AM

අපේ පොලිස් අපරාධ විමර්ශන කාර්යාංශයේ කෙනෙකුත් මේ වගේ වැඩක් කලා නේද? (දී)

:       0       0

ගාමිණී - සිරිවර්දන Monday, 11 August 2014 12:56 PM

ජුලි 23 - 27 දින 4 කදී කිලෝ 52.6 ක් සහායක් නොමැතිව තනියම රැගෙන යාම ඔය ආරක්ෂාව යටතේ කළ නොහැකිය. සුවිශේෂී සුරක්ෂිත ගබඩා කාමරයට අතුල්වෙනවා, පිටවෙනවා සී.සී.ටී.වී කැමරා පද්ධිතියක සටහන් වී නැද්ද? (නදී)

:       0       0

චමින්ද Monday, 11 August 2014 01:22 PM

බටහිර රටකට යම් කිසිවෙක් අහුනොවී මත්ද්‍රව්‍ය කිලෝ එකක් ගෙනියනවා කියන්නේ ඒ කෙනා ගොඩම තමා. මොකද එකේ වීදි වටිනා කම ඩොලර් මිලියන ගානක් වෙනවා. මම අහපු දෙයක් තමයි ලංකාවට කුඩු කිලෝ එකක් ගේන්න යන වියදම රුපියල් ලක්ෂ පහයි. විකුණන මුදල ලක්ෂ සියයකට කිට්ටුයි කියලා. ඔන්න ඔය හේතුව නිසා තමයි, කට්ටිය වැඩේට බැහැලා ඉන්නේ. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Monday, 11 August 2014 10:51 PM

චමින්ද,මොකද කියන්නේ? වැඩේ බාරදෙමුද අපේ පොලීසියට? (නි)

:       0       0

නැනී Tuesday, 12 August 2014 03:17 AM

චමින්ද, ඔය ගණන් මිමි වැඩිය ප්‍රචාරයට දාන්න එපා.(නදී)

:       0       0

සඳරු Tuesday, 12 August 2014 07:34 AM

ලංකාවට ආවා නම් ඕක කරන විදිහ හොඳට ඉගෙනගන්න තිබුණා. (නි)

:       0       0

චමින්ද Tuesday, 12 August 2014 08:23 AM

ඔය ගණන් මිමි, දේශපාලනයට සම්බන්ද කෙනෙක් ප්‍රසිද්ධියේ කරපු කතාවක්. ඒ වීඩියෝ එක මට අන්තර්ජාලයෙන් දැකගන්නට ලැබුනා. (නදී)

:       0       0

නන්ද Wednesday, 13 August 2014 03:54 AM

ඔව් චමින්ද , දේශපාලනයට සම්බන්ධ අය තමයි වැඩියෙන් ඕවට සම්බන්ධ. (නි)

:       0       0

කුමාරි Wednesday, 13 August 2014 05:06 AM

මම බය වුණා හරියටම ගණන් කියද්දී චමින්දත් ඉන්නේ වැඩේට බැහැලද කියලා. (නි)

:       0       0

රේණුක Friday, 15 August 2014 09:16 PM

දැන් ලංකාවට නම් කියන්න වෙන්නේ ඉන්දියන් " සාගරයේ කුඩු බඳුන ' කියලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site